Monday, October 6, 2014

දෘඩ තැටිය සැකෙවින්

Hard Disk ගැන සැකෙවින්...



             දෘඩ තැටි පිළිබදව තාක්ෂණික පැත්තෙන් ලියවුනු ලිපි බොහොමයි. නමුත් සිංහලෙන් ඒ පිළිබදව පලවි ඇත්නම් ඒ අතලොස්සක්. ඉතින්  මම නොයෙකුත් ලිපි බලමින් ඉන්න අතරේ දෘඩ තැටි පිළිබදව වැදගත් ලිපි බොහොමයක් දැක්කා. ඉතින් ඒ තොරතුරැත් තව තවත් තොරතුරැ හොයාගෙන අපේ යාලුවන්ට වැඩිපුර කරැණු කාරණා දැනගන්න හැකි වෙන්නත් එක්ක සමහර තැන් සිංහලට පරිවර්තනය කරලා පලකරන්න තමා මේ වෑයම.මෙම ලිපිය සදහා  ප්‍රස්තුත කරැණු පලකරපු උදවියට ඉංගිරිසියෙන්ම මම මෙහෙම කියනවා. හොදටම Thanks.
              පරිගණකය තුල ප්‍රධානම ද්විතියික මතක උපාංගය(Secondary storage device) මෙන්ම ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය(Operating system) ස්ථාපිත කරනු ලබන ස්ථානය වන්නේ ද දෘඩ තැටියයි(Hard disk). අන්න එහෙම තමයි දෘඩ තැටියට එහෙමත් නැතිනම් අප කොයි කවුරැත් දන්න හාඩ් ඩිස්කයට නිර්වචනයක් දෙන්නේ මම. අද කාලයේ විශාල ධාරිතාවයකින් යුත් ගබඩා කිරීමේ උපාංග බො‍හොමයක් ඇතුලත කැරකෙන හෙල්ලෙන පෙරලෙන යකඩ හෝ කාන්දම් කොටස් වලින් සමන්විත වී ඇති බව ඔබ දන්නවා ඇති. අපි භාවිතා කරන mini SD වැනි ඩිජිටල් පරිපථයකට මේ හා සමාන data capacity එකක් දරන්න බැරි විත්තියත් දන්නවා ඇති.ඒ නිසයි දත්තවලට කොච්චර අවධානම් පරාසයක් තිබුනත් තවමත් ඉහල ගබඩා කිරීමේ ශක්තියක් ඇති නිසා ඇතුලත චලනය වෙන කොටස්වලින් සමන්විත මෙම දෘඩ තැටිම භාවිතා කරන්නේ. ඉතින් ඉහතින් කීව physical කොටස් එකට වදින ශබ්දය තමයි හාඩ් ඩිස්කය කලක් භාවිතා කරද්දි අපිට ඇහෙන්නේ. ඉතින් මේ අලුතෙන් ගත්තු ඒවගේ නෙමෙයි බොහෝ පැරණි දෘඩ තැටි වලින්තමයි මෙහෙම "කර කර" වැනි හඬක් ඇහෙන්නේ. සමහර විට මෙම හඬ ඉතා ඝෝෂාකාරීවන තරමටම ප්‍රබලයි. නමුත් අපි කවුරුත් දන්නා පරිදි දෘඩ තැටියක් යනු ඉතාමත්ම සියුම්උපාංගයක්. ඉතින් එවැනි සියුම් උපාංගයකින් මෙවැනි හඬවල් පැමිනෙන්නේ, දෘඩ තැටියේකුමන කොටසින්ද? ඔයාල දන්නවා ඇති මේ හෙඩ් එක හා තැටි අතර මිලි මීටර් දශම ගානක ඉඩක් තියලා තමයි ඒ ඒ සමාගම් විසින් මේවා නිපදවන්නේ. එහෙම ‍තියෙද්දි හෙඩ් සහ තැටිනොගෑවෙන නිසා කුමක් වන විටද මෙම හඬවල් එන්නේ? ඒ ඉතින් දත්ත ගබඩා කරල කරලා ආයෙත් ඒවා මකල මකල , තව හිටි ගමන් කරන්ට් ඩවුන් උනාම, නොදන්න අය ක්‍රමවත් ෂට් ඩවුන් ක්‍රියාවලියෙන් බැහැරව පරිගණකය ඩොග් ගාල ඕෆ් කරාම එහෙම තමයි හාඩ් ඩිස්කයේ ප්ලැටර්ස් හා සෙක්ටර්ස් සවුත්තු වුනාම ඒ වගේ කර කර සද්ද එන්නේ. දෘඩ තැටියෙන් විවිධ හඬවල් ඒමට හේතු ඒ දැක් වූ  හේතු තමයි.ඒකට නම් අලුත් හාඩ් ඩිස්ක් වලS.M.A.R.T technology කියල තාක්ෂණයක් ඔබ්බවල එවන්නේ හාඩ් ඩිස්ක වල healthඑක දැනගන්න පිළිබදව යම් මිම්මක් තියාගන්න හැකිවෙන විදිහටයි. කතාවෙන් ගොඩක් ඈතට යනවා වගෙයි දැන්.

ඉතිහාසය

                    
    ඉතින් වර්තමානයේ නැතුව බැරි මෙවලමක් වන දෘඩ තැටිය ලෝකයට දායාද කරනු ලැබුයේ විද්වතුන් දෙදෙනෙක් විසිනි. ප්‍රංශයේ ඇල්බට් ෆර්ට් සහ ජර්මනියේ පීටර් ග්රුවර්න්බර්ග් දෙදෙනා දෙදෙනා විසිනි. මේ නිසාවෙන් 2007 වසරේදී භෞතික විද්යා සදහා වන නොබෙල් ත්‍යාගය හිමි කර ගැනීමටද මොවුන් දෙදෙනා සමත් විය. මෙම විද්‍යාඥයින් දෙදෙනා විසින් තනි තනිව සොයාගනු ලැබුයේ ඉතා කුඩා කාන්දම් වෙනසක් (අවම චුම්බක විචලනයක්) මගින් වඩා වැඩි විදුලි ධාරා වෙනසක් (සැබවින්ම විද්යුත් සන්නායකතාවේ විශාල විචලනයක්) ඇති කල හැකි සිදුවීමක් (භෞතික ආචරණයක්) තිබෙන බවය. මෙය හදුන්වනු ලැබුනේ ජී.එම්.ආර් (GMR - Giant Magneto Resistance) හෙවත් යෝධ චුම්බක ප්‍රතිරෝධතාවය ලෙසයි. මෙම දෘඩ තැටියක තොරතුරු ගබඩා කරන්නෙ කාන්දම්වල සිදු කරන වෙනස්කම් හෙවත් චුම්භක ක්ෂේත්‍රයේ වෙනස්කමක් මගිනි. මේ වෙනස්කම් දත්ත කියවන/ලියන හිස මගින් හදුනා ගෙන ඊට අනුරූප විදුලි ධාරාවක් නිපදවයි. එය ඩිජිටල් මාදිලියට පෙරලා ගැනීමෙන් දෘඩ තැටියේ ඇති දත්ත පරිගණකය විසින් හදුනාගනී. මේ නිසා දෘඩ තැටියෙහි ඇති තොරතුරු කියවීමට පුළුවන්කම ලැබීමේ පළමු කොන්දේසිය වන්නේනේ එහි ඇති චුම්බක වෙනස තොරතුරු කියවන හිසට හදුනාගත හැකි තරම් විශාල විය යුතු බවයි. වැඩි තොරතුරු ප්රමාණයක් රඳවා ගැනීමේ හැකියාව තබා ගෙන දෘඩ තැටියක් කුඩා කිරීමට බැරි, එවිට චෘඩ තැටියේ ඇති චුම්බක කොටසේ බලසම්පන්නකම අඩුවීමය. දැන් සංවේදී හිසට එය කියවීමට බැරිය.වර්ෂ2007 දී නොබෙල් ත්‍යාගය දිනූ ඇල්බට් ෆර්ට්ගේ සහ පීටර් ග්රුවන්බර්ග්ගේ සොයා ගැනීමේ වැදගත්කම මතුවෙන්නේ මෙතැන දීය. එනම් ජී.එම්.ආර් සිංසිද්ධිය වටින්නේ මෙතැනදීය. ඒ ඉතා පොඩි චුම්බක වෙනසක් නිසාත් හොදට හදුනා ගන්නට පුළුවන් තරම් විශාල විදුලි වෙනස්කමක් ඇති වන විදිහ ජී.එම්.ආර් සංසිද්ධියෙන් විස්තර වන නිසාය.
                               මේ ජී.එම්.ආර් තාක්ෂණය යොදා ගෙන වැඩි තොරතුරු ප්‍රමාණයක් රැදවිය හැකි, ප්‍රමාණයෙන් කුඩා දෘඩ තැටි 1997 දි වෙළදපොලට ආවේය. එදා පටන් එය අද දක්වාම භාවිතයේ තිබේ. මේ භාවිතයේ වැදගත්කම ගැන නොබෙල් තෑග්ග පිරිනමන ස්වීඩනයේ රාජකීය විද්යා ඇකඩමියේ සාමාජිකයෙකු වන බෝර්ජ් ජොහැන්සන් කියන්නේ මෙසේය. ""මේ සොයා ගැනීම නොකරන්නට MP3 මාදිලියේ ගීත හෝ අයිපොඩ් එකක්වත් අද නැහැ. ඒ වගේම මයික්‍රෝ ඩ්‍රයිව්ස් කියා දෙයක් ඇත්තේම නැති වෙන්නට තිබුණා. ‍මේmicro drive කියද්දි මතක් වුනේ මා ගාව දැනට තියෙන පරණ ලොට්ට ෆෝන් එකෙත් තියෙන්නේ micro drive එකක්. ඒක ඉතින් 2000 වසරේ විතර හදපු ගිගා බයිට 8ක දත්ත ගබඩා කිරීමේ ශක්තිය ඇති එකක් . ඉතින් එවැනි ජංගම දුරකතන වල වගේම අයිපොඩ්වල තිබෙන ප්‍රමාණයෙන් පොඩි හාඩ් ඩ්‍රයිව් එකක ගීත සිය ගණනක් රැදවිය හැක්කේ මෙවැන්නක් එහි තිබෙන නිසාය. එය නොවී සාමාන්‍ය සෙන්ස්රයක් තිබුණොත් අයිපොඩ් එකක රැදවිය හැක්කේ වැඩිම වුණොත් එක ගීතයන් පමණි.මේ විදිහට ටිකින් ටික ගොඩ නැගුණු දෘඩ තැටියෙහි තාක්ෂණය නිසාවෙන් ලොව දත්ත ගබඩා කර ගබාගැනීමේ ප්‍රධාන මාධ්‍යක් ලෙස මෙය භාවිතයට පත්ව තිබෙනවා. ඔබට පරිගණකයත් තිබෙනවානම් ඔබ ඇත්තෙන්ම දෘඩ තැටියක් දැක තිබෙනවා. නොදැකපු කෙනෙක් නැති තරම්. මෙම දෘඩ තැටිය අපි විවිද වෙනස්කම් සිදු කරමින් භාවිතයට ගන්නවා ඔබේ සිහියට නගා ගන්න,පාර්ටිශන් කිරීම, තොරතුරු ඇතුලත් කිරීම, මකා දැමීම, ෆෝමැට් කිරීම වැනි ගොඩක් දේවල් පහතින් සාකච්ඡා කර බලමු.





හාඩ් ඩිස්ක් එකක් තොරතුරු ගබඩා කරන හැටි 

    හාඩ් ඩිස්කයක මූලිකම කොටස එදි දත්ත ගබඩා කොට තිබෙන තැටියකි. ඩ්‍රයිව් ප්ලැටර්ස් (Drive Platters) කියා හදුන්වන මේ තැටිය මතුපිට කොබෝල්ට් හා ප්ලැටිනම් කණිකා තිබේ. මෙවැනි කණිකා 50-110 අතර ගණනක සිහිටුමෙන් තොරතුරු බිටුවක් (1bit) ගබඩා කෙරේ.. මේ කණිකා නියමිත දිශාවක් ඔස්සේ පිහිටන කාන්දම් පද්ධතියක් බවට පස් වූ විට හෙවත් චුම්බකිත වූ (Magnetized) විට මේවා බිටු "1"හෝ "0" නිරූපණය කරන තැනට හෙවත් ඩිජිටල් මාදිලියට හැරේ. මේ ප්ලැටර්ස් මතින් සමීපව ගමන් කරන කියවීමේ/ලිවීමේ හිස (Read/Write Head) මඟින් ප්ලැටර්ස් මතුපිට චුම්භක රටාව කියවයි. එසේම විධානයක් දුන් විට ඒ හිසෙන්ම මේ චුම්භක රටාව වෙනස් කරයි. හෙවත් අලුත් තොරතුරු ලියයි. ඩ්රයිව් එකක් තුළ ප්ලැටර්ස් එකක් හෝ කීපයක් තිබිය හැකිය. පරිගණකය ක්රියාත්මක කළ විට ඩ්‍රයිව් එකෙහි ඇති ප්ලැටර්ස් ඩ්රයිව් එකෙහිම ඇති මොටරයක් මඟින් තප්පරයට රවුම් 60-120ත් අතර වේගයකින් කරකැවේ. එවිට එහා මෙහා යන හිස මඟින් එහි ඇති "තොරතුරු" උකහා ගනී. මෙසේ ප්ලැටරය මත තොරතුරු ගබඩා කොට තිබෙන්නේ ඛණ්ඩක හෙවත් සෙක්ටර්ස් (Sectors) හා මංපෙත් හෙවත් ට්රැක්ස් (Tracks) කියා හඳුන්වන පොටස්වලය. දැන් තිබෙන හාඩ් ඩ්‍රයිව් එක තනා තිබෙන්නේ මේ උපාංග සමඟ ඒවා හසුරුවන විද්යුත් පරිපතයද දැඩි ලෝහමය ආවරණයන් තුළ අසුරා තැබීමෙනි. ඒ දූවිලි, තෙතමනය යනාදියෙන් ප්ලැටර්ස් බේරා ගන්නටය. තොරතුරු හොදින් කියවා ගැනීම සදහා මේ ප්ලැටර්ස් මුහුණ බලන කණ්නාඩියක් සේ පෙනෙන තරමට සියුම්ව උප දමා තිබේ.       ඉතින් පරිගණක යන්ත්‍රයෙහි මෙහෙයුම් පද්ධතියේ (Operating system) සිට සියළුම මෘදුකාංග(Software) ස්ථාපනය සහ වෙනත් සියළුම දත්ත සහ තොරතුරු ගබඩා කර ගබාගැනීම සඳහා යොදවා ගන්නා ප්‍රධාන මාධ්‍ය වන්නේ පරිගණකයෙහි දෘඩ තැටියයි (Hard disk). අප විසින් පරිගණකය තුල සුරක්ෂිතව තැන්පත් කරනු ලබන සියළුම වැදගත් දත්තයන් සහ තොරතුරු සියල්ලම නිසි පරිදි ආරක්ෂා කරගැනීමට දෘඩ තැටියෙහි ආරක්ෂාව පිළිබඳව කල්පනාකාරී විය යුතුය.විශේෂයෙන්ම මෙහෙයුම් පද්ධතිය සහ සියළුම මෘදුකාංග ස්ථාපනය වන්නේ දෘඩ තැටිය තුල නිසා ඒ පිළිබඳව මනාව අවබෝධයෙන් සිටිය යුතුයි.නැතිනම් බොහෝ වටිනා මෘදුකාංග මෙන්ම ඔබගේ වටිනා දත්තයන් වෙනත් මාධ්‍යයක් තුල සුරක්ෂිත කර තබාගැනීම වඩාත් යෝග්‍ය කටයුත්තක්.


         


            බොහෝ විට නවීන පන්නයේ එස් එස් ඩී ( S S D) වර්ගයේ ධාවක තුල තැටි අඩංගු නොවේ.ඒ කියන්නේ අර ඉහතින් කිව ඇතුලතින් එහාට මෙහාට වෙන කොටස් මේ S S Dවර්ගයේ තැටි තුල නැහැ.ඇත්තේ පරිපථ කොටසක් පමණයි.මේවා තුල මතකය රඳවා ගනු ලබන්නේ ෆ්ලෑෂ් මතක චිප් (Flash memory chip) තුල ගබඩා කර ගනිමින්.ඒ නිසා මේවා යොදා ගැනීමේදී බල සැපයුම නිවැරදිව භාවිතා කළ යුතු මෙන්ම වඩාත් ආරක්ෂා කාරී විය යුතුය.මේවා ඉතා වේගවත්ව දත්ත සම්ප්‍රේෂණය කරනු ලබන අතර මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය සඳහා වඩාත් යෝග්‍ය වේ.මේවා දැවී යාමක් සිදුවුවහොත් තැන්පත් කර ඇති දත්ත නැවත ලබාගත නොහැක.ඒ නිසා වටිනා දත්තයන් තැන්පත් කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුයි.ඒ වගේමයි මේවයේ ගානත් ගොඩක් සැරයි.


හාඩ් ඩිස්ක් එකක් පාර්ටිෂන් කිරීමේ දී සිදුවන ක්‍රියාවලිය


            හාඩ් ඩිස්ක් එකක් භාවිතයට පෙර පාටිෂන් කළ යුතු අතර මෙවිට ඒ එක් පාටිෂන් එක වෙනමම ඩිස්ක් එකක් ලෙස භාවිත කළ හැකි වේ. හාඩ් ඩිස්ක් එකක් පාටිෂන් කළ විට ඒ එක් එක් පාර්ටිෂන් එකේ ආරම්භක සෙක්ටරයත් අවසාන සෙක්ටරයත් පිළිබද තොරතුරු පාටිෂන් ටේබල් නම් ස්ථානයේ සටහන් වෙයි. මේ නිසා යම් පාර්ටිෂන් ටේබල් එක කියවා බලා එහි ඇති තොරතුරු අනුව විස්ක් හෙඩ් එක නියම ස්ථානය වෙත ගෙන යනු ලබයි. මීට අමතරව පාටිෂන් ටේබල් එක මත ඇති මාස්ටර් බූට් ප්‍රෝග්‍රෑම් එක මගින් පරිගණකය බූට් වන අවස්ථාවේ ඊට අදාළ පාටිෂන් එක වෙත ඩිස්ක් හෙඩ් එක යොමු කරවීමත් කරයි. 





               ඕනෑම පාටිෂන් එකක් ෆෝමැට් කිරීමේ දී එම පාටිෂන් එක මූලික කොටස් හතරකට බෙදේ. එනම්, බූට් සෙක්ටර්ස් (Boot Sector), ඩේටා ස්පේස් (Data Space), ෆයිල් අලෝකේෂන් ටේබල් හෙවත් ෆැට් (FAT - File Allocation Table),ඩිරෙක්ටරි ඒරියා (Directory Area) වශයෙන් තමයි ඒ.අපි බලමු මේවා එකින් එක මොනවද කියලා.


බූට් සෙක්ටර්
බූට් සෙක්ටරය තුල වැදගත් තොරතුරු කොටස් දෙකක් තිබේ. ඒවා නම්, බූට් ස්ට්රැප් ප්රෝග්රෑම් (Boot Strap Program), බූට් පැරා මීටර් (Boot Parametre).බූට් ස්ට්රැප් ප්රොග්රෑම් එක තිබෙන්නේ ඔපරේටින් සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කර ඇති පාටිෂන් එකක් තුළ පමණි. මෙමගින් ඔපරේටින් සිස්ටම් ලෝඩ් කරවීමේ මූලික ක්රියාවලිය අරඹයි. බූට් වයිරස් එකකින් මෙම කොටස ආසාදනය වූ විට ඔපරේටින් සිස්ටම් එක කෝඩ් වනවාත් සමගම වයිරසය ද ක්‍රියාත්මක වේ. බූට් පැරාමීටර් කොටස්, අදාළ පාටිෂන් එකේ පිහිමීට පිළිබද සවිස්තර වාර්ථාවක් ඇත. Byte Per Second Perclustor, No of Copies Of FAT, No of Sector for Fat යනා දී වශයෙනි. පාටිෂන් එක තුළ විවිද ස්ථාන හදුනා ගැනීම සදහා බූට් පැරාමීටර් (Boor Parameter) භාවිතා වේ.



ඩේටා ස්පේස්
පාටිෂන් එකේ මුළු ඉඩ ප්රමාණයෙන් 99.7% පමණ වූ බහුතර බඩ ප්රමාණය ඩේටා ස්පේස් නම් කොටසට අයත් වේ. ෆයිල් සේව් කිරීමේදී ඒවායේ ඇති තොරතුරු සටහන් වන්නේ මෙම තොටසෙහිය. 
පිළිවෙලකට දත්ත සටහන් කොට තැබීම සදහා ඩේටා ස්පේස් එක ක්ලස්ට (Cluster)වලට බෙදා එක් එක් ක්ලස්ට සදහා විශේෂ ඇඩ්රස් (Address) එක බැගින් සපයා ඇත. මෙම ඇඩ්රස් එක මඟින් ඕනෑම ක්ලස්ටරයක් වෙත නිවැරදි ඩිස්ක් හෙඩ් එක ගොන යාම සහතික කරයි.



ෆයිල් ඇලෝකේෂන් ටේබල් හෙවත් ෆැට්
ඩේටා ස්පේස් හි ඇති සෑම ක්ලස්ට එකක්ම ඇඩ්රස් එකක් ඊට අදාළ ස්ටේටස් එක හෙවත් තත්වයත් මෙම කොටස තුළ සදහන් වේ. ෆැට් එක කියවීම මඟින් ඩේටා ස්පේස් හි ඇති ඕනෑම ක්ලස්ට එකක්, ෆයිල් සේව් කිරීමට භාවිත කොට තිබේද, නැතිනම් අලුත් ෆයිල් එකක් සේව් කිරීමට භාවිත කළ හැකි ද, එසේත් නැත්නම් ප්රයෝජනයට ගත නොහැකි බෑඩ් ස්ලස්ටර් (Bad Clustor) සේ පවතී ද, යන්න බලා ගත හැක.



ඩිරෙක්ටරි ඒරියා 
පාටිෂන් එක මත සේවා කර ඇති ෆයිල්වල Name, Size, Attributes යනාදී තොරතුරා හා ඩේටා ස්පේස් හි භාවිත කර ඇති පළමු ක්සස්ටරයේ ඇඩ්රස් එක යන මේවා ඩිරෙක්ටරි ඒරියා එකේ සටහන් වී තිබේ. (Directory Name) ද මීට අතුලත් වේ. 



ෆයිල් එකක් සේව් කීරීමේ ක්‍රියාවලිය 
යම් කිසි ෆයිල් එකක් සේව් කරන ලෙස පරිගණකයට දැන් වූ විට, ඩිරෙක්ටරි ඒරියා එකේFile Name, Size, Attributes ආදී තොරතුරු ඇතුළත් කරයි. දත්ත ලිවීමට සුදුසු ක්ලස්ටස් එකක් හෙවත් ස්ටේටස් එක 0000 ලෙස ඇති ක්ලස්ටර් එකක් ෆැට් එක මත සොයා බලයි. උදාහරණයක් ලෙස මෙසේ හමු වූ ක්ලස්ටරයේ ඇඩ්රස් එක 0003 යැයි සිතමු. ඩිරෙක්ටරි ඒරියා එකේ File Name එකට ඉදිරියෙන් පළමු ක්ලස්ටරය ලෙස0003 ඇතුළත් කරයි. ඉස්පසු ඩේටා ස්පේස් හි 0003 නම් ක්ලස්ටරය තුළ දත්ත ලිවීම ඇරඹේ. එම ක්ලස්ටර් එක 0000 තත්වයේ ඇති ක්ලස්ටර් එකක් ගැන සොයා බලයි. මෙවිට ලැබෙන ක්ලස්ටර් ඇඩ්රස් එක 0005 වූයේ යැයි සිතමු. ෆැට් එක මත 0003 නම් ක්ලස්ටර් ඇඩ්රස් එකේ ස්ටේටස් එක 0005 ලෙස සදහන් කරයි. (Next Clustor).ඉන්පසු ඩේටා ස්පේස් හි 0005 වන ක්ලස්ටරයේ දත්ත ලියා අවසන් වි ඇත්නම් ෆැට් එකේ0005 දරණ ක්ලස්ටර් ඇඩ්රස් එකේ ස්ටේටස් එක ffff ලෙස ලියා තබයි. 
            දැන් මෙම ෆයිල් එක කියවීමේ දී ඩිරෙක්ටරි ඒරියා එකෙන් File Name එක සොයාගෙන, පළමු ක්ලස්ටර් ඇඩ්රස් එක සොයා ගනී. අනතුරුව ෆැට් එක කියවීමේන් අවසානය දක්වා වූ ඉතිරි කලස්ටර් සොයා ගක හැකි නිසා ඩේටා ස්පේස් වෙතින් අවශ්ය ක්ලස්ටර්ස් සියල්ල කියවා ගෙන අදාල ෆයිල් වන ලොඩ් කළ හැකි වේ. 



ෆයිල් එකක් මකා දැමීම

ෆයිල් එකක් ස්තීර ලෙස පරිගණකයෙන් ඉවත් කිරීමේ දී සිදුවන්නේ ඩිරෙක්ටරි ඒරියා එකෙන් අදාළ ෆයිල් එකේ තොරතුරු ඇතුලළත් Record එක මකා දැම්මත්, ෆැට් එක තුළ ඊට අදාළ ක්ලස්ටර් ඇඩුස්වල ස්ටේටස් එක 0000 ලෙස ලිවීමත් ය. කෙසේ වෙතත් ඩිරෙක්ටරි ඒරියා හා ෆැට් ආදියෙහි පිටපතක් හෙවත් කොපි කීපයක් සෑම විටම තබා තිබෙන බැවින් "Third Party Tool" එක් භාවිත කොට පැරණි ෆැට් එකක් කිය වීම මඟින් ඩිලීට් කරන ලද ෆයිල්ස් නැවත ලබා ගත හැකිය.


ක්වික් ෆෝමැට් කිරීම

මෙහිදී සිදුවනුයේ ඩිරෙක්ටරි ඒරියා එක මත ඇති ෆයිල් හා ෆෝල්ඩර් ආදියේ නම් සියල්ලම මකා දැම්මත්, ෆැට් එක මත ඇති සියලුම ක්ලස්ටර් ඇඩ්රස්වල ස්ටේටස් එක 0000කිරීමත්ය. (සරලව කියතොත් පාටිෂන් එක මත පිහිටි ෆයිල්ස් හා ෆෝල්ඩර්ස් සියල්ලම ඩිලීට් කිරීමයි)


ෆුල් ෆෝමැට් කිරීම 

මෙහි දී පාටිෂන් එකේ ඇති බූට් සෙක්ටර්,ඩේටා ස්පේස්, ෆැට් හා ඩිරෙක්ටර් ඒරියා යන මේවා අලුතින් පිහිටුවා, ඒවා අතර ඇති සම්බන්ධකම් අළුතින්ම ගොඩ නඟයි. ඩේටා ස්පේස් කොටස නැවත සකස් කොට ඇඩ්රස් කිරීමත් ෆැට් එක අලුතින් නිර්මාණය කිරීමත් සිදු වේ. 


බෑඩ් සෙක්ටර්ස් ලකුණු කිරීම





               බෑඩ් සෙක්ටර් හෝ බෑඩ් ක්ලස්ටර් ලෙස හැදින්වෙන්නේ නිසිපරිදි ධත්ත ලියා තැබිය නොහැකි එනම් දෝෂ සහිත වූ කලස්ටරයන්ය. ස්කෑන් ඩිස්ක් වැනි ටූල් එකකදී සිදුවන්නේ ඩේඩා ස්පේස් කොටස් ඇති සෑම ක්ලස්ටර් එකකම සංකීර්ණ ඩේටා පේලියක් ලියා ඒවා ඒවා නැවත කිවා බැලීමයි. ලියන ලද ඩේටා හා කියවූ විට ලැබුණු ඩේටා වෙනස් වූයේ නම් එම ක්ලස්ටර් එක බෑට් කලස්ටරයක් ලෙස හඳුනා ගැනෙන අතර ෆැට් එක මත අදාළ ක්ලස්ටර් ඇඩ්රස් එකේ ස්ටේටස් එක FFF7 ලෙස සලකුණු කරයි. මෙවිට ෆයිල් සේව් කරන අවස්තාවලදී මෙම බෑඩ් ක්ලස්ටර්ස් පාවිච්චි කිරීමෙන් වලක්වා ගත හැක. බෑඩ් සෙක්ටර් ඉවත් කිර දෙන සමහර "Third Party Tools" වලින් සිදු කෙරෙනුයේ ෆැට් එක මත ඇති FFF7 නම් බෑඩ් මාක් එක ඉවත් කර 0000 ලෙස සකස් කිරීමයි. මෙවිට බෑඩ් සෙක්ටර් මාර්ක් (Bad Sector Mark) එක ෆැට් එකෙන් ඉවත් වුවත් අදාළ ක්ලස්ටර් එකෙහි ලියන ලද දත්ත නිසා පරිදි සේව් වන්නේ නැති බැවින්, හාඩ් ඩිස්ක් එක භාවිත කරන්නා කරදරයකට පත් විය හැක. 

ෆයිල් හිඩ්න් කිරීම
ෆයිල් හා ෆෝල්ඩර්ස්වල Attributes ලෙස සළකුනු ලබන Hidden, Read Only යන කරුණු ලියා තබන්නේ ඩිරෙක්ටරි ඒරියා එක තුළයි. යම් ෆයිල් එකක් හිඩ්න් කල විට ඒ බව ඩිරෙක්ටරි ඒරියා එකේ අදාළ File Name එකට ඉදිරියෙන් සඳහන් කොට තබන අතරFile List එක පෙන්වන අවස්ථාවලදී සැඟවූ ෆයිලිස් කියවීම අතහැර යයි. මීට අමතරව ෆැට් හා ඩේටා ස්පේස්වල ඒ ආකාරයටම දත්ත පවතී.





දෘඩ තැටියේ ආයු කාලය වැඩි කරගැනීමට පිළිපැදිය යුතු කරැණු
          


        සාමාන්‍ය දෘඩ තැටි තුල දත්ත ගබඩාකිරීම සිදුවන්නේ එහි අභ්‍යන්තරයේ ඇති තැටි (Platters)මත විද්‍යුත් චුම්භක බලය සහිත තර්කුවක් (Spindle)ආධාරයෙන් දත්ත සටහන් කිරීමය.විද්‍යුත් චුම්භක බලය ආධාරයෙන් දත්ත සටහන් කිරීම සහ කියවීම සිදු කරයි. මේ නිසා මේවා චුම්භක බල සහිත ස්ථානවල තැබීම නිසා දත්ත විනාශ විය හැක.බොහෝ අවස්ථාවන් වලදී මෙවැනි දෘඩ තැටි හානියට ලක් වන්නේ අනවශ්‍ය ලෙස බල සැපුම ව්සන්ධි වීම හෝ අනාරක්ෂිත ලෙස පරිගණකය අක්‍රීය කිරීම (Shut down) හේතුවෙනි.පරිගණකය ක්‍රියාත්මක කල අවස්ථාවේ සිටම දෘඩ තැටිය ක්‍රියාකාරී වන අතර හිටි හැටියේ බලය විසන්ධිවීම නිසා එම දෘඩ තැටිය මත දත්ත ලිවිම සහ කියවීම සිදු කරනු ලබන තර්කුව (Spindle) එක් වරම තැටිය මත නතර වීම නිසා තැටිය සීරීමකට ලක්වේ.ඒ නිසා ඒ ස්ථාන මත දත්ත සටහන් කල නොහැකි වීම මෙන්ම පවතින දත්ත විනාශවී යාම සිදුවේ.මෙවන් ස්ථාන බෑඩ් සෙක්ටර්ස් (Bad sectors) වශයෙන් හඳුන්වනු ලබන අතර මේවා දෘඩ තැටිය ක්‍රියාත්මක වීමේදී වර්ධනය වීම සිදුවේ.බොහෝ අවස්ථාවන් හීදි පරිගණකයෙහි බල සැපයුම් ඒකකය සඳහා යූ පී එස් (UPS) එකක් භාවිතා කිරීමත් සෑම අවස්ථාවක දීම ආරක්ෂාකාරී ලෙස පරිගණක යන්ත්‍රය ක්‍රියා විරහිත (Shut down) කිරීමත් නිසා දෘඩ තැටියෙහි ආයුකාලය වැඩි කර ගත හැක.
                          නිතර නිතර දෘඩ තැටිය ෆෝර්මැට් (Format) කිරීම නිසාද බෑඩ් සෙක්ටර්ස් හට ගැනීම සිදුවේ.මේවා පරිගණකය තුල ස්ථාන ගත කිරීමේදී සහ භාවිතා කිරීමේදී චලනය නොවන පරිදි ස්ථාන ගත කළ යුතුය‍.සාමාන්‍යයෙන් දෘඩ තැටිය නිතර නිතර භ්‍රමනය වීම සිදුවන නිසා කාලයත් සමඟ බෙයාරින් (Bearing) ගෙවී යාම සිදුවීම නිසා දෘඩ තැටිය දෝෂ සහිත විය හැකිය. බොහෝ විට බෙයාරින් ගෙවීයාම හෝ අනවශ්‍ය ලෙස බෑඩ් සෙක්ටර්ස් ඇතිවීම නිසා දෘඩ තැටිය තුලින් අනවශ්‍ය ශබ්දයක් ඇතිවීම පරිගණකය අතර මඟ සිරවීම (Struck) හෝ මන්දගාමී වීම සිදුවේ.තවද බොහෝ විට පරිගණක යන්ත්‍රය නැවත ක්‍රියාත්මක වීම හෝ දෘඩ තැටි මත පිටපත් කර ඇති යම් යම් වැඩ සටහන් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සිදුවේ.බොහෝ අවස්ථාවන්හි දෘඩ තැටිය භාවිතා නොකළහැකි තත්වයට පත් වූ විට නිල් පැහැති පසුතලයක් මත සුදු පැහැති අකුරින් දෝෂ පනිවුඩයක් (Blue screen error massage) දැක්වීම සහ පරිගණකය නැවත ක්‍රියාත්මක වීම සිදුවේ.තවද මෙහෙයුම් පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සහ අතර මගදී පරිගණකය නැවත ක්‍රියාත්මක වීම සිදුවේ.මෙන්ම මෙවන් අවස්ථාවකදී දෘඩ තැටිය වෙනුවට අළුත් එකක් භාවිතා කිරීම යෝග්‍ය වේ.
            තවද බල සැපයුම හෝ දත්ත සම්ප්‍රේෂණය සිදුකරන කේබල් ලුහුවත් වීම නිසාද දෘඩතැටිය දෝෂ සහිත විය හැක.බොහෝ විට මෙවන් අවස්ථාවකදී දෘඩ තැටිය ස්ථාපනය කර නැති බව දන්වයි.එසේම මෙහෙයුම් පද්ධතිය අඩංගු දෘඩ තැටිය ලුහුවත් වී ඇත්නම් මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක නොවන අතර එම දෝෂ පණිඩුඩය (Error massage) තිරය මත දැකගත හැක.අයි ඩී ඊ කේබල් (IDE Cable) සහිත එකක් නම් නිසි පරිදි පිනු සැකසුම් (Jumper settings) සිදු නොවූ විටද මේ තත්වය සිදුවේ.
            තවද බොහෝ විට මෙහෙයුම් පද්ධතිය සහිත දෘඩ තැටිය දත්ත තැන්පත් කිරීම නිසා ධාරිතාවය (Capacity) අවම වීම හේතුවෙන් දෘඩ තැටිය මන්දගාමී විය හැකිය.බොහෝ විට නිතර නිතර දත්ත තැන්පත් කිරීම මකා දැමීම වැනි කටයුතු නිසා අක්‍රමවත් ලෙස දත්ත දත්ත සටහන් වීම නිසාද පරිගණකය මන්දගාමී තත්වයට පත්කරයි.මෙවන් අවස්ථාවන් වලදී මේවා නිසි පරිදි ක්‍රමානුකූලව සැකසීම සඳහා අවශ්‍ය මෘදුකාංගයක් භාවිතා කර සකසා ගත යුතුය.තවද අනවශ්‍ය මාදුකාංග සහ වෙනත් දත්තයන් නිතරම ඉවත්කර දැමීම සහ දෘඩ තැටිය නිතරම පිරිසිදුව සහ පිළිවෙලට තබා ගැනීම නිසා පරිගණකයෙහි වේගය පවත්වා ගත හැක.බොහෝ විට දෘඩ තැටිය වෙන්කර (Partition)මෙහෙයුම් පද්ධතිය සඳහා වෙනමම එක් කොටසක් භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වේ.
            කෙසේ නමුත් හොඳ තත්වයේ බල සැපයුමක් භාවිතා කිරීම, පරිගණකය ආරක්ෂා සහිත ලෙස ක්‍රියා විරහිත කිරීම, අනවශ්‍ය ගොනු මකා දැමීම, අනවශ්‍ය මෘදුකාංග ඉවත් කිරීම සහ දෘඩ තැටිය මනාව කළමනාකරණය කිරීම නිසා දෘඩ තැටිය දිගු කාලයක් භාවිතයට ගතහැකිවනු ඇත.




Wireless Hard Disk



          ඉදිරියේදී දත්ත ගබඩා කිරීමේ සංකල්පය අලුත් මුහුණුවරක් ගන්නට පැමිණි තාක්ෂණයයි මේ. පුද්ගල පරිගණකයේ මවුපුවරැවට  සවි වී තිබුණු හාඩ් ඩිස්කය, ලැප්ටොප් පරිගණකයත් සමග ජංගම මාධ්‍යක් බවට පත් විය. ඒ  වඩා කුඩා, 3.5 cm ප්‍රමාණයට සැහැල්ලූ මෙන්ම කම්පනයන්ට ඔරොත්තු දිය හැකි ලෙස අනුවර්තය වෙමිනි. දැන් ඒ යුගයත් නිමා කරමින් ටැබ්ලට් පරිගණක සමග ඉදිරියට යන්නට සම්ප්‍රදායික හාඩ් ඩිස්කයට නව මං සෙවීමට සිදුවී තිබේ.ඉහතින් අප කතා කල Flash Drive හා SSD තාක්ෂණයන් හමුවේ වුවත් තවමත් අඩුම මිලකට වැඩිම ඉඩක් සපයන්නේ සාම්ප්‍රදායික හාඩ් ඩිස්ක තාක්ෂණයයි. මේ නිසා වෙනස්වන අවශ්‍යතා හමුවේ අළුත් වන්නට හාඩ් ඩිස්ක නිෂ්පාදන සමාගම් නිරතුරුව වෙහෙස ගනී. Seagate සමාගම විසින් මෑතකදී හඳුන්වා දුන් රැහැන් රහිත හාඩ් ඩිස්කය එවැනි තවත් විප්ලවීය නිර්මාණයකි.හාඩ් ඩිස්ක් නිෂ්පාදක සමාගම් අතර අද්විතීය නාමයක් වන Seagate වෙතින් එළි දැක්වුනු GoFlex නම් මෙම රැහැන් රහිත හාඩ් ඩිස්කය ගිගාබයිට් 500 ක (500GB) ධාරිතාවයකින් යුතුයි.  Seagate සමාගම විශේෂයෙන්ම මෙම රැහැන් රහිත හාඩ් ඩිස්කය ඉලක්ක ගත කර ඇත්තේ Apple නිෂ්පාදනයන් වන iPhone, iPod හා iPad වැනි උපාංගයන් සඳහායි. විශේෂයෙන්ම iPad වැනි විශිෂ්ඨ ටැබ්ලට් පරිගණකය සමග සහයෝගීව කටයුතු කළ හැකි අධි-ධාරිතාවයකින් යුත් ගබඩාකරණ මාධ්‍යයක් ලෙස මෙම GoFlex හාඩ් ඩිස්කය කැපී පෙනේ. මෙවැනි ටැබ්ලට් පරිගණක සාමාන්‍යයෙන් 32 GB හෝ 64 GB පමණ අභ්‍යන්තර ධාරිතාවයකින් යුතු වන අතර ඒවායේ සම්පූර්ණ කාර්ය සාධනය සඳහා මේ ඉඩ සෑහෙන්නේ නැත. ඒ සඳහා කදිම විසඳුමක් ලෙස මේ GoFlex හාඩ් ඩිස්කය භාවිතා කිරීමට හැකියි.
                      මෙම හාඩ් ඩිස්කය සිය දත්ත හුවමාරුව සඳහා කිසිදු රැහැනක් භාවිතා නොකරයි. මේ නිසා සියළුම දත්ත සන්නිවේදන කටයුතු සිදුවන්නේ 802.11 b/g/n wireless තාක්ෂණය ඔස්සේයි. මේ නිසා රැහැන් රහිත Wi-Fi සන්නිවේදනයට අනුකූල වන ඕනෑම උපාංගයක් සමග ගබඩාකරණ මාධ්‍යයක් ලෙස මෙම GoFlex හාඩ් ඩිස්කය භාවිතා කළ හැකියි. එනම් මෙතුල වයර්ලස් රිසීවර් එකක් උපතින්ම අඩංගු කර ඇත. iPad වැනි උපාංගයක් සැලකූ විට මෙවැනි උපකරණයක් නිසා එහි භාවිතාව තවත් පුළුල් වන අතර එහි නියම ප්‍රයෝජනය ද ලබා ගැනීමට හැකිවේ. උදාහරණයක් ලෙසට මෙම හාඩ් ඩිස්කය තුල අධි-විභේදන (Hi-Def) සිනමා පට 300 ක පමණ ප්‍රමාණයක් ගබඩා කල හැකි අතර ඔබ කැමති ඕනෑම තැනක සිට Wi-Fi හරහා ඔබේ කැමතිම සිනමා පටයක් රස විඳීමට හැකියි. ඕනෑම තැනක රැගෙන යා හැකි ආකාරයට ජංගම භාවිතයට උචිත ලෙස මෙය නිමවා ඇති අතර මෙම GoFlex හාඩ් ඩිස්කයට බලය ලබා දෙන්නේ එය තුළ අන්තර්ගත බැටරියක් මගිනි. මේ බැටරිය පැය පහක කාලයක් සඳහා සෑහෙන අතර standby ආකාරයෙන් පැය25 ක කාලයක් පවතී.

ඇතුවත් බැරි නැතුවත් බැරි Wireless


   මේ මට විද්‍යුත් ඊයකින් ලැබුණු බොහොම වටිනා කියන කරුණු රැසක් අඩංගු ලිපියකින් උපුටා ගනු ලැබූවක්. කියවල බලද්දි නොදන්න අනතුරකුත් නව තාක්ෂණය තුල ගැබ් වෙලා එනවා. BBC අඩවියේ පලවුනු ලිපියක් මේ ආකාරයට සිංහලයට හරවලා කියවන්න ඉඩ හදා දුන්නු ඒ කවුරු හෝ නොදන්න සහෘදයාට ගොඩක් ස්තුතියි. කියවද්දි අකුරු පේන්නෙ නැත්නම් පින්තූරය උඩ ක්ලික් කරලා වෙනම page  එකක open වුනාම active වෙන zoom tool එකෙන් පින්තූරය විශාල කරගෙන බලන්න.




යූපීඑස් එකේ ආයු කාලය වැඩි කරගැනීමට නම්. . .






             UPS කියන්නේ   Uninterrupted Power Supply නැත්නම් Uninterruptible Power Source කියන එක.  ඒකෙ තේරුම ගත්තාම ඒ වචනයෙන්ම කියවෙන්නේ අඛණ්ඩව විදුලිය සැපයීම කියන අදහස. UPS යොදාගන්නේ බොහෝ විට පරිගණක හා telecommunication ආශ්‍රිතව ක්‍රියා කරන උපාංග හදිසි විදුලි බිඳවැටීමක් වැනි අවස්ථාවකදී ඇති වන හානි වලින්, අනතුරු වලින් ආරක්ෂා කරගැනීමටයි කියන එක කවුරුත් දන්නවා ඇති. හැබැයි පුතේ UPS එකක් ගන්න කම්මැලිකමට, සල්ලි නෑ කියලා නිකම්ම බිත්තියට කේබල් ටික ගහගෙන කම්පියුටරේ පාවිච්චි කරලා කරන්ට් ගිහින්, අපේ ජාතික විදුලි බල මණ්ඩලේ අයියලා මාමලා ආදරෙන් මතක් කර කර ඕක පාවිච්චි කරලා,  අන්තිමට UPS පහක් ගන්න සල්ලි ඒක හදාගන්න වියදම් වෙද්දි තමයි හිතෙන්නේ කම්පියුටරේට කලින් UPS එකක්  අරන් තියා ගන්න එකයි වටින්නේ කියලා. අපේ රටේ 230 V විදුලිය ලැබෙන බව කිවට හැබෑම ප්‍රමාණය ඊට ටිකක් අඩුවෙන්  210-220 V අතර විදුලියක් තමයි නිවෙස්වලට ලැබෙන්නේ. මෙහෙම වුනාට අපේ ඇහැට පේන්නේ නැති විදුලි වෙනස්වීම් අඩු වැඩිවීම බොහොමයක් වෙලාවට වෙනවා. ඔය කිව ආකාරයට ක්ෂණයෙන් සිදුවන අඩුවැඩිවීම අපි එදිනෙදා භාවිතා කරන සංවේදි විදුලි උපාංග කෙරෙහිත් එක හා සමානවම බලපානවා. පරිගණකයටත් ඒ සිද්ධාන්තය ඒ අකාරයටම බලපවත්වනවා. මුලින්ම Power supply එක මගින්  පිටතින් එන ධාරවෙන් තමන්ගේ යන්ත්‍රයට හානියක් නොවී පවත්වා ගැනීමට උත්සාහ දරනවා. නමුත් ඒ උත්සාහය ඇණ හිටපු වෙලාවට ඇතුලත වටිනා කියන  මදර්බෝඩ්, හාඩ් ඩිස්ක්, රැම් ඇතුලු සියල්ල ලෙඩ වෙන්න බලනවා. මට මතකයි කාලෙකට ඉස්සර අපේ ඔෆීසියට යාබද ස්ථානයක AC එකේ ඇති වුන දෝෂයක් හේතුවෙන් මහ රෑ වෙලා සිදුවෙච්ච විදුලි අඩු වැඩි වීමකින් පරිගණක සියල්ලම පිලිස්සිලා ගිය හැටි. දත්ත ටික නම් File Servers වල බැකප් කරන නිසා ඒව රැකුන එක ලොකු සහනයක් වුනා ඒ අයට. ගෙදර පරිගණකයත් යම් ආකාරයකින් හිටි හැටියෙම අක්‍රිය වුනොත් අපිට කොයින්ද  File Servers. ඉතින් වෙන්න තියෙන හැම ප්‍රශ්ණයකටම විසදුමක් සඳහා තමයි UPS එකක් දාගන්න කියන්නේ. 


ඉතින් මේවා ප්‍රධානවම වර්ග  දෙකකට වෙන් කරන්න පුලුවන් මේ විදිහට. 

Off Line UPS - (Line-interactive UPS)
On Line UPS -  (Dual Conversion UPS)


                                   ප්‍රධාන වශයෙන් තියෙන මේ වර්ග දෙක තමයි. මේ  UPS වර්ග දෙක මූලිකවම එකකට එකක්  වෙනස් වන්නේ, හදිසි විදුලි බිඳවැටීමකදී පරිගණකය අක්‍රිය නොකර එයට නැවත විදුලිය ලබාදීමට ගන වන කාලය අනුවයි. මේ Off Line UPS කියන වර්ගයේ ක්‍රියාකාරීත්වය මෙහෙමයි.  මෙයට අපි Line-interactive UPS වගේම Standby Power Systems කියලත් කියනවා. අපි පරිගණකය  භාවිත කරමින් ඉන්න විට  යම් මොහොතක විදුලි ඇනහිටීමක් සිදු උනොත්  UPS එකේ ඉඳන් පරිගණකය වෙත විදුලිය ලබා දීමට තත්තරයෙන් දහයෙන් එකක් පමණ ගතවෙනවා.  ක්ෂණයෙන් සිදුවන දෙයක්. එතකොට පරිගණකය ක්‍රියා විරහිත වෙනවනෙ කියලා ගැටලුවක් එනව නම් උත්තරය තමයි  නැ එහෙම වෙන්නෙ නැ කියන එක.ඒ විදිහට ධාරාව එකඑල්ලේ තබා ගැනීමට පරිගණකයේ තිබෙන  Power Supply කියන උපාංගයේ ඇතුලත තිබෙන ධාරිත්‍රක වල දැනට පවතින පුංචි විදුලි ප්‍රමාණය යොදාගන්නවා. මේ විදිහේ විදුලිය බිද වැටිමක් සිදුවුනොත්  එය ඉක්මනින් හදුනාගෙන කෙලින්ම සම්බන්ධ වන්නේ එහි ඇති බැටරියේ විදුලියත් එක්ක. මේ වර්ගය කොයි වෙලාවෙත් ගෘහස්ථ විදුලි පද්ධතියෙන්ලැබෙන 230V ධාරාව මත යැපෙන නිසා හදිසි විදුලි අක්‍රිය වීමකදි ක්ෂණිකව තමන් හරහා පරිගණකයට විදුලිය ලබා දෙමින් පරිගණකය නොනැවතී ක්‍රියා කරවීමේ වගකීම භාරගන්නවා.  
                               On Line UPS කියන මාදිලිය අපි ගෙදර දොරේ භාවිතයට ගන්නේ නෑ. මේවා මහා පරිමාණ විදිහට ක්‍රියාත්මක වෙන උපාංග ඇති තැන්වල තමයි යොදන්නේ.  UPS එකේ ඉඳන් අදාල උපකරණයට විදුලිය ලබා දීමට මෙහිදි වැඩි කාලයක් ලබා ගන් නෑ. මොකද  On line UPS වලදි සැම විටම inverter එක මගින් ජනනය කරන විදුලිය ලබා දෙන නිසා ඉහත වෙනස අපිට දැනෙන් නෑ. ඉතින් එ වගේම තමයි මේ UPS වල මිළ ගනන් එහෙමත්. අපි ගොඩක් ​වෙලාවට මේ වර්ගයේ UPS භාවිතා කරන්නේ ශල්‍යාගාර වල තිබෙන අත්‍යාඅවශ්‍ය උපකරන වගේම Server සදහාත් මෙම වර්ගය යොදා ගන්නවා. අනිත් වාසිය තමයි output voltage එක පාලනය කරමින් නියතව තබාගන්නා electrical firewall එකක් විදිහට ක්‍රියා කරමින් අපි සතුව තියෙන sensitive electronic equipments වල ආරක්ෂාව ගැන ඉහල සහතිකයක් දෙන්නත් මෙයට හැකියාව තියෙනවා. මෙම UPS වර්ග අපි ගෙදර දොර භාවිත කිරීමට ගන්නෙ නැත්තේ මෙහි වටිනාකම ඉහල හින්දා. 


 බැටරිය නරක් වුනා කියලා දැනගන්නේ කොහොමද?
                          UPS වල තියෙන්නෙ 12V 7Ah ධාරවක් ලබාදෙන ඇසිඩ් වලින් තොර (Sealed Type)බැටරි එකක්. නැත්නම් 12v motercycle battery එකක් දාන්නත් පුළුවන්නේ. නමුත් ආරක්ෂාව ගොඩක් අඩුයි. මේවට එන බැටරි Sealed Type කියන එකේ තේරුම තමයි ඇතුලේ තියන ඇසිඩ් එලියට එන්නේ නැහැ කියන එක. මෝටර්සයිකල් බැටරි එකක් දැම්මොත් බොහෝවිට අපි කාමරයක් ඇතුලේ වගේ භාවිතා කරන නිසා පිපිරීයාමේ සම්භාවිතාව වැඩියි. මේ බැටරියේ එක කුටිරයකට අපි කියන්නේ Cell එකක් කියලා.මේ Cell එකක වෝල්ට් 2ක විභව අන්තරයක් නියෙනවා. මෙහෙම Cell 6 ක් එකතු වෙලයි වෝල්ට් 12 ක් හැදෙන්නෙ.  විදුලි සැපයුම දෝෂ සහිත වන විට UPS එක හරහා පරිගණකයට ලැබෙන විදුලිය බිඳවැටෙනවානම් UPS පාවිච්චි කරන එකේ තේරුමක් ඇත්තෙම නෑනේ. High හෝ low volatages එනවිට UPS එක  මඟින් ඒවා filter කරන්න ඕනෙ. නැත්නම් ඒවා පරිගණකයට අන්තරාවක් වෙන විදිහට එනව නම් UPS එක වැඩක් නැ. UPS එක බැටරි එකට මාරු වෙන්න ඕනෙ ඒ වෙලාවට. ඉතින් එහෙව් බැටරිය අවුල් කියලා දැනගන්නේ කොහොමද? අනික තමයි  UPS එක  ගත්ත මුල් දවස් වලම විනාඩි 20 ක් විතර වැඩ කරන්න පුලුවන්. දැන් නම් LCD හා LED තිර වල විදුලි පිරිමැසීම හේතුවෙන් ඊටත් වඩා පුලුවන්. හැබැයි ඉතින් ගත්ත අලුත. කාලයක් යන විට මේ කාලය ටික ටික අඩුවෙනවා.  සමහර විට පරිගණකය පරිගණකය shut down කරගන්න කාලය මදි වෙන තරමටම කාලය අඩුවෙනවා.  
                         පරිගණකයෙන් වැඩ කර කර ඉද්දි එකපාරම විදුලිය ඇන හිටිනවත් එක්කම UPS එකත් off වෙලා යනව නම් ඒක බැටරියේ ආයු කාලය ඉවරයි කියන ලකුණක්. ඒ වගේම විදුලිය ඇන හිටින වෙලාවට ඉක්මනටම UPS එකට ස්විච් වුනත් device එකක් ප්ලග් කරාම පටස් ගාලා ඕෆ් වෙන එකත්, On කරාම කිසිම හාවක් හූවක් නැතුව තමන්ගේ පාඩුවේ ඉන්න එකත් බැටරිය නරක් වුනා කියලා දැනගන්න පූර්ව ලක්ෂණ තමයි. අපි කතා කරන 650VA කියන ගෙදර දොරේ භාවිතා කරන පුංචි UPS එකේ ඉඳන් 1.2KVA බැටරි දෙකක් දාන UPS එකත් , 650VA බැටරි තිහක් හතලිහක් දාලා පාවිච්චි කරන ඒවත් UPS ම තමයි. බැටරියක් මාරු කරන එක නම් එච්චර අමාරු නෑ. සාමාන්‍යෙයන් අපි පාවිච්චි කරන 650VA 7Ah බැටරියක් රු 1200ත් 1500ත් අතර මිලකට මිලදී ගන්න පුලුවන්. කොහොමද UPS  බැටරියක් මාරු කරන්නේ කියන එක ගැන වීඩියෝවක් පහල ලින්කුවක දාලා තියෙනවා. 

                     හරියාකාරව UPS එකක් භාවිතා කරන්නේ කොහොමද කියලා අපි බලමු. විදුලිය විසන්ධි වුන  වෙලා විදුලිය ලබා දීම ups එකට මාරු වුනා කියන buzzer beep එක ආපු වෙලාවෙම වගේ තමන් කරමින් හිටි වැඩ ටික හිමි හිමින් save කරලා පරිගණකය shut down කිරීමට කටයුතු කරන්න. කිසි විටෙකත් සම්පූර්ණයෙන්ම බැටරිය බසින තුරු තියන්න එපා. විදුලිය නැතිවුනාමත් දිගටම පාවිච්චි කලොත් UPS එකේ ගබඩා කරගෙන තියෙන විදුලිය ශූන්‍ය වෙනවා. මොකද දැන් එන UPS වර්ග බාලයි වගේම ඒවයෙ එන බැටරිත් ඒ වගෙයි. ඒ විදිහට දෙතුන් පාරක් වුනොත් ආයෙත් මුල් තත්වෙන් UPS එක පාවිච්චි කරන්න බැරි වෙයි. සමහර අය කියනවා වගේ මේක ශූන්‍ය කර කර නැවත ආරෝපණය කරන්න පුලුවන් වුනත් ඒක නම් කොහෙත්ම හොඳ දෙයක් නෙමෙයි. වැසි දිනයකදි නම් UPS එක බිත්තියේ ප්ලග් වලින්ම ඉවත් කරලා තියාගන්න. තවත් දෙයක් තමයි පරිගණකය හා තිරය මේසය මත තිබ්බත් UPS එක පහලින් තබාගෙන පාවිච්චි කරන්න. ඕක මොනිටරය අසලම තිබුනොත් කාලයක් යද්දි තිරයේ dead pixels ඇතිවෙන්න හැකියාව තියෙනවා. මොකද එමගින් ප්‍රේරණය වන චුම්භක ක්ෂේත්‍රයේ බලපෑමෙන් තිරය සෙමින් සෙමින් දෙදරීමට බලනවා අපට ඇහැට නොපෙනුනත්. 

UPS එකක් තිබිමේ වාසි,


  1. විදුලිය බිද වැටිමකදී අපි නිරතව සිටි ක්‍රියාකරකම් Save කිරීමට හැකි වීම සහ Shut down කරගැනීමට  ඇති හැකියාව.
  2. අපේ රටේ නිරන්තරයෙන් සිදු වන විදුලිය අඩු වැඩි වීම් වලින් විශ්වාසදායී ආරක්ෂාවක් ලබාගත හැකිවීම.
  3. අකුණු සැර මගින් දුරකථන රැහැන දිගේ එන විදුලියෙන් router වැනි උපාංග ආරක්ෂා කරගැනීමේ හැකියාව.
  4. නිරන්තරයෙන් ලෙඩ නොදෙන UPS එකේ නඩත්තු කටයුතු යනුවෙන් අප හඳුන්වන්නේ එය නිසි කලට ආරෝපණය කරගැනීම ඇතුලු මනා කලමණාකාරීත්වයක් පමණක් වීම.





                     UPS එකට ලැබෙන විදුලිය කොච්චරක්ද කියන එකත් අපිට බලා ගන්න හැකියි.   බැටරිය කොයි තරම් ප්‍රමාණයක් ආරෝපණය තියෙනවද කියන විස්තරත් බලාගන්න පුලුවන්. එමෙයට UPS එක ගනිද්දි ඒත් එක්ක දෙන කට්ටලයේ තිබෙන CD තැටියේ ඇති මෘදුකාංගය Install කරගන්න ඕන. ඒ මෘදුකාංගය අපිට ඕන විදිහට වෙනස් කරගත්තාම  අපිට පුළුවන් අපි පරිගණකයෙන් ඉවත් වෙලා ඉන්න වෙලාවට එය ස්වයංක්‍රීයව shutdown වීමට settings සකසන්න. ඒ වගේම  තව ​ප්‍රයෝජනයක් අපිට ගන්න පුළුවන්.   UPS එකත් එක්ක RJ11 Cable එකක් වගේම ඒ හැඩයේ RJ11 ආකාරයේ port දෙකකුත් අලුතෙන් එන මාදිලි වල එනවා ඔබ දැකලා ඇති. ඔබ භාවිතා කරන්නේ SLT වැනි wired connection එකක් නම් ඒ කේබල් එකෙන් වාසියක් ගන්නත් පුලුවන්. ඒ මොකක්ද? දැන් UPS In හා Out ලෙසින් RJ11 port දෙකක් තියෙනවානේ. ඔබේ Router එකට RJ11 Cable එක එන්න කලින් ,  Splitter එකේ modem හෝ dsl යනුවෙන් දැක්වෙන ස්ථානයට RJ11 Cable එකක් සම්බන්ධ කර එහි අනිත් අග්‍රය UPS එකේ In යනුවෙන් සඳහන් තැනටත්, එහිම Out යනුවෙන් සඳහන් තැනින් තවත් RJ11 Cable එකක් ගෙන එය රවුටර් එකේ adsl port එකට යොමු කලාම විදුලිය හා සම්බන්ධ ඇනහිටීම් හා හානි වලින් වගේම හදිසි ඇනහිටීමකදි වෙන Router Reset විමත් මෙමගින් වලක්වා ගත හැකියි. ඒත් ඕකෙන් ලොකු ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි ඉතින් ඒ වැඩේට වඩාත්ම හොඳයි Surge  Protector එකක් භාවිත කරන්න පුලුවන් නම්. මොකද මේ UPS එකේ RJ11 port එක සම්බන්ධ වෙන තැන ඇතුලේ ගොඩක් වෙලාවට තියෙන්නේ Varistor Fusible Resistor එකක් දාපු පොඩි Surge Protection Circuit එකක්.  අර කිව වගේ ෆෝන් ලයින් එක ඔස්සේ එන අකුණු සැරයක් Router එකට යන්න කලින් ලුහුවත් කරන එකෙන් Router එක ආරක්ෂා වෙනවා. එහෙම වෙන්නේ අර කියපු Surge Protection Circuit එක තමන් විසින්ම එකෙන්ම පුච්චගෙන විම නිසා එකපාරක් එහෙම දෙයක් වුනොත් ආයෙත් නැවත ඒක යොදන්න වෙනවා.ඉතින්  UPS එකේ ඒ පහසුකම  අඩුකරලා surge protector එකක් වෙනම දාගන්න එක ඇඟට ගුණයි කීවේ ඒ හේතුව මත.

     



මේ තියෙන්නේ කාලිංග අයියගෙ Techකතා The Magazine එකේ යු.පි.එස් සම්බන්ධව වීඩියෝවකුත් එක්ක දාපු විස්තරයක්... මෙතනින් 

ගෙදර විදුලිය නැති වුන වෙලාවට මොනවද කරන්න පුලුවන් දේවල් යන්න කියලා දෙන පට්ට වීඩියෝ එකක් හම්බුනා නෙට් එකේදී. ඒකෙ නම තමයි  10 Things To Do In A Power Cut. මේ මාතෘකාවට කොහෙත්ම අදාලත්වයක් නොවුනත් බලන්නකො මේ වීඩියෝවෙන් කියන දේවල් මොනවද කියලා. මෙතනින්

               තවත් දෙයක් කියන්න ඕන. ඒ තමයි දැන් අපේ රටේ අලෙවි වන බොහොමයක් UPS වර්ග තත්වයෙන් බාලයි. ඒ සන්තෑසියම තමයි අනෙකුත් විද්‍යුත් උපකරණ වලටත් වෙලා තියෙන්නේ. ගොඩක් බහුජාතික සමාගම් කරන්නේ ඔවුන්ගේ අලුත් හා පර්යේෂණ මට්ටමේ නිෂ්පාදන අපේ රට වගේ සංවර්ධනය වෙමින් පවතින රටවලට එවලා ඒවගේ සාර්ථකත්වය මැන ගැනීමට අපි වගේ පාරිභෝගිකයා පාවිච්චි කිරීමයි. ඒ වගේම ලොකු රටවල් වලට යවන්න බැරි දෝෂ සහිත උපකරණ ඒවා දෝෂ සහිත බවත් හොඳින්ම දැනගෙන අපේ  රටට එවීමත් එන්න එන්නම වැඩි වෙලා තියෙන හන්දා මේ වගේ සංවේදි උපකරණ ගනිද්දි වගකීම් කාලය තුල ඇති හා After service එක හොඳින්ම හා රස්තියාදුවක් නැතුවම කරලා දෙන තැනකින් ගන්න කියන එකයි අවසානයට කියන්න තියෙන්නේ. ඔබට ජය...

කෘතිම බුද්ධිය

කෘතීම බුද්ධිය මිනිසා ඉක්මවා යයිද?

අපි විවිධ ප්‍රබන්ධ තුලින් දැක තිබෙනවා නෙ විවිධ ආකාරයේ හැකියාවන් ඇති පරිගණක වැඩසටහන් ගැන. ඒවායින් බොහෝ ඒවා කෘතීම බුද්ධි මූලික කරගත් ඒවා බව ඔබට සිහිපත් වනවා ඇති. මට ඔය කෘතිම බුද්ධිය තදින්ම ඔලුවට කාවැදුනු රූපවාහිනී වැඩසටහන් තමයි මායා බන්ධන(රොබෝ වරුන් බහුල සමාන්තර ලොව සම්බන්ද කොටස ) අනෙක් එක තමයි පරිගණක දඟයෝ කතාන්දර මාලාවේ Virgil.

මේ කෘතීම බුද්ධිය(Artificial Intelligence) පිලිබඳ සංකල්පය ලොවට මුලින්ම හඳුන්වා දී තිබෙන්නේ 1956 MIT(Massachusetts Institute of Technology) හි John McCarthy නමැත්තකු විසින්. මෙහි අරමුණ වන්නේ නිර්මාණශීලිව කටයුතු කලහැකි පරිගණක වැඩසටහන් නිර්මාණය කිරීමයි. එදා සිට අද දක්වා මෙය ක්‍රම ක්‍රමයෙන් දියුණුවෙමින් අද සාමාන්‍ය ජීවිතයට බොහෝ සමීපවී තිබෙනවා.අපිට බොහොම සමීප කෘතීම බුද්ධියක් සහිත වැඩසටහනක් තමයි පරිගණක චෙස් වැඩසටහන්, මීට අමතරව බොහෝ පරිගණක ක්‍රීඩා. ඇතැම් පරිගණක ක්‍රීඩා වලදී ප්‍රතිවාදියා අපව සොයාගෙන පැමිණෙන අවස්ථා බහුලයි නේද? මෙයත් එක්තරා අන්දමක කෘතිම බුද්ධියක් විසින් සිදු ක‍රන්නක්.
කෙසේ වෙතත් මීට අමත‍රව ඉතා විශාල කාර්‍ය භාරයක් ඉටුකරන කෘතිම බුද්ධිය යෙදෙන වැඩසටහන් විශේෂයක් තිබෙනවා. මේවාට කියන්නේ expert systems කියලා. රෝග ලක්ෂණ අනුව රෝගය නිර්ණය කිරීමට වෛද්‍යවරුන්ට සහායදීම, සංකීර්ණ සැලසුම් සකස් කිරීමේදී ඉංජිනේරුවන්ට සහාය දීම වැනි කටයුතු වලට මෙම expert systems දායක වනවා. නමුත් මෙවැනි පද්ධතියකට තනිවම මෙම කාර්‍යයන් ඉටුක‍රන්න බැහැ, කල හැක්කේ අදාල ක්ෂේත්‍රයේ විශේෂඥ වරුන්ට සහාය දීම පමණයි. කිසිවිටෙකත් මනුශ්‍ය සහභාගීත්වයෙන් තොරව මෙවන් පද්ධතියකට රෝග සඳහා ඖෂධ නියම කිරීමටවත් න්‍යෂ්ඨික බලාගාරයක් සැලසුම් කිරීමටවත් හැකියාවක් නැහැ. අනෙක් අතට මෙවැනි පද්ධතියක් නිර්මාණයට අධික ධනස්කන්ධයක්ද වැයවනවා. සෑම අවස්ථාවකමදීම ඉන් ප්‍රයෝජන ගන්නත් බෑ.

සාමාන්‍යයෙන් ඉහල මට්ටමේ කෘතීම බුද්ධින් ලිවීමට භාවිතාක‍රන ප‍රිගණක භාෂාදෙකක් තමයි Prolog හා LISP. ඉහල මට්ටමේ කෘතීම බුද්ධි වැඩසටහන් හොඳින් ධාවනය වීමට පද්ධතියේ ඉහල හැකියාවන් තිබිය යුතුද වනවා. උදාහ‍රණයක් ලෙස අපි ගනිමු ඇතැම් කෘතීම බුද්ධින් තිබෙනවා මිනිස් මිනිස් මුහුණු විශාල ප්‍රමාණයක් අතුරින් දී ඇති එක් මුහුණක් හෝ කිහිපයක් හඳුනාගන්නට පුලුවන්. මෙය මිනිසාගේ ඇති ඉහල හැකියාවක්. නමුත් මිනිසාගේ මෙම හැකියාවට ආසන්න වශයෙන්වත් ලඟාවීමට කෘතීම බුද්ධින් වලට බැහැ. මොකද ඒකට හේතුව ? කෘතීම බුද්ධියකට එම හඳුනා ගැනීම යනු ද්වීමය සන්සන්දනයක් විතරයි(Binary Comparison). නමුත් මිනිස් සිතකට එය ඊට එහා ගිය දෙයක්. අපි හිතමු මිනිසුන් දහස් ගනණක් අතුරින් අප අපේ අම්මා හෝ තාත්තා හෝ එකව‍ර දර්ශනය වුනා කියල අපිට දහස් ගණනක් සිටියත් ඔවුන් දර්ශනය වූ පසු එම හඳුනා ගැනීමට යන්නේ ඉතාම සුලු කාලයක් නෙවෙයිද? එම හඳුනා ගැනීමෙන් පසුව අපිට ඔවුන් ගැන ඇති හැඟීම අන් අය කෙරෙහි ඇති හැඟීමට , වැටහීමට වඩා වෙනස් නේද? නමුත් කෘතීම බුද්ධියට හඳුනා ගැනීමට එහා දෙයක් නැහැ කෘතීම බුද්ධියට ඒ සියල්ල දත්තයන් රැසක් විතරයි. මේ වෙනසට හේතුව මොකක්ද කියන එක මම හිතන විදියට අද පවතින විද්‍යාවෙන් තේරුම්ගන්න බෑ. බුදු දහමට අනුව මෙය තේරුම් ගැනීම ඉතාම පහසුයි මිනිස් මනස විඤ්ඥානයක ක්‍රියාකාරීත්වය නිසා හටගත්තක් එනම් මිනිස් මනස සවිඤ්ඥානිකයි. කෘතීම බුද්ධිය හුදෙක් ඉලෙක්ට්‍රෝන ක්‍රියාකාරීත්වයක් නිසා හටගත්තක් එයට විඤ්ඥානයක ක්‍රියාකාරීත්වයක් නැහැ එනම් එය අවිඤ්ඥානිකයි. 

කෘතීම බුද්ධියක් ක්‍රියාකරන්නේ රාමුවක් තුලයි.එයට කිසියම් විශේෂ කාර්‍යයක් කිරීමට උපදස් මාලාවක් දී තිබෙනවා එම රාමුව තුල තමයි මෙම වැඩසටහන ක්‍රියාකරන්නේ. නමුත් ඇතැම් දෑ මිනිසාට වඩා ලක්ෂ වාරයකින් කාර්‍යක්ෂමව කෘතීම බුද්ධියකට කරන්න පුලුවන්. කිසියම් ගණනය කිරීමක් වැනි විශේෂ දෙයක් කිසිම වෙහෙසකින් තොරව කෘතීම බුද්ධියකට ක‍රන්න පුලුවන්. කොටින්ම කිව්වොත් දෙන ලද රාමුව තුල විශිෂ්ඨ මට්ටමින් කටයුතු ක‍රන්න පුලුවන්. නමුත් ගැටලුව තිබෙන්නේ රාමුව පැනවීමේදීයි. මෙය තනික‍රම රඳා පවතින්නේ සැලසුම් කරන හා එය ක්‍රමලේඛනය කරන ලද ශිල්පීන් මතයි. ආදරය, ඊර්ෂ්‍යාව , ක්‍රෝධය , වෛරය වැනිදෑ මිනිසාටවත් හරියාකාරව අවබෝධ කරගැනීමට නොහැකිව පරිගණක වැඩසටහනකට රාමුගත කරන්නේ කොහොමද? මම දකින ආකාරයට එය කිසිදා කල නොහැක්කක්.

දැන් කෙනෙක්ට හිතෙන්න පුලුවන් මනුශ්‍ය ඝාතනය කිරීමට සාදන ලද කෘතීම බුද්ධියක වෛරයක් නැද්ද කියලා. ඇත්තටම එහි වෛරයක් නෑ වෛරය ඇත්නම් තිබෙන්නේ එය සැලසුම් කල කෙනා තුලයි රාමුව පණවන ලද්දේ කෘතිම බුද්ධිය සැකසූ පුද්ගලයා/ පුද්ගල පිරිස තුලයි. කෘතීම බුද්ධිය සිදුකරන්නේ එම රාමුව තුල අවිඤ්ඥානිකව කටයුතු කිරීමයි. 

යම් දවසක මනුෂ්‍ය සංහතියම කෘතීම බුද්ධියක් නිසා විනාශවී ගියද කෘතීම බුද්ධිය මිනිසා අබිභවා ගියා යයි කිව නොහැක මන්දයත් එම විනාශයට මග පාදන ලද්දේ මිනිස් බුද්ධියයි. එම විනාශය සිදුකල රාමුව පනවන ලද්දේ මිනිස් බුද්ධියයි. එමනිසා කිසිවිටෙක කෘතීම බුද්ධියකට(පරිගණක වැඩසටහනකට )මිනිස් බුද්ධිය අභිබවා යා නොහැකිය.
මේ ගැන ඔබගේත් අදහස්  ඉදිරිපත් කරන්න.

www

අන්තර්ජාලයේ ක්‍රියාකාරීත්වය ...





      අලුත් මාතෘකාවක් කතා කරන්නයි යන්නේ. Web Hosting පිළිබඳව කතා කරන්න යන ලිපි මාලවක පලමු වැන්න යි මේ. අද අපි කතා කරන්න හදන්නේ WWW වැඩ කරන්නේ කොහොමද , මගේම කියලා domain එකක් නමක් ඇති වෙබ් පිටුවක් අන්තර්ජාලයේ  තියාගන්නෙ කොහොමද , Web Hosting යනුවෙන් හඳුන්වන්නේ මොකක්ද, Internet Service Provider කෙනෙක් කියන්නේ කවුද, ඒ අයත් එක්ක වැඩ කරද්දි මොන මොන කරුණු සම්බන්ධයෙන්ද අපි සැලකිලිමත් විය යුතු යනාදි කාරණා පිළිබඳව.  අන්තර්ජාලය හරහා අපට වෙබ් පිටුවක් පෙන්වන්නේ කොහොමද කියන කාරණයට මුලින්ම එන්නම්.  මුලින් කීව Web Hosting  සේවාව (Internet Service Provider)  මූලිකවම අවශ්‍ය වෙන්නෙ වෙබ් අඩවියක් දියත් කරනවිට. ඊට අමතරව ඒ සදහා අපිට වෙබ් අඩවිය නාමාවලියකට එක් කිරීම සඳහා DNS(Domain Name Server) එකක සහයකුත් අවශ්‍යයි. ඒ ගැන පස්සේ කතා කරමුකො. දැන්  හිතන්නකො අපි අලුතෙන් වෙබ් අඩවියක් නිර්මාණය කරනව අපේ පරිගණකයේ තියාගෙන. Wamp හෝ XXamp වගේ web development platform එකක් මත ඉඳන් අපේ පරිගණකයේම Web Browser එකෙන් ඒ අඩවිය නරඹනව. කොහොමද Web Browser එකට ඒ සයිට් එක ලෝඩ් වෙන්නෙ, කොහෙන්ද මූලාශ්‍ර ගන්නේ? මේ අවස්ථාවෙදි  Web Browser එකෙන් පෙන්වන්නේ ඔයාගෙ පරිගණකයේම තියෙන සයිට් එක. ඒ නිසා එය ක්ලික් කල සැණින් මතු වේවි. දන්නවනේ ඉතින් කොහොමද සයිට් එකක් web browser එකක පෙන්වන්නට එන තැන වෙනකම් ක්‍රියාපටිපාටිය.
                          අන්තර්ජාලයේ  විවිධ වූ කාර්යන්, සේවාවන් නිවැරදිවත් කාර්යක්‍ෂමවත් පවත්වාගෙන යාම සඳහා ඇතිකර ගත් එකඟතාවය තමයි Internet Protocol එක කියන්නේ. මම මගේ නෙට්වර්ක් ලිපි පෙල මගින් මේ පිළිබඳව කතා කරා මතක ඇති. ඒ කියන්නේ යම් කිසිවක් කිරිමට ඇති නිශ්චිත ක්‍රමවේදයට. ඔබ උදේ නැගිට්ට වෙලාවෙ ඉඳන් ඔෆීසියට , පාසලට යන්නට සූදානම් වන යම් පිලිවෙලක් ඇත්ද අන්න ඒ වගේ නිශ්චිත පටිපාටියක්.  ඔබේ web browser එක open කරගෙන www.google.com කියන වෙබ් අඩවියට  පිවිසෙනව කියල හිතන්න.www.google.com   කියන්නේ අපට කියවීමට හැකි ආකාරයට හා මතක තබා ගත හැකි ආකාරයට පරිවර්තනය කර පෙන්වීමක්. නමුත් ඊට යටින් තියෙන්නේ 74.125.235.23 වගේ‍ එකක්. (ඔබත් cmd open කරගෙන taracert හෝ ping විධානය මගින් කැමති URL එකක් ට්‍රේස් කර බලන්න. හැබැයි security websites හෝ ආරක්ෂාව සම්බන්ධ වෙබ් අඩවි  නම් ඔබට එසේ ට්‍රේස් කිරීමේ හැකියාවක් නැහැ. මොකද නොයෙකුත් හේතු මත ඒවා trace කිරීමේ හැකියාව අවමයි. ) අපි දන්නවා URL ගැන.  Universal Resource Locator  කියන එකයි URL යනුවෙන් හඳුන්වන්නේ.  අපි browser එකේ ටයිප් කරනවා www.google.com කියලා. www.google.com කියන්නේ URL එකක්. ඉතින්  කලින් කීව DNS(Domain Name Server) එක මගින් ඔබේ URL එක දිහා බලලා එයට අදාල IP Address එක සොයා ගන්නවා. උදාහරණයක් විදිහට අපි දුරකථන නාමාවලිය දිහා බලලා දුරකථන අංකයක් හොයාගන්නව වගේ. ඔබ යවන සෑම දත්තයක්ම කුඩා පැකට් වශයෙන් තමයි  ගමන්ගන්නේ. මේ ආකාරයේ ජාලයකට අපි කියනවා packet switched network එකක් කියලා. ඔබ ඔබේ යහලුවෙකුට යවන e-mail message එකක් උදාහරණයට ගමු. මේ e-mail message එක එකකට නිශ්චිත bytes ගණනක් වශයෙන් කොටස් කිහිපයකට වෙන් වෙනවා  මුලින්ම.එය විශාලත්වයෙන්  3,500 bits (3.5 kilobits) යැයි කියමු. එය නිශ්චිත කොටස් ප්‍රමාණයකට කැඩෙනවා. අන්න ඒවටයි අපි packets කියන්නේ. ඉතින් packet කීපයක් එකතු වෙලා තමයි දත්තයක් නිර්මානය වෙන්නෙ. මේ දත්තයෙන් එක packet එකක් හරි නැති උනොත් ඒ දත්තය සම්පූර්නය වෙනවද? නෑ නේද? හැම packet එකකම අඩංගු වෙනවා එහි ගමනාන්තය (destination) පිළිබඳව තොරතුරු,  යවන්නාගේ  IP address එක (Originating address),  ලබන්නාගේ  IP address එක (Destination address), යවන පැකට් ගණන, තමන්ගේ දත්ත පැකට්ටුවේ අංකය (which packet this is in a sequence of packets), ඒවා සම්බන්ද විය යුතු පිලිවෙල හා මේ e-mail message එක කොටස් කීයකට කැඩී ඇත්දැයි යනාදී තොරතුරු. ඉතින්  e-mail message එකක් පමණක් නෙවෙයිවෙබ් පිටුවක් හෝ මොන යම් ආකාරයක දත්තයක් වුවත් මේ ආකාරයට නිශ්චිත පැකට් ප්‍රමාණයකට කැඩී  අන්තර්ජාලය හරහා load වීමේදිත් ඒ ක්‍රියාවලිය එසේම සිද්ධ වෙනවා. ඒ වගේම අන්තර්ජාලයේ දී භාවිතා වන Transmission Control Protocol/Internet Protocol (TCP/IP) එක මතයි මේ packets ගමන් කරනු ලබන්නේ. සාමාන්‍යෙයන් එක් packet එකක් ගත්විට bytes 1,000 or 1,500 අතර ප්‍රමාණයක් අඩංගු වෙනවා.  මේ පැකට්ටුවක් කොටස් තුනකට බෙදා දැක්විය හැකියි පහසුව සඳහා. එනම් Header, Payload, Trailer ලෙසයි. මේ පැකට්ටු ජාලයේ ඇති රවුටරය කියන උපකරණයට තමයි මුලින්ම ගමන් කරන්නේ. නමුත්   දත්ත පැකට් විවිද මාර්ග ඔස්සේ ගමනාන්තයට ලගා වෙන්න පුලුවන් මේ ආකාරයට යන්න දුන්නොත්. ඒ සඳහා මෙන්න මේ කියන Router එකේ  lookup table කියන කොටසේ තමන් යටතේ සිටින client computer වල දත්ත (IP) ඇතුලත් වෙනවා. දැන් මොහු කරන්නේ තමන්ගේ Routing Table එක දිහා බලලා , e-mail message destination IP එකට පැකට්ටුව යවන එකයි. එය අනුපිලිවෙලටම එන්නෙත් නැහැ. පැකට් සියල්ල පැමිණි පසු පරිගණකය පැකට්ටු සියල්ලම පිළිවෙලට තියලා e-mail message එක සම්පූර්ණ කරලා අපිට පෙන්වනවා. අපිට නොපෙනුනාට විශාල process එකක් මේ ක්‍රියාවලියේදි සිද්ධ වෙනවා තත්පර කිහිපයකදි හෝ තත්පරයෙන් කුඩා පංගුවකදී. 




අපි web address එකක් උදාහරණයට ගමු -
http://www.w3schools.com/html/default.asp . මේ පිටුවේ යොමුව  මෙන්න මේ වගේ.
scheme://host.domain:port/path/filename

පැහැදිලි කිරිම:

  1. scheme - අන්තර්ජාල සේවාවේ type(වර්ගය) අර්ථ දක්වනවා. බොහෝම සුලභ වර්ගයක් තමයි http කියන්නෙ
  2. host - domain host එක අර්ථ දක්වනවා (the default host for http is www)
  3. domain - අන්තර්ජාලයේ domain name එක අර්ථ දක්වනවා, මේන්න මේ වාගේ w3schools.com
  4. :port - host එකේ port number එක අර්ථ දක්වනවා (the default port number for http is 80) මේ port එක http port එක වන අතර SSH, SMTP, DNS, NNTP, IMAP, SNMP, HTTPS වශයෙන් protocol ගණනාවකට නිශ්චිත වු ports පවතී. 
  5. path - server(අනුග්‍රාහක)ට path එක අර්ථ දක්වනවා 
  6. filename - ගොනුවකට හෝ වෙනත් පිටුවක නම අර්ථ දක්වනවා

                             මං තවත් ටිකක් පුංචි විස්තරයක් කරන්නම්. URL භාවිතා කිරිමේදි ඒ සදහා භාවිතා කළ හැක්කේ ASCII නැමති බයිනරි දත්ත කාණ්ඩයක් එනම් character-set එකක් පමණයි. Web Browser එක හරහා අපි වෙබ් පිටුවක් request කරන විට Browser එක  අදාල URL එක කොටස් තුනකට වෙන් කරගන්නවා.

උදා - 
The protocol ("http")
The server name ("www.microsoft.com")
The file name ("products.htm")



                    server name හා file name යන දෙකම අපි ගබඩා කරපු තැනින් හොයලා දෙන්නේ Name server එකක් ආධාරයෙන්. ඉතින්  වෙබ් ලිපිනයන්හි නිතරම ASCII ගණයට අයත් නොවන characters අඩංගු වන බැවින්, URL එක වලංගු ASCII ගණය‍ට වැටෙන එකක් බවට පත් කිරිම සිදුකරගන්නවා. encoding කරනව කියලා අපි හඳුන්වන්නේ මෙයයි.  URL encoding මඟින් characters අන්තර්ජාලය හරහා සම්ප්‍රේෂණය කළ හැකි characters ගණයක් බවට පත් කරගනිමින් තමන්ටම ආවේණික වු සන්නිවේනයක් ගොඩ නගා ගනු ලබනවා. URL encoding මඟින් ASCII නැමති characters ගණයට නොවැටෙන characters මෙම සලකුණත් සමඟ "%" තවත් hexadecimal සංඛ්‍යා දෙකකුත් බවට පත් කරනවා. URL වල spaces(වචන දෙකක් අතර පරතරයක්) අඩංගු වෙන්න බැහැ. URL encoding මඟින්  space එකක් , වචන 2ක් අතර‍ පරතරයක්  + සලකුණක් බවට පත් කරනවා. ඒ විදිහට ‍තමයි  ඉල්ලපු කුමක් වුවත් ඔබට Web Browser එක හරහා දර්ශණය වන්නේ. ගෙදර ඉඳන් අන්තර්ජාලයේ සැරි සරනවා නම් මුලින්ම  DSL හෝ cable modem එක මගින් ISP( Internet Service Provider) ටත්, ඒ ISP තමන්ගේත් ISP ලොක්කටත්, ඒ ISP ලොක්කත් තමන් ඉන්න පලාතේ හරි රටේ හරි main ISP ටත්(මේ main ISP අදාල රට තුල හෝ ප්‍රෙද්ශයේ fiber optic  backbone එකක් නඩත්තු කරන කෙනෙක් වෙන්න පුලුවන්), main ISP නඩත්තු කරන backbone එක ලෝකය වටා එලා ඇති  fiber optic line වලටත්, undersea cables වලට හෝ  satellite links වලට සම්බන්ධ වීම තුලිනුයි අන්තර්ජාලය තුල තියෙන තවත් පරිගණකයට එම ජාලයේම ඇති තවත් එකක් හරහා පණිවිඩ හුවමාරු කල හැක්කේ.   එය තීරණය වන්නේ තමන්ගේ හා තම සේවාදායකයා ගේ තාක්ෂණික පොහොසත්කම මතයි.  resources වල තියෙන බලවත්කම මතයි.  වෙබ්පිටුවක් ලෝඩ් විමේ සිට අන්තර්ජාලයේ ක්‍රියාකාරිත්වයත් මේ ආකාරයෙන් තමයි සිද්ධ වෙන්නේ.   
                     මේ ලිපියට මගේ යාලුවෝ තවත් කරුණු එකතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා. තවත් ලිපියකින් තවත් දවසක හමුවන තුරු ඔබට ජයෙන් ජය...