Monday, October 6, 2014

දෘඩ තැටිය සැකෙවින්

Hard Disk ගැන සැකෙවින්...



             දෘඩ තැටි පිළිබදව තාක්ෂණික පැත්තෙන් ලියවුනු ලිපි බොහොමයි. නමුත් සිංහලෙන් ඒ පිළිබදව පලවි ඇත්නම් ඒ අතලොස්සක්. ඉතින්  මම නොයෙකුත් ලිපි බලමින් ඉන්න අතරේ දෘඩ තැටි පිළිබදව වැදගත් ලිපි බොහොමයක් දැක්කා. ඉතින් ඒ තොරතුරැත් තව තවත් තොරතුරැ හොයාගෙන අපේ යාලුවන්ට වැඩිපුර කරැණු කාරණා දැනගන්න හැකි වෙන්නත් එක්ක සමහර තැන් සිංහලට පරිවර්තනය කරලා පලකරන්න තමා මේ වෑයම.මෙම ලිපිය සදහා  ප්‍රස්තුත කරැණු පලකරපු උදවියට ඉංගිරිසියෙන්ම මම මෙහෙම කියනවා. හොදටම Thanks.
              පරිගණකය තුල ප්‍රධානම ද්විතියික මතක උපාංගය(Secondary storage device) මෙන්ම ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය(Operating system) ස්ථාපිත කරනු ලබන ස්ථානය වන්නේ ද දෘඩ තැටියයි(Hard disk). අන්න එහෙම තමයි දෘඩ තැටියට එහෙමත් නැතිනම් අප කොයි කවුරැත් දන්න හාඩ් ඩිස්කයට නිර්වචනයක් දෙන්නේ මම. අද කාලයේ විශාල ධාරිතාවයකින් යුත් ගබඩා කිරීමේ උපාංග බො‍හොමයක් ඇතුලත කැරකෙන හෙල්ලෙන පෙරලෙන යකඩ හෝ කාන්දම් කොටස් වලින් සමන්විත වී ඇති බව ඔබ දන්නවා ඇති. අපි භාවිතා කරන mini SD වැනි ඩිජිටල් පරිපථයකට මේ හා සමාන data capacity එකක් දරන්න බැරි විත්තියත් දන්නවා ඇති.ඒ නිසයි දත්තවලට කොච්චර අවධානම් පරාසයක් තිබුනත් තවමත් ඉහල ගබඩා කිරීමේ ශක්තියක් ඇති නිසා ඇතුලත චලනය වෙන කොටස්වලින් සමන්විත මෙම දෘඩ තැටිම භාවිතා කරන්නේ. ඉතින් ඉහතින් කීව physical කොටස් එකට වදින ශබ්දය තමයි හාඩ් ඩිස්කය කලක් භාවිතා කරද්දි අපිට ඇහෙන්නේ. ඉතින් මේ අලුතෙන් ගත්තු ඒවගේ නෙමෙයි බොහෝ පැරණි දෘඩ තැටි වලින්තමයි මෙහෙම "කර කරවැනි හඬක් ඇහෙන්නේසමහර විට මෙම හඬ ඉතා ඝෝෂාකාරීවන තරමටම ප්රබලයිනමුත් අපි කවුරුත් දන්නා පරිදි දෘඩ තැටියක් යනු ඉතාමත්ම සියුම්උපාංගයක්ඉතින් එවැනි සියුම් උපාංගයකින් මෙවැනි හඬවල් පැමිනෙන්නේදෘඩ තැටියේකුමන කොටසින්දඔයාල දන්නවා ඇති මේ හෙඩ් එක හා තැටි අතර මිලි මීටර් දශම ගානක ඉඩක් තියලා තමයි ඒ ඒ සමාගම් විසින් මේවා නිපදවන්නේ. එහෙම ‍තියෙද්දි හෙඩ් සහ තැටිනොගෑවෙන නිසා කුමක් වන විටද මෙම හඬවල් එන්නේ? ඒ ඉතින් දත්ත ගබඩා කරල කරලා ආයෙත් ඒවා මකල මකල , තව හිටි ගමන් කරන්ට් ඩවුන් උනාම, නොදන්න අය ක්‍රමවත් ෂට් ඩවුන් ක්‍රියාවලියෙන් බැහැරව පරිගණකය ඩොග් ගාල ඕෆ් කරාම එහෙම තමයි හාඩ් ඩිස්කයේ ප්ලැටර්ස් හා සෙක්ටර්ස් සවුත්තු වුනාම ඒ වගේ කර කර සද්ද එන්නේ. දෘඩ තැටියෙන් විවිධ හඬවල් ඒමට හේතු ඒ දැක් වූ  හේතු තමයි.ඒකට නම් අලුත් හාඩ් ඩිස්ක් වලS.M.A.R.T technology කියල තාක්ෂණයක් ඔබ්බවල එවන්නේ හාඩ් ඩිස්ක වල healthඑක දැනගන්න පිළිබදව යම් මිම්මක් තියාගන්න හැකිවෙන විදිහටයි. කතාවෙන් ගොඩක් ඈතට යනවා වගෙයි දැන්.

ඉතිහාසය

                    
    ඉතින් වර්තමානයේ නැතුව බැරි මෙවලමක් වන දෘඩ තැටිය ලෝකයට දායාද කරනු ලැබුයේ විද්වතුන් දෙදෙනෙක් විසිනි. ප්‍රංශයේ ඇල්බට් ෆර්ට් සහ ජර්මනියේ පීටර් ග්රුවර්න්බර්ග් දෙදෙනා දෙදෙනා විසිනි. මේ නිසාවෙන් 2007 වසරේදී භෞතික විද්යා සදහා වන නොබෙල් ත්‍යාගය හිමි කර ගැනීමටද මොවුන් දෙදෙනා සමත් විය. මෙම විද්‍යාඥයින් දෙදෙනා විසින් තනි තනිව සොයාගනු ලැබුයේ ඉතා කුඩා කාන්දම් වෙනසක් (අවම චුම්බක විචලනයක්) මගින් වඩා වැඩි විදුලි ධාරා වෙනසක් (සැබවින්ම විද්යුත් සන්නායකතාවේ විශාල විචලනයක්) ඇති කල හැකි සිදුවීමක් (භෞතික ආචරණයක්) තිබෙන බවය. මෙය හදුන්වනු ලැබුනේ ජී.එම්.ආර් (GMR - Giant Magneto Resistance) හෙවත් යෝධ චුම්බක ප්‍රතිරෝධතාවය ලෙසයි. මෙම දෘඩ තැටියක තොරතුරු ගබඩා කරන්නෙ කාන්දම්වල සිදු කරන වෙනස්කම් හෙවත් චුම්භක ක්ෂේත්‍රයේ වෙනස්කමක් මගිනි. මේ වෙනස්කම් දත්ත කියවන/ලියන හිස මගින් හදුනා ගෙන ඊට අනුරූප විදුලි ධාරාවක් නිපදවයි. එය ඩිජිටල් මාදිලියට පෙරලා ගැනීමෙන් දෘඩ තැටියේ ඇති දත්ත පරිගණකය විසින් හදුනාගනී. මේ නිසා දෘඩ තැටියෙහි ඇති තොරතුරු කියවීමට පුළුවන්කම ලැබීමේ පළමු කොන්දේසිය වන්නේනේ එහි ඇති චුම්බක වෙනස තොරතුරු කියවන හිසට හදුනාගත හැකි තරම් විශාල විය යුතු බවයි. වැඩි තොරතුරු ප්රමාණයක් රඳවා ගැනීමේ හැකියාව තබා ගෙන දෘඩ තැටියක් කුඩා කිරීමට බැරිඑවිට චෘඩ තැටියේ ඇති චුම්බක කොටසේ බලසම්පන්නකම අඩුවීමය. දැන් සංවේදී හිසට එය කියවීමට බැරිය.වර්ෂ2007 දී නොබෙල් ත්‍යාගය දිනූ ඇල්බට් ෆර්ට්ගේ සහ පීටර් ග්රුවන්බර්ග්ගේ සොයා ගැනීමේ වැදගත්කම මතුවෙන්නේ මෙතැන දීය. එනම් ජී.එම්.ආර් සිංසිද්ධිය වටින්නේ මෙතැනදීය. ඒ ඉතා පොඩි චුම්බක වෙනසක් නිසාත් හොදට හදුනා ගන්නට පුළුවන් තරම් විශාල විදුලි වෙනස්කමක් ඇති වන විදිහ ජී.එම්.ආර් සංසිද්ධියෙන් විස්තර වන නිසාය.
                               මේ ජී.එම්.ආර් තාක්ෂණය යොදා ගෙන වැඩි තොරතුරු ප්‍රමාණයක් රැදවිය හැකිප්‍රමාණයෙන් කුඩා දෘඩ තැටි 1997 දි වෙළදපොලට ආවේය. එදා පටන් එය අද දක්වාම භාවිතයේ තිබේ. මේ භාවිතයේ වැදගත්කම ගැන නොබෙල් තෑග්ග පිරිනමන ස්වීඩනයේ රාජකීය විද්යා ඇකඩමියේ සාමාජිකයෙකු වන බෝර්ජ් ජොහැන්සන් කියන්නේ මෙසේය. ""මේ සොයා ගැනීම නොකරන්නට MP3 මාදිලියේ ගීත හෝ අයිපොඩ් එකක්වත් අද නැහැ. ඒ වගේම මයික්‍රෝ ඩ්‍රයිව්ස් කියා දෙයක් ඇත්තේම නැති වෙන්නට තිබුණා. ‍මේmicro drive කියද්දි මතක් වුනේ මා ගාව දැනට තියෙන පරණ ලොට්ට ෆෝන් එකෙත් තියෙන්නේ micro drive එකක්. ඒක ඉතින් 2000 වසරේ විතර හදපු ගිගා බයිට 8ක දත්ත ගබඩා කිරීමේ ශක්තිය ඇති එකක් . ඉතින් එවැනි ජංගම දුරකතන වල වගේම අයිපොඩ්වල තිබෙන ප්‍රමාණයෙන් පොඩි හාඩ් ඩ්‍රයිව් එකක ගීත සිය ගණනක් රැදවිය හැක්කේ මෙවැන්නක් එහි තිබෙන නිසාය. එය නොවී සාමාන්‍ය සෙන්ස්රයක් තිබුණොත් අයිපොඩ් එකක රැදවිය හැක්කේ වැඩිම වුණොත් එක ගීතයන් පමණි.මේ විදිහට ටිකින් ටික ගොඩ නැගුණු දෘඩ තැටියෙහි තාක්ෂණය නිසාවෙන් ලොව දත්ත ගබඩා කර ගබාගැනීමේ ප්‍රධාන මාධ්‍යක් ලෙස මෙය භාවිතයට පත්ව තිබෙනවා. ඔබට පරිගණකයත් තිබෙනවානම් ඔබ ඇත්තෙන්ම දෘඩ තැටියක් දැක තිබෙනවා. නොදැකපු කෙනෙක් නැති තරම්. මෙම දෘඩ තැටිය අපි විවිද වෙනස්කම් සිදු කරමින් භාවිතයට ගන්නවා ඔබේ සිහියට නගා ගන්න,පාර්ටිශන් කිරීමතොරතුරු ඇතුලත් කිරීමමකා දැමීමෆෝමැට් කිරීම වැනි ගොඩක් දේවල් පහතින් සාකච්ඡා කර බලමු.





හාඩ් ඩිස්ක් එකක් තොරතුරු ගබඩා කරන හැටි 

    හාඩ් ඩිස්කයක මූලිකම කොටස එදි දත්ත ගබඩා කොට තිබෙන තැටියකි. ඩ්‍රයිව් ප්ලැටර්ස් (Drive Platters) කියා හදුන්වන මේ තැටිය මතුපිට කොබෝල්ට් හා ප්ලැටිනම් කණිකා තිබේ. මෙවැනි කණිකා 50-110 අතර ගණනක සිහිටුමෙන් තොරතුරු බිටුවක් (1bit) ගබඩා කෙරේ.. මේ කණිකා නියමිත දිශාවක් ඔස්සේ පිහිටන කාන්දම් පද්ධතියක් බවට පස් වූ විට හෙවත් චුම්බකිත වූ (Magnetized) විට මේවා බිටු "1"හෝ "0" නිරූපණය කරන තැනට හෙවත් ඩිජිටල් මාදිලියට හැරේ. මේ ප්ලැටර්ස් මතින් සමීපව ගමන් කරන කියවීමේ/ලිවීමේ හිස (Read/Write Head) මඟින් ප්ලැටර්ස් මතුපිට චුම්භක රටාව කියවයි. එසේම විධානයක් දුන් විට ඒ හිසෙන්ම මේ චුම්භක රටාව වෙනස් කරයි. හෙවත් අලුත් තොරතුරු ලියයි. ඩ්රයිව් එකක් තුළ ප්ලැටර්ස් එකක් හෝ කීපයක් තිබිය හැකිය. පරිගණකය ක්රියාත්මක කළ විට ඩ්‍රයිව් එකෙහි ඇති ප්ලැටර්ස් ඩ්රයිව් එකෙහිම ඇති මොටරයක් මඟින් තප්පරයට රවුම් 60-120ත් අතර වේගයකින් කරකැවේ. එවිට එහා මෙහා යන හිස මඟින් එහි ඇති "තොරතුරු" උකහා ගනී. මෙසේ ප්ලැටරය මත තොරතුරු ගබඩා කොට තිබෙන්නේ ඛණ්ඩක හෙවත් සෙක්ටර්ස් (Sectors) හා මංපෙත් හෙවත් ට්රැක්ස් (Tracks) කියා හඳුන්වන පොටස්වලය. දැන් තිබෙන හාඩ් ඩ්‍රයිව් එක තනා තිබෙන්නේ මේ උපාංග සමඟ ඒවා හසුරුවන විද්යුත් පරිපතයද දැඩි ලෝහමය ආවරණයන් තුළ අසුරා තැබීමෙනි. ඒ දූවිලිතෙතමනය යනාදියෙන් ප්ලැටර්ස් බේරා ගන්නටය. තොරතුරු හොදින් කියවා ගැනීම සදහා මේ ප්ලැටර්ස් මුහුණ බලන කණ්නාඩියක් සේ පෙනෙන තරමට සියුම්ව උප දමා තිබේ.       ඉතින් පරිගණක යන්ත්‍රයෙහි මෙහෙයුම් පද්ධතියේ (Operating system) සිට සියළුම මෘදුකාංග(Software) ස්ථාපනය සහ වෙනත් සියළුම දත්ත සහ තොරතුරු ගබඩා කර ගබාගැනීම සඳහා යොදවා ගන්නා ප්‍රධාන මාධ්‍ය වන්නේ පරිගණකයෙහි දෘඩ තැටියයි (Hard disk). අප විසින් පරිගණකය තුල සුරක්ෂිතව තැන්පත් කරනු ලබන සියළුම වැදගත් දත්තයන් සහ තොරතුරු සියල්ලම නිසි පරිදි ආරක්ෂා කරගැනීමට දෘඩ තැටියෙහි ආරක්ෂාව පිළිබඳව කල්පනාකාරී විය යුතුය.විශේෂයෙන්ම මෙහෙයුම් පද්ධතිය සහ සියළුම මෘදුකාංග ස්ථාපනය වන්නේ දෘඩ තැටිය තුල නිසා ඒ පිළිබඳව මනාව අවබෝධයෙන් සිටිය යුතුයි.නැතිනම් බොහෝ වටිනා මෘදුකාංග මෙන්ම ඔබගේ වටිනා දත්තයන් වෙනත් මාධ්‍යයක් තුල සුරක්ෂිත කර තබාගැනීම වඩාත් යෝග්‍ය කටයුත්තක්.


         


            බොහෝ විට නවීන පන්නයේ එස් එස් ඩී ( S S D) වර්ගයේ ධාවක තුල තැටි අඩංගු නොවේ.ඒ කියන්නේ අර ඉහතින් කිව ඇතුලතින් එහාට මෙහාට වෙන කොටස් මේ S S Dවර්ගයේ තැටි තුල නැහැ.ඇත්තේ පරිපථ කොටසක් පමණයි.මේවා තුල මතකය රඳවා ගනු ලබන්නේ ෆ්ලෑෂ් මතක චිප් (Flash memory chip) තුල ගබඩා කර ගනිමින්.ඒ නිසා මේවා යොදා ගැනීමේදී බල සැපයුම නිවැරදිව භාවිතා කළ යුතු මෙන්ම වඩාත් ආරක්ෂා කාරී විය යුතුය.මේවා ඉතා වේගවත්ව දත්ත සම්ප්‍රේෂණය කරනු ලබන අතර මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය සඳහා වඩාත් යෝග්‍ය වේ.මේවා දැවී යාමක් සිදුවුවහොත් තැන්පත් කර ඇති දත්ත නැවත ලබාගත නොහැක.ඒ නිසා වටිනා දත්තයන් තැන්පත් කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුයි.ඒ වගේමයි මේවයේ ගානත් ගොඩක් සැරයි.


හාඩ් ඩිස්ක් එකක් පාර්ටිෂන් කිරීමේ දී සිදුවන ක්‍රියාවලිය


            හාඩ් ඩිස්ක් එකක් භාවිතයට පෙර පාටිෂන් කළ යුතු අතර මෙවිට ඒ එක් පාටිෂන් එක වෙනමම ඩිස්ක් එකක් ලෙස භාවිත කළ හැකි වේ. හාඩ් ඩිස්ක් එකක් පාටිෂන් කළ විට ඒ එක් එක් පාර්ටිෂන් එකේ ආරම්භක සෙක්ටරයත් අවසාන සෙක්ටරයත් පිළිබද තොරතුරු පාටිෂන් ටේබල් නම් ස්ථානයේ සටහන් වෙයි. මේ නිසා යම් පාර්ටිෂන් ටේබල් එක කියවා බලා එහි ඇති තොරතුරු අනුව විස්ක් හෙඩ් එක නියම ස්ථානය වෙත ගෙන යනු ලබයි. මීට අමතරව පාටිෂන් ටේබල් එක මත ඇති මාස්ටර් බූට් ප්‍රෝග්‍රෑම් එක මගින් පරිගණකය බූට් වන අවස්ථාවේ ඊට අදාළ පාටිෂන් එක වෙත ඩිස්ක් හෙඩ් එක යොමු කරවීමත් කරයි. 





               ඕනෑම පාටිෂන් එකක් ෆෝමැට් කිරීමේ දී එම පාටිෂන් එක මූලික කොටස් හතරකට බෙදේ. එනම්බූට් සෙක්ටර්ස් (Boot Sector), ඩේටා ස්පේස් (Data Space), ෆයිල් අලෝකේෂන් ටේබල් හෙවත් ෆැට් (FAT - File Allocation Table),ඩිරෙක්ටරි ඒරියා (Directory Area) වශයෙන් තමයි ඒ.අපි බලමු මේවා එකින් එක මොනවද කියලා.


බූට් සෙක්ටර්
බූට් සෙක්ටරය තුල වැදගත් තොරතුරු කොටස් දෙකක් තිබේ. ඒවා නම්බූට් ස්ට්රැප් ප්රෝග්රෑම් (Boot Strap Program), බූට් පැරා මීටර් (Boot Parametre).බූට් ස්ට්රැප් ප්රොග්රෑම් එක තිබෙන්නේ ඔපරේටින් සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කර ඇති පාටිෂන් එකක් තුළ පමණි. මෙමගින් ඔපරේටින් සිස්ටම් ලෝඩ් කරවීමේ මූලික ක්රියාවලිය අරඹයි. බූට් වයිරස් එකකින් මෙම කොටස ආසාදනය වූ විට ඔපරේටින් සිස්ටම් එක කෝඩ් වනවාත් සමගම වයිරසය ද ක්‍රියාත්මක වේ. බූට් පැරාමීටර් කොටස්අදාළ පාටිෂන් එකේ පිහිමීට පිළිබද සවිස්තර වාර්ථාවක් ඇත. Byte Per Second Perclustor, No of Copies Of FAT, No of Sector for Fat යනා දී වශයෙනි. පාටිෂන් එක තුළ විවිද ස්ථාන හදුනා ගැනීම සදහා බූට් පැරාමීටර් (Boor Parameter) භාවිතා වේ.



ඩේටා ස්පේස්
පාටිෂන් එකේ මුළු ඉඩ ප්රමාණයෙන් 99.7% පමණ වූ බහුතර බඩ ප්රමාණය ඩේටා ස්පේස් නම් කොටසට අයත් වේ. ෆයිල් සේව් කිරීමේදී ඒවායේ ඇති තොරතුරු සටහන් වන්නේ මෙම තොටසෙහිය. 
පිළිවෙලකට දත්ත සටහන් කොට තැබීම සදහා ඩේටා ස්පේස් එක ක්ලස්ට (Cluster)වලට බෙදා එක් එක් ක්ලස්ට සදහා විශේෂ ඇඩ්රස් (Address) එක බැගින් සපයා ඇත. මෙම ඇඩ්රස් එක මඟින් ඕනෑම ක්ලස්ටරයක් වෙත නිවැරදි ඩිස්ක් හෙඩ් එක ගොන යාම සහතික කරයි.



ෆයිල් ඇලෝකේෂන් ටේබල් හෙවත් ෆැට්
ඩේටා ස්පේස් හි ඇති සෑම ක්ලස්ට එකක්ම ඇඩ්රස් එකක් ඊට අදාළ ස්ටේටස් එක හෙවත් තත්වයත් මෙම කොටස තුළ සදහන් වේ. ෆැට් එක කියවීම මඟින් ඩේටා ස්පේස් හි ඇති ඕනෑම ක්ලස්ට එකක්ෆයිල් සේව් කිරීමට භාවිත කොට තිබේදනැතිනම් අලුත් ෆයිල් එකක් සේව් කිරීමට භාවිත කළ හැකි දඑසේත් නැත්නම් ප්රයෝජනයට ගත නොහැකි බෑඩ් ස්ලස්ටර් (Bad Clustor) සේ පවතී දයන්න බලා ගත හැක.



ඩිරෙක්ටරි ඒරියා 
පාටිෂන් එක මත සේවා කර ඇති ෆයිල්වල Name, Size, Attributes යනාදී තොරතුරා හා ඩේටා ස්පේස් හි භාවිත කර ඇති පළමු ක්සස්ටරයේ ඇඩ්රස් එක යන මේවා ඩිරෙක්ටරි ඒරියා එකේ සටහන් වී තිබේ. (Directory Name) ද මීට අතුලත් වේ. 



ෆයිල් එකක් සේව් කීරීමේ ක්‍රියාවලිය 
යම් කිසි ෆයිල් එකක් සේව් කරන ලෙස පරිගණකයට දැන් වූ විටඩිරෙක්ටරි ඒරියා එකේFile Name, Size, Attributes ආදී තොරතුරු ඇතුළත් කරයි. දත්ත ලිවීමට සුදුසු ක්ලස්ටස් එකක් හෙවත් ස්ටේටස් එක 0000 ලෙස ඇති ක්ලස්ටර් එකක් ෆැට් එක මත සොයා බලයි. උදාහරණයක් ලෙස මෙසේ හමු වූ ක්ලස්ටරයේ ඇඩ්රස් එක 0003 යැයි සිතමු. ඩිරෙක්ටරි ඒරියා එකේ File Name එකට ඉදිරියෙන් පළමු ක්ලස්ටරය ලෙස0003 ඇතුළත් කරයි. ඉස්පසු ඩේටා ස්පේස් හි 0003 නම් ක්ලස්ටරය තුළ දත්ත ලිවීම ඇරඹේ. එම ක්ලස්ටර් එක 0000 තත්වයේ ඇති ක්ලස්ටර් එකක් ගැන සොයා බලයි. මෙවිට ලැබෙන ක්ලස්ටර් ඇඩ්රස් එක 0005 වූයේ යැයි සිතමු. ෆැට් එක මත 0003 නම් ක්ලස්ටර් ඇඩ්රස් එකේ ස්ටේටස් එක 0005 ලෙස සදහන් කරයි. (Next Clustor).ඉන්පසු ඩේටා ස්පේස් හි 0005 වන ක්ලස්ටරයේ දත්ත ලියා අවසන් වි ඇත්නම් ෆැට් එකේ0005 දරණ ක්ලස්ටර් ඇඩ්රස් එකේ ස්ටේටස් එක ffff ලෙස ලියා තබයි. 
            දැන් මෙම ෆයිල් එක කියවීමේ දී ඩිරෙක්ටරි ඒරියා එකෙන් File Name එක සොයාගෙනපළමු ක්ලස්ටර් ඇඩ්රස් එක සොයා ගනී. අනතුරුව ෆැට් එක කියවීමේන් අවසානය දක්වා වූ ඉතිරි කලස්ටර් සොයා ගක හැකි නිසා ඩේටා ස්පේස් වෙතින් අවශ්ය ක්ලස්ටර්ස් සියල්ල කියවා ගෙන අදාල ෆයිල් වන ලොඩ් කළ හැකි වේ. 



ෆයිල් එකක් මකා දැමීම

ෆයිල් එකක් ස්තීර ලෙස පරිගණකයෙන් ඉවත් කිරීමේ දී සිදුවන්නේ ඩිරෙක්ටරි ඒරියා එකෙන් අදාළ ෆයිල් එකේ තොරතුරු ඇතුලළත් Record එක මකා දැම්මත්ෆැට් එක තුළ ඊට අදාළ ක්ලස්ටර් ඇඩුස්වල ස්ටේටස් එක 0000 ලෙස ලිවීමත් ය. කෙසේ වෙතත් ඩිරෙක්ටරි ඒරියා හා ෆැට් ආදියෙහි පිටපතක් හෙවත් කොපි කීපයක් සෑම විටම තබා තිබෙන බැවින් "Third Party Tool" එක් භාවිත කොට පැරණි ෆැට් එකක් කිය වීම මඟින් ඩිලීට් කරන ලද ෆයිල්ස් නැවත ලබා ගත හැකිය.


ක්වික් ෆෝමැට් කිරීම

මෙහිදී සිදුවනුයේ ඩිරෙක්ටරි ඒරියා එක මත ඇති ෆයිල් හා ෆෝල්ඩර් ආදියේ නම් සියල්ලම මකා දැම්මත්ෆැට් එක මත ඇති සියලුම ක්ලස්ටර් ඇඩ්රස්වල ස්ටේටස් එක 0000කිරීමත්ය. (සරලව කියතොත් පාටිෂන් එක මත පිහිටි ෆයිල්ස් හා ෆෝල්ඩර්ස් සියල්ලම ඩිලීට් කිරීමයි)


ෆුල් ෆෝමැට් කිරීම 

මෙහි දී පාටිෂන් එකේ ඇති බූට් සෙක්ටර්,ඩේටා ස්පේස්ෆැට් හා ඩිරෙක්ටර් ඒරියා යන මේවා අලුතින් පිහිටුවාඒවා අතර ඇති සම්බන්ධකම් අළුතින්ම ගොඩ නඟයි. ඩේටා ස්පේස් කොටස නැවත සකස් කොට ඇඩ්රස් කිරීමත් ෆැට් එක අලුතින් නිර්මාණය කිරීමත් සිදු වේ. 


බෑඩ් සෙක්ටර්ස් ලකුණු කිරීම





               බෑඩ් සෙක්ටර් හෝ බෑඩ් ක්ලස්ටර් ලෙස හැදින්වෙන්නේ නිසිපරිදි ධත්ත ලියා තැබිය නොහැකි එනම් දෝෂ සහිත වූ කලස්ටරයන්ය. ස්කෑන් ඩිස්ක් වැනි ටූල් එකකදී සිදුවන්නේ ඩේඩා ස්පේස් කොටස් ඇති සෑම ක්ලස්ටර් එකකම සංකීර්ණ ඩේටා පේලියක් ලියා ඒවා ඒවා නැවත කිවා බැලීමයි. ලියන ලද ඩේටා හා කියවූ විට ලැබුණු ඩේටා වෙනස් වූයේ නම් එම ක්ලස්ටර් එක බෑට් කලස්ටරයක් ලෙස හඳුනා ගැනෙන අතර ෆැට් එක මත අදාළ ක්ලස්ටර් ඇඩ්රස් එකේ ස්ටේටස් එක FFF7 ලෙස සලකුණු කරයි. මෙවිට ෆයිල් සේව් කරන අවස්තාවලදී මෙම බෑඩ් ක්ලස්ටර්ස් පාවිච්චි කිරීමෙන් වලක්වා ගත හැක. බෑඩ් සෙක්ටර් ඉවත් කිර දෙන සමහර "Third Party Tools" වලින් සිදු කෙරෙනුයේ ෆැට් එක මත ඇති FFF7 නම් බෑඩ් මාක් එක ඉවත් කර 0000 ලෙස සකස් කිරීමයි. මෙවිට බෑඩ් සෙක්ටර් මාර්ක් (Bad Sector Mark) එක ෆැට් එකෙන් ඉවත් වුවත් අදාළ ක්ලස්ටර් එකෙහි ලියන ලද දත්ත නිසා පරිදි සේව් වන්නේ නැති බැවින්හාඩ් ඩිස්ක් එක භාවිත කරන්නා කරදරයකට පත් විය හැක. 

ෆයිල් හිඩ්න් කිරීම
ෆයිල් හා ෆෝල්ඩර්ස්වල Attributes ලෙස සළකුනු ලබන Hidden, Read Only යන කරුණු ලියා තබන්නේ ඩිරෙක්ටරි ඒරියා එක තුළයි. යම් ෆයිල් එකක් හිඩ්න් කල විට ඒ බව ඩිරෙක්ටරි ඒරියා එකේ අදාළ File Name එකට ඉදිරියෙන් සඳහන් කොට තබන අතරFile List එක පෙන්වන අවස්ථාවලදී සැඟවූ ෆයිලිස් කියවීම අතහැර යයි. මීට අමතරව ෆැට් හා ඩේටා ස්පේස්වල ඒ ආකාරයටම දත්ත පවතී.





දෘඩ තැටියේ ආයු කාලය වැඩි කරගැනීමට පිළිපැදිය යුතු කරැණු
          


        සාමාන්‍ය දෘඩ තැටි තුල දත්ත ගබඩාකිරීම සිදුවන්නේ එහි අභ්‍යන්තරයේ ඇති තැටි (Platters)මත විද්‍යුත් චුම්භක බලය සහිත තර්කුවක් (Spindle)ආධාරයෙන් දත්ත සටහන් කිරීමය.විද්‍යුත් චුම්භක බලය ආධාරයෙන් දත්ත සටහන් කිරීම සහ කියවීම සිදු කරයි. මේ නිසා මේවා චුම්භක බල සහිත ස්ථානවල තැබීම නිසා දත්ත විනාශ විය හැක.බොහෝ අවස්ථාවන් වලදී මෙවැනි දෘඩ තැටි හානියට ලක් වන්නේ අනවශ්‍ය ලෙස බල සැපුම ව්සන්ධි වීම හෝ අනාරක්ෂිත ලෙස පරිගණකය අක්‍රීය කිරීම (Shut down) හේතුවෙනි.පරිගණකය ක්‍රියාත්මක කල අවස්ථාවේ සිටම දෘඩ තැටිය ක්‍රියාකාරී වන අතර හිටි හැටියේ බලය විසන්ධිවීම නිසා එම දෘඩ තැටිය මත දත්ත ලිවිම සහ කියවීම සිදු කරනු ලබන තර්කුව (Spindle) එක් වරම තැටිය මත නතර වීම නිසා තැටිය සීරීමකට ලක්වේ.ඒ නිසා ඒ ස්ථාන මත දත්ත සටහන් කල නොහැකි වීම මෙන්ම පවතින දත්ත විනාශවී යාම සිදුවේ.මෙවන් ස්ථාන බෑඩ් සෙක්ටර්ස් (Bad sectors) වශයෙන් හඳුන්වනු ලබන අතර මේවා දෘඩ තැටිය ක්‍රියාත්මක වීමේදී වර්ධනය වීම සිදුවේ.බොහෝ අවස්ථාවන් හීදි පරිගණකයෙහි බල සැපයුම් ඒකකය සඳහා යූ පී එස් (UPS) එකක් භාවිතා කිරීමත් සෑම අවස්ථාවක දීම ආරක්ෂාකාරී ලෙස පරිගණක යන්ත්‍රය ක්‍රියා විරහිත (Shut down) කිරීමත් නිසා දෘඩ තැටියෙහි ආයුකාලය වැඩි කර ගත හැක.
                          නිතර නිතර දෘඩ තැටිය ෆෝර්මැට් (Format) කිරීම නිසාද බෑඩ් සෙක්ටර්ස් හට ගැනීම සිදුවේ.මේවා පරිගණකය තුල ස්ථාන ගත කිරීමේදී සහ භාවිතා කිරීමේදී චලනය නොවන පරිදි ස්ථාන ගත කළ යුතුය‍.සාමාන්‍යයෙන් දෘඩ තැටිය නිතර නිතර භ්‍රමනය වීම සිදුවන නිසා කාලයත් සමඟ බෙයාරින් (Bearing) ගෙවී යාම සිදුවීම නිසා දෘඩ තැටිය දෝෂ සහිත විය හැකිය. බොහෝ විට බෙයාරින් ගෙවීයාම හෝ අනවශ්‍ය ලෙස බෑඩ් සෙක්ටර්ස් ඇතිවීම නිසා දෘඩ තැටිය තුලින් අනවශ්‍ය ශබ්දයක් ඇතිවීම පරිගණකය අතර මඟ සිරවීම (Struck) හෝ මන්දගාමී වීම සිදුවේ.තවද බොහෝ විට පරිගණක යන්ත්‍රය නැවත ක්‍රියාත්මක වීම හෝ දෘඩ තැටි මත පිටපත් කර ඇති යම් යම් වැඩ සටහන් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සිදුවේ.බොහෝ අවස්ථාවන්හි දෘඩ තැටිය භාවිතා නොකළහැකි තත්වයට පත් වූ විට නිල් පැහැති පසුතලයක් මත සුදු පැහැති අකුරින් දෝෂ පනිවුඩයක් (Blue screen error massage) දැක්වීම සහ පරිගණකය නැවත ක්‍රියාත්මක වීම සිදුවේ.තවද මෙහෙයුම් පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සහ අතර මගදී පරිගණකය නැවත ක්‍රියාත්මක වීම සිදුවේ.මෙන්ම මෙවන් අවස්ථාවකදී දෘඩ තැටිය වෙනුවට අළුත් එකක් භාවිතා කිරීම යෝග්‍ය වේ.
            තවද බල සැපයුම හෝ දත්ත සම්ප්‍රේෂණය සිදුකරන කේබල් ලුහුවත් වීම නිසාද දෘඩතැටිය දෝෂ සහිත විය හැක.බොහෝ විට මෙවන් අවස්ථාවකදී දෘඩ තැටිය ස්ථාපනය කර නැති බව දන්වයි.එසේම මෙහෙයුම් පද්ධතිය අඩංගු දෘඩ තැටිය ලුහුවත් වී ඇත්නම් මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක නොවන අතර එම දෝෂ පණිඩුඩය (Error massage) තිරය මත දැකගත හැක.අයි ඩී ඊ කේබල් (IDE Cable) සහිත එකක් නම් නිසි පරිදි පිනු සැකසුම් (Jumper settings) සිදු නොවූ විටද මේ තත්වය සිදුවේ.
            තවද බොහෝ විට මෙහෙයුම් පද්ධතිය සහිත දෘඩ තැටිය දත්ත තැන්පත් කිරීම නිසා ධාරිතාවය (Capacity) අවම වීම හේතුවෙන් දෘඩ තැටිය මන්දගාමී විය හැකිය.බොහෝ විට නිතර නිතර දත්ත තැන්පත් කිරීම මකා දැමීම වැනි කටයුතු නිසා අක්‍රමවත් ලෙස දත්ත දත්ත සටහන් වීම නිසාද පරිගණකය මන්දගාමී තත්වයට පත්කරයි.මෙවන් අවස්ථාවන් වලදී මේවා නිසි පරිදි ක්‍රමානුකූලව සැකසීම සඳහා අවශ්‍ය මෘදුකාංගයක් භාවිතා කර සකසා ගත යුතුය.තවද අනවශ්‍ය මාදුකාංග සහ වෙනත් දත්තයන් නිතරම ඉවත්කර දැමීම සහ දෘඩ තැටිය නිතරම පිරිසිදුව සහ පිළිවෙලට තබා ගැනීම නිසා පරිගණකයෙහි වේගය පවත්වා ගත හැක.බොහෝ විට දෘඩ තැටිය වෙන්කර (Partition)මෙහෙයුම් පද්ධතිය සඳහා වෙනමම එක් කොටසක් භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වේ.
            කෙසේ නමුත් හොඳ තත්වයේ බල සැපයුමක් භාවිතා කිරීම, පරිගණකය ආරක්ෂා සහිත ලෙස ක්‍රියා විරහිත කිරීම, අනවශ්‍ය ගොනු මකා දැමීම, අනවශ්‍ය මෘදුකාංග ඉවත් කිරීම සහ දෘඩ තැටිය මනාව කළමනාකරණය කිරීම නිසා දෘඩ තැටිය දිගු කාලයක් භාවිතයට ගතහැකිවනු ඇත.




Wireless Hard Disk



          ඉදිරියේදී දත්ත ගබඩා කිරීමේ සංකල්පය අලුත් මුහුණුවරක් ගන්නට පැමිණි තාක්ෂණයයි මේ. පුද්ගල පරිගණකයේ මවුපුවරැවට  සවි වී තිබුණු හාඩ් ඩිස්කයලැප්ටොප් පරිගණකයත් සමග ජංගම මාධ්‍යක් බවට පත් විය. ඒ  වඩා කුඩා3.5 cm ප්‍රමාණයට සැහැල්ලූ මෙන්ම කම්පනයන්ට ඔරොත්තු දිය හැකි ලෙස අනුවර්තය වෙමිනි. දැන් ඒ යුගයත් නිමා කරමින් ටැබ්ලට් පරිගණක සමග ඉදිරියට යන්නට සම්ප්‍රදායික හාඩ් ඩිස්කයට නව මං සෙවීමට සිදුවී තිබේ.ඉහතින් අප කතා කල Flash Drive හා SSD තාක්ෂණයන් හමුවේ වුවත් තවමත් අඩුම මිලකට වැඩිම ඉඩක් සපයන්නේ සාම්ප්‍රදායික හාඩ් ඩිස්ක තාක්ෂණයයි. මේ නිසා වෙනස්වන අවශ්‍යතා හමුවේ අළුත් වන්නට හාඩ් ඩිස්ක නිෂ්පාදන සමාගම් නිරතුරුව වෙහෙස ගනී. Seagate සමාගම විසින් මෑතකදී හඳුන්වා දුන් රැහැන් රහිත හාඩ් ඩිස්කය එවැනි තවත් විප්ලවීය නිර්මාණයකි.හාඩ් ඩිස්ක් නිෂ්පාදක සමාගම් අතර අද්විතීය නාමයක් වන Seagate වෙතින් එළි දැක්වුනු GoFlex නම් මෙම රැහැන් රහිත හාඩ් ඩිස්කය ගිගාබයිට් 500 ක (500GB) ධාරිතාවයකින් යුතුයි.  Seagate සමාගම විශේෂයෙන්ම මෙම රැහැන් රහිත හාඩ් ඩිස්කය ඉලක්ක ගත කර ඇත්තේ Apple නිෂ්පාදනයන් වන iPhone, iPod හා iPad වැනි උපාංගයන් සඳහායි. විශේෂයෙන්ම iPad වැනි විශිෂ්ඨ ටැබ්ලට් පරිගණකය සමග සහයෝගීව කටයුතු කළ හැකි අධි-ධාරිතාවයකින් යුත් ගබඩාකරණ මාධ්‍යයක් ලෙස මෙම GoFlex හාඩ් ඩිස්කය කැපී පෙනේ. මෙවැනි ටැබ්ලට් පරිගණක සාමාන්‍යයෙන් 32 GB හෝ 64 GB පමණ අභ්‍යන්තර ධාරිතාවයකින් යුතු වන අතර ඒවායේ සම්පූර්ණ කාර්ය සාධනය සඳහා මේ ඉඩ සෑහෙන්නේ නැත. ඒ සඳහා කදිම විසඳුමක් ලෙස මේ GoFlex හාඩ් ඩිස්කය භාවිතා කිරීමට හැකියි.
                      මෙම හාඩ් ඩිස්කය සිය දත්ත හුවමාරුව සඳහා කිසිදු රැහැනක් භාවිතා නොකරයි. මේ නිසා සියළුම දත්ත සන්නිවේදන කටයුතු සිදුවන්නේ 802.11 b/g/n wireless තාක්ෂණය ඔස්සේයි. මේ නිසා රැහැන් රහිත Wi-Fi සන්නිවේදනයට අනුකූල වන ඕනෑම උපාංගයක් සමග ගබඩාකරණ මාධ්‍යයක් ලෙස මෙම GoFlex හාඩ් ඩිස්කය භාවිතා කළ හැකියි. එනම් මෙතුල වයර්ලස් රිසීවර් එකක් උපතින්ම අඩංගු කර ඇත. iPad වැනි උපාංගයක් සැලකූ විට මෙවැනි උපකරණයක් නිසා එහි භාවිතාව තවත් පුළුල් වන අතර එහි නියම ප්‍රයෝජනය ද ලබා ගැනීමට හැකිවේ. උදාහරණයක් ලෙසට මෙම හාඩ් ඩිස්කය තුල අධි-විභේදන (Hi-Def) සිනමා පට 300 ක පමණ ප්‍රමාණයක් ගබඩා කල හැකි අතර ඔබ කැමති ඕනෑම තැනක සිට Wi-Fi හරහා ඔබේ කැමතිම සිනමා පටයක් රස විඳීමට හැකියි. ඕනෑම තැනක රැගෙන යා හැකි ආකාරයට ජංගම භාවිතයට උචිත ලෙස මෙය නිමවා ඇති අතර මෙම GoFlex හාඩ් ඩිස්කයට බලය ලබා දෙන්නේ එය තුළ අන්තර්ගත බැටරියක් මගිනි. මේ බැටරිය පැය පහක කාලයක් සඳහා සෑහෙන අතර standby ආකාරයෙන් පැය25 ක කාලයක් පවතී.

1 comment:

  1. ෙගාඩක් ෙබාද ලිපියක්

    ReplyDelete