Sunday, March 15, 2015

Internet Cookies යනු මොනවාද?


අන්තරජාලයට සම්බන්ධිත ඕනෑම පරිගණකයක නිසැක වශයෙන්ම ඇතුළුවන වැඩසටහන් විශේෂයක් ලෙසින්Cookies හැදින්විය හැකියි. මෙම ලිපියෙන් Cookies යනුවෙන් හුදුන්වන්නේ මොනවාදඒවායේ කාර්යය කුමක්දැයි ඔබට දැකගත හැකිය. Cookies නමින් හදුන්වන වැඩසටහන් විශේෂය මුල්වරට අන්තර්ජාලයට හදුන්වාදුන්නේ අතීතයේ වෙබ් බ්‍රව්සර නිපදවීම අතින් ප්‍රසිද්ධියට පත්වි සිටි Netscape සමාගමයි. නෙට්ස්කේප් නැවිගේටර් නම් බ්‍රව්සරය නිෂ්පාදනය කළේ මොවුන්ය. Cookies යන්නෙහි අර්ථය වන්නේ තාවකාලික යම් තොරතුරු ස්වල්පයක් රදවාගෙන සිටින කුඩා වැඩසටහන් විශේෂයක් වන්නයි.


වෙබ් අඩවිවලට ප්‍රෙව්ශවිමේදී ඒවායේ තොරතුරු ස්වල්පයක් යපු ප්‍රයෝජනය සදහා රැගෙනවිත් ඔබට රහසින් පරිගණකයේ ටෙක්ස්ට් ෆයිල් එකක් ආකාරයෙන් තැම්පත්වන වැඩසටහන් විශේෂයක් ලෙසින්ද මේවා හැදින්විය හැකියි. යම් වෙබ් අඩවියකින් මෙන්ම බැනර් ඇඩ්ස් නමින් හුදුන්වන වෙලද දැන්වීම් ඔස්සේද පරිගණකයට මෙවන් Cookies ළගාවිය හැකිය. එක් වෙබ් අඩවියකට ප්‍රවේශ වුවත් Cookies බොහෝ ගණනක් ඔබගේ පරිගණකයට හොර රහසින් ඇතුළු වනවා. විශේෂයෙන්ම අන්තර්ජාලයෙන් බඩු - භාණ්ඩ අලෙවිකිරීමේ කාර්යයේ යෙදී සිටින Doubleclick.com වැනි වෙබ් අඩවියකට ඔබ පිවිසෙන්නේ නම් මෙහි ඇත්ත - නැත්ත හොදින්ම දැකබලාගත හැකිය.

මෙවන් Cookies එකක එක්තරා ආකාරයක හදුනාගැනීමේ අංකයක්එය වළංගුව පවතින කාලසීමාවක් මෙන්ම ක්‍රියාකාරිත්වය නතරවන දිනයක්ද සදහන් වනවා. එපමනක් නොව ලොගින් නේම්ප්‍රාව්ශ වු වෙබ් අඩවි මොනවාදආදී තොරතුරුද මේවා මගින් රහසින් එකතුකරගෙන ඒවා නිර්මාණය කරන පුද්ගලයන් වෙත ලබාදීම සිදුවනවා. මේවා ටෙක්ස්ට් ෆයිල්ස් ආකාරයෙන් පරිගණකයේ තැම්පත්වන නිසා පරිගණකයේ ඇති සාමාන්‍ය ටෙක්ස් එඩිටර් මෘදුකාංගයන් මගින් විවෘත කරගත හැකියි. නමුත් මේවායේ ඇති තොරතුරු සාමාන්‍ය අයෙකුට කියවා තේරුම්ගත නොහැකිය. නමුත් යම් මෘදුකාංගවලින් මේ කාර්යය ඔබට ද පහසුවෙන් කරගත හැකියි. උදාහරණයක් ලෙස ජනප්‍රිය පරිගණක ක්‍රමලේඛකයෙක් වන Karen Kenworthy විසින් නිර්මාණය කරන ලදKaren's Cookie Viewer මේ සදහා යොදාගත හැකියි.

තවත් වැඩසටහන්වලින් මෙම Cookies පරිගණකයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරගැනීම සදහා යොදාගත හැයිය.

Cookies  පරිගණකයේ තැම්පත් වන්නේ කොහේ ද?
       මෙය තීරණය කරන්නේ ඔබ භාවිතා කරන ඉන්ටර්නෙට් බ්‍රව්සරය විසිනි. උදාහරණයක් ලෙස Internet Explorer බ්‍රව්සරය මෙව්න් Cookies තැම්පත් කරන්නේ එහි ඇති Cookies නම් ෆෝල්ඩරයක් තුළයි. Windows 98/Me වැනි මෙහෙහුම් පද්ධතිවලදී මෙම ෆෝල්ඩරය මෙහෙයුම් පද්ධතියකම අයත් උප ෆෝල්ඩරයක් වශයෙන් දැකගත හැකියි. නමුත් වින්ඩෝස් XP මෙහෙයුම් පද්ධතියේ දී පරිගණකය භාවිතා කරන එක් එක් පුද්ගලයා සදහා වෙනවෙනම ෆෝල්ඩර්ස් නිර්මාණය කරගන්නා නිසා \Documents and Setting\[User name]\Cookies\ යන පාත් එක අනුගමනය කරමින් මෙම ෆෝල්ඩරය විවෘත කරගත හැකිය. මෙහි User nameයනුවෙන් දක්වා ඇත්තේ පරිගණකය භාවිත කරන්නාගේ එකයි. Internet Explorer බ්‍රව්සරයේදී මෙම Cookiesසේව් වීම සිදුවන්නේ Temporary Internet Files නම් ෆෝල්ඩරය තුළයි. නෙට්ස්කේප්ෆයර්ෆොක්ස් වැනි බ්‍රව්සරවලදී මෙම Cookies සේවි වන්නේ Cookies.txt යනුවෙන් සදහන්වන ෆයිල් එකකයිත මේවා සේව් වන ස්ථානය තීරණය වන්නේ බ්‍රව්සරයේ වර්ගය හා බ්‍රව්සරයේ සංස්කරණය අනුවයි. මෙම ෆෝල්ඩරය සොයාගැනීම සදහා Find හො Search වැනි විධානයන් භාවිත කළ හැකියි. එසේම Cookies.txt හෝ Cookies යනුවෙන් නම ලබාදී සෙවීම ආරම්භ කළ හැකියි.


Cookies යොදාගන්නේ ඇයි?
       අන්තර්ජාලයට පිවිසෙන්නේ කවුදඔහුගේ පුරවැසිභාවය කුමක්දයනාදී කරුණු පිළිබදව සොයාබැලීමට කෙනෙක් අන්තර්ජාලයේ නැත.

අවශ්‍යතාවය ඉටුකරගත් පසුව පරිගණකය වසාදැමීම බොහෝදෙනා සිදුකරන දෙයයි. නමුත් මිනිත්තු කිහිපයකින් නැවතත් පෙර අවස්ථාවේදී පිවිසි වෙබ් අඩවියට ඔබ පිවිසෙනවා යැයි සිතන්න. එයට ඔබ මෙයට පෙර අදාළ වෙබ් අඩවියට පිවිසියේදඑහි විවෘත කළේ කිනම් පිටු ද යන්න සම්බන්ෂයෙන් කිසිදු මතකයක් නැත.

කුකීස්වලින් සිදුවන්නේ මෙම තත්වයට විසදුමක් ලබාදීමයි. යම් වෙබ් අඩවියකට පිවිසෙනවාත් සමගම පරිගණකයට එවන Cookie එකකින් ඔබ අදාළ වෙබ් අඩවිය තුළ දී කළ කී දෑ මොණවාදැයි සටහන් කරගැනීම සිදුවේ. පසු අවස්ථාවකදී නැවතත් එම වෙබ් අඩවියටම පිවිසුණු පසුව පෙර අවස්ථාවේදී ඔබ වෙබ් අඩවියේ දී ලබාදුන් සෙවුම් වචන වැනි දෑ ක්ෂණිකව ලබාගත හැක්කේ Cookies නිසයි.

නමුත් Unofficial Cookie FAQ නමින් හදුන්වන Cookies වල ක්‍රියාකාරිත්වය මෙයට වඩා තරම්ක් වෙනස් වේ මෙම Cookies මගින් වෙබ් අඩවි නිර්මාණය කරන්නන්ට අවශ්‍ය කරුණු බොහොමයක් දැනගත හැකිය. කෙටියෙන් සදහන් කරන්නේ නම් යම් වෙබ් අඩවියක අන්තර්ගතය එයට පිවිසෙන අයගේ රුචිකත්වය අනුව දිනෙන් දින යාවත්කාලීන කිරීමේ හැකියාව Cookies වලින් ලැබේ. DoubleClick, Amazon,eBay වැනි වෙබ් අඩවි මෙතරම් ජනප්‍රිය වි ඇත්තේ ඒනිසයි.

කුකිස්වලින් ඔබේ පෞද්ගලිකත්වයට හානිවිය හැකිය
       අන්තර්ජාලය අධ්‍යාපන ආයතනවල සිට රාජ්‍ය ස්ංස්ථා දක්වා විශාල වශයෙන් ව්‍යාප්ත වි ඇති මෙවන් යුගයක Cookies වල කාර්යය ද සැලකිය යුතු තරමකින් වෙනස් වී තිබේ.

අන්තර්ජාලය ඔස්සේ වෙළද දැන්වීම් නිර්මාණය කරන්නන් ඔබට විවිධ වෙලද දැන්වීම් ඉදිරිපත් කිරීම සදහාත් විවිධ දේවල් සම්බන්ධ විස්ථර ඇතුලත් ඊමේල් පිණිවිඩ එවීම සදහාත් Cookies වල උපකාරය ලබාගනී. එසේම අත්තර්ජාලයේ වෙබ් අඩවිවලට ලබාදෙන ඔබගේ පෞද්ගලික තොරතුරු ද සොරකම් කිරීම සදහා මෙම Cookiesයොදාගැනීම වර්ථමානයේ සුළභ දෙයකි. කෙසේවෙතත් මේවායින් පරිගණකයට කිසිදු හානියක් සිදුවින්නේ නැත.

කුකීස්වලට වැට බැදීම
       අන්තර්ජාලය පරිහරණය කරන බොහෝදෙනා කුකිස්වල පැමිණීම ගැණ එතරම් කරදර නොවන බව පෙනෙන්නට ඇත. මෙයට හේතුව පරිගණකයට විවිධ වෙබ් අඩවිවලින් අතුළුවන කුකීස් නැවැත්වීම තරමක කාළයක් ගතවන මෙන්ම දුෂ්කර කාර්යයක් වන බැවිනි. නමුත් පරිගණකයට ඇතුළුවන කුකීස්වලට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ගැනීම නුසුදුසු දෙයක් නොවේ. පැයක පමණ කාලයක් අන්තර්ජාලයේදි සැරිසැරීමේදි පරිගණකයට අතුළුවන කුකීස් ගණන 30ක් හෝ 40 වැනි ගණනකි. පහතින් දැක්වෙන්නේ මේ සදහා අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග කිහිපයකි.

මෙහිදි කළ හැකි එක් දෙයක් වන්නේ පිරිගණකයට සියලුම ආකාරයේ කුකීස් ඇතුළු විම වැළැක්වීමයි. නමුත් මෙය සාර්ථක විසදුමක් නොවේ. සමහර වෙබ් අඩවිවල අන්තර්ගතය ඒ ආකාරයෙන්ම දර්ශනය වීමට නම් කුකීස්වල සහාය අවශ්‍ය වේ මේ සදහා කළ හැකි හොදම දෙය වන්නේ අනවශ්‍ය කුකීස් ඉවත්කරමින් වැදගත් කුකීස් පරිගණකයේ තබාගැනීමයි

Internet Explorer බ්‍රව්සරයේ ඇති කුකීස් නම් ෆෝල්ඩරයේ ඇති අනවශ්‍ය කුකීස් එකින් එක ඉවත්කරගත හැකිය. නමුත් මෙය කාලය වැයවන දෙයකි. එසේ නැතහොත් ඔබ භාවිත කරන වෙබ් බ්‍රව්සරයෙන් ද පරිගණකයට ඇතුළුවන කුකිස් පාලනය කරගත හැකිය. උදාහරණයක් ලෙස Internet Explorer 6 බ්‍රව්සරයේ මේ සදහා විකල්ප කිහිපයක් ලබාදි ඇත. Firefox බ්‍රව්සරයේ නම් Tools-Options-Privacy යන මෙනුවාධාන ලබාදිමෙන් ලැබෙන සංවාද කොටුව මගින් මෙය සිදුකරගත හැකිය.

එසේත් නැත්තම් මේ සදහා අන්තර්ජාලයේ මෙන්ම පරිගණක මෘදුකාංග අළෙවිසැලකින් ලබාගත හැකි මාදුකාංග ද තිබේ. මෙයින් එකක් පරිගණකයේ පිහිටුවාගැනීමෙන් ඔබට අනවශ්‍ය කුකීස් පරිගණකයේ තැම්පත්විම වළක්වාගත හැකිය.
 

Saturday, October 25, 2014

POST සහ Beep කේත




“පරිගනකය පණ ගන්වන විට නැගෙන බීප් නාදය වෙත ඔබ මීට පෙර සැලකිල්ලෙන් සවන් දුන්නාද? එය ඔබගේ පරිගනකයේ සෞඛ්‍‍ය තත්වය පිළිබඳ වැදගත් පණිවිඩයක් ඔබට කියන්නට මග බලා සිටී.”



පරිගනකය ක්‍රියාත්මක කරන සෑම අවස්ථාවකම මෙහෙයුම් පද්ධති‍යේ ආරම්භක තිරය දර්ශනය වීමට පෙර කළු පැහැති පසුබිමක සුදු පැහැති අකුරු පෙළක් දිස්වීම පිළිබඳ ඔබ සැලකිලිමත් ද?

එසේ තිරයක් මතු කරමින් ක්‍රියාත්මක වන වැඩසටහන පරිගනකයේ “පණගැන්වීමේ ස්වයං පරීක්ෂාව” හෙවත් POST (Power On Self Test) ලෙස හදුන්වයි. මවු පුවරුවේ මතක චිපයක ගබඩා කර ඇති මෙම වැඩසටහන මගින් පරිගනකය පනගැන්වීමට අවශ්‍ය මූලික අවශ්‍යතා සපුරා ඇත්දැයි පරීක්ෂා කරනු ලබන අතර ඉහත සඳහන් කරන ලද කළු පැහැති තිරයේ දිස් වන්නේ එම පරීක්ෂාවන්ට අදාල ප්‍රථිපලයන් බවද අවධානයෙන් නිරීක්ෂනය කලහොත් ඔබට දැකගතහැකි වනු ඇත.

පරිගනකය ක්‍රියාත්මක කිරීමේදී ඇසෙන “බීප්”  නාදය ද මෙම POST වැඩසටහනේ ම ප්‍රතිදානයක් වන අතර එම හඬ ඇතිකරන්නේ මවු පුවරුවේම සවි කර ඇති කුඩා Buzzer (speaker) එකක් මගිනි.

විවිධ මවු පුවරු නිශ්පාදකයන් විසින් පරිගනකය පනගැන්වීමේදී ඇතිවන විවිධ දෝෂයන්/අසමත් වීම් (POST failures)  වාර්ථා කිරීම සඳහා විවිධ බීප් කෙතයන් ( (Beep Codes) භාවිතා කරන අතර IBM සහ තවත් ප්‍රධාන සමාගම් රැසක් භාවිතා කරන සම්මත බීප් කෙතයන් (Beep Codes) කිහිපයක් පහත දැක්වේ.




1)       කිසිදු බීප් නාදයක් නැත             
          
          පරිපථ ලුහුවත් වීමක්, විදුලි බලය නොමැති වීමක්, මධ්‍ය සකසනයේ, 
          මවු පුවරුවේ දෝෂයක් හෝ බල සැපයුම් කෙවෙනි වල බුරුල් වීමක්

2)       එක් කෙටි බීප් නාදය

          සියල්ල සාමාන්යයි. පණගැන්වීමේ ස්වයං පරීක්ෂාව සමත්

3)       කෙටි බීප් නාද දෙකක් 

          පණගැන්වීමේ ස්වයං පරීක්ෂාවේ හෝ CMOS පරිපථයේ දෝෂයක්

4)       එක් දිගු බීප් නාදය සහ එක් කෙටි බීප් නාදය

          මවු පුවරුවේ දෝෂයක්

6)       එක් දිගු බීප් නාදය සහ කෙටි බීප් නාද දෙකක්    
                 
          වීඩියෝ පරිපථයේ දෝෂයක්

7)       දිගු බීප් නාද තුනක්                                                       

          යතුරු පුවරුවේ දෝෂයක්

8)       නැවත නැවත ඇතිවන දිගු බීප් නාදය                                          

          ප්‍රධාන මතකයේ දෝෂයක් (RAM)

9)       නැවත නැවත ඇතිවන උස් පහත් බීප් නාදය                              

          මධ්‍ය සකසනය අධික ලෙස රත් වීම


පරිවර්ථනය කිරීමේදී ඇතිවන අරුත් වෙනස්වීම් මගහරවාගැනීම සඳහාම පමණක් ඉංග්‍රීසි උපුටාගැනීම මෙලෙස දක්වමු.


1.) No beep - Short, No power, Bad CPU/Motherboard, Loose peripherals
2.) One beep - Everything is normal and computer POSTed fine
3.) Tow beeps - POST/ CMOS error
4.) One long beep & one short beep - Motherboard problem
5.) One long beep & two short beeps - Video problem
6.) One long beep & three short beep - Video problem
7.) Three long beeps - Keyboard problem
8.) Repeated Long beeps - Memory error
9.) Continuous Hi-Low beeps - CPU overheating

ඇමරිකන් ක්‍රමයට Internet යන හැටි






ආයුබෝවන් යාළුවනේ! අද ලිපියෙන් ඔයාලට කියන්න යන්නෙ ටිකක් වෙනස් විදිහෙ දෙයක් ගැන. ඇත්තටම මේක පොඩි software එකක්. මේක භාවිතා කරලා ඔයාලට ඉතාමත් පහසුවෙන් ඇමරිකන් IP ලිපිනයක් හරහා අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න පුළුවන්.


දැන් ඔයාලා බලනව ඇති ලංකාවෙ අපි මොකටද ඇමරිකන් IP address එකකින් ඉන්ටනෙට් යන්නෙ කියලා නේද? ඔව්, ඇත්තටම මේකෙන් අපිට පොඩි පොඩි වාසි කිහිපයක්ම ලබාගන්න පුළුවන්. ඔයාලා සමහරවිට දන්නවා ඇති විවිධ රජයන් විසින් එයාලගෙ රට තුල විවිධ අන්තර්ජාල නීති පනවනවා. උදාහරණයක් විදිහට චීනෙ facebook තහනම්. අන්න ඒ වගේ අපේ රට තුල ඉඳලත් සම්බන්ධ වෙන්න බැරි වෙබ් අඩවි තියනවා. සමහර YouTube videos අපේ රටේ ඉන්න අයට බලන්න බැරිවෙන විදිහට තමයි upload කරලා තියෙනෙ.අන්න එහෙම අපේ රටට block කරලා තියන වෙබ් අඩවි වලට මේ කියන software එක භාවිතා කරලා ඉතාම පහසුවෙන් පිවිසෙන්න පුළුවන්.

හැබැයි ඒ කිව්වෙ එක වාසියක් විතරයි. මේ software එක භාවිතා කරලා අන්තර්ජාලයට සම්බන්ධ වෙන ඔයාට තවත් වාසි කිහිපයක්ම ලබාගන්න පුළුවන්. මේකෙන් ඔයාගෙ ඇත්ත IP address එක hide වෙලා ඇමරිකන් IP address එකක් හරහා අන්තර්ජාලයට සම්බන්ධ වෙන නිසා අනවසරයෙන් පරිගනක වලට ඇතුල්වෙන්න උත්සහ කරන පුද්ගලයන්ගෙන් (snoopers) බේරෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් ඔයා public wifi network එකක් හරහා අන්තර්ජාලයට සම්බන්ධ වෙනවනම් සබඳතාවයේ ආරක්ෂාව තහවුරු කරන්න මේ වගේ software එකක් භාවිතා කරන එක වඩා වැදගත්.

හරි. විස්තර කිව්වට software එකේ නම කිව්වෙ නෑනෙ. මේකෙ නම තමයි Hotspot Shield. ඔයාලට http://www.hotspotshield.com/ කියන වෙබ් අඩවියෙන් මේ software එක download කරගන්න පුළුවන්. එහෙම නැත්නම් පහළ තියන download button එක click කරන්න.

Hotspot Shield මෘදුකාංගයේ නොමිලයේ දෙන සංස්කරණයක් සහ මුදල් ගෙවා ලබාගන්න සංස්කරණයක් තියනවා. නමුත් අපි download කරගන්න ඕනෙ නොමිලයේ දෙන සංස්කරණය. මේ සංස්කරණයේ සීමිත පහසුකම් ප්‍රමාණයක් තමයි තියෙන්නෙ. නමුත් අපේ වැඩේට මේක ප්‍රමාණවත්. එහෙනම් කට්ටියම පහලින් download කරගන්නකො.


 Download Now



හරි එහෙනම්. ගැටළුවන් නැතුව download කරගන්න ඇති කියලා හිතනවා. Button එක වැඩ කලේ නැත්නම් http://www.hotspotshield.com/ වෙබ් අඩවියෙන් free version එක බාගන්න.

දැන් ඔයාලා download කරගත්තු file එක double click කරලා install කරගන්න.
 










Install වෙලා අවසාන් උනාම finish click කරන්න. දැන් වැඩේ ඉවරයි. දැන් ඔයාගෙ desktop එකේ තියන Hotspot Shield icon එක double click කරලා open කරගන්න. එතකොට මෙන්න මේ වගේ window එකක් open වෙලා hotspot shield එක connect වෙයි.





අවශ්‍ය වෙලාවට ක්‍රියාත්මක කරලා වැඩේ ඉවර උනාම රතු පාටින් තියන “PAUSE PROTECTION” කියන BUTTON එක click කරලා disconnect කරලා දාන්න පුළුවන්.

ඔයාගෙ පරිගණකයේ notification area එක තුල (screen එකේ පහළ දකුණු කෙලවර බලන්න) තියන පොඩි hotspot shield icon එක double click කරලා අවශ්‍ය වෙලාවට මේ window එක විවෘත කරගන්න පුළුවන්.




මේ software එක පරිගණකයට විතරක් නෙවෙයි, Android සහ Apple smartphone වලටත් install කරගන්න පුළුවන්. App store එකේ Hotspot Shield කියලා search කරලා බලන්න.

මේ video එකත් බලන්නකො. එතකොට වැඩේ හොඳටම පැහැදිලි වෙයි.






හරි එහෙනම්. Install කරලම කොහොමද කියලා බලන්නකො. හැබැයි අපි මේ install කරන්නෙ free version එක නිසා අපි connect උනාම අපේ web browser අපි බලන සයිට් එකට අමතරව විවිධ වෙලඳ දැන්වීම් පේන්න පටන්ගන්නවා. මේ නිසා අපේ වැඩ නිදහසේ කරගන්න ටිකක් කරදරයි. බය වෙන්න එපා. ඒකටත් විසඳුමක් තියනවා.  

කලින් ලිව්ව “කරදරකාර Ad වලට සුභ ගමන්” post එක බලන්න. ඒකෙ තියන විදිහට extension එක install කරගත්තාම වැඩේ හරි.


 කරදරකාර Ad වලට සුභ ගමන්


එහෙනම් ඔයාලා උත්සහ කරල බලන්නකො. ගැටළුවක් තිබුනොත් කමෙන්ට් එකක් දාලා අහන්න. දැන් ඔයාලගෙ පහසුවට අපි Anonymous කමෙන්ට් දාන්නත් අවස්ථාව දීලා තියෙන්නෙ.


අළුතින් ලියවෙන ලිපි ගැන ටච් එකේ ඉන්න අපේ facebook page එකට like එකක් දාන්න.
දැන් ගොඩක් අය Google+ එකට සෙට් වෙලා නිසා අපේ Google+ page එකටත් follow පාරක් දාගෙනම යන්න.


මේ ලිපියෙන් ඔයාලට කියලාදෙන්න බලාපොරොත්තු වුනේ පොඩි tip එකක් විතරයි. ඉදිරි දවසක Hotspot Shield වගේ software තුල භාවිතා වන IP Address, Porxy, DNS, VPN වගේ තාක්ෂණයන් ගැන අපේ සුපුරුදු තාක්ෂණික ලිපියකින් සවිස්තරව සාකච්ඡා කරමු.

පෙන් එකෙන් boot කරන්න software ඕනෙමද?








කොහොමද යාළුවනේ, මේ දවස්වල ගොඩක් දෙනෙක්ට තියන ප්‍රශ්ණයක් තමා CD ROM එකක් නැති මැෂින් එකකට වින්ඩෝස් දාගන්නෙ කොහොමද කියන එක. ඉතින් මේ ගැටළුවට තියන සරළම විසඳුම තමා bootable pen drive එකක් භාවිතා කරන එක. නමුත් අපි කොහොමද අපේ pen drive එක bootable disk එකක් කරගන්නෙ? 

ඉතින් අද ඔයාලට කියලාදෙන්න යන්නේ කිසිම software එකක් භාවිතා කරන්නෙ නැතුව ඉතාම පහසුවෙන් USB pen drive එකක් bootable drive එකක් බවට පත්කරගෙන ඒ හරහා පරිගනකයට මෙහෙයුම් පද්ධතිය (Operating System) install කරගන්නෙ කොහොමද කියන එක ගැන. ගොඩක් දෙනෙක් මේ ගැන අහලා තිබුනු නිසා ලියන්න හිතුනා. ඉතින් කියවලාම බලන්නකො කොහොමද කියලා…





අපි මේ වැඩේ කරගන්න යන්නෙ command prompt එකේ කුඩා commands කිහිපයක් type කිරීම මගින්. එහෙනම් මුලින්ම Start > All programs > Accessories > Command prompt කියන තැනට ගිහින් command prompt එක open කරගන්න. දැන් ඔයාලට මෙන්න මේ විදිහට command prompt එක දැකගන්න පුළුවන් වෙයි.





දැන් ඔයාලගෙ command prompt එකේ diskpart කියලා type කරලා enter කරන්න. එතකොට සමහරවිට අළුතින් command prompt window එකක් open වෙයි. එහෙම නැත්නම් cursor එක තියන තැන DISKPART කියලා වෙනස් වෙයි මෙන්න මේ විදිහට.
 








මෙතනින් ඉස්සරහට යන්න නම් ඔයාගෙ Pen Drive එක මැෂින් එකට plug කරලා තියෙන්න ඕනෙ. දැනට plug කරලා නැත්නම් දැන් කරන්න.

දැන් ඔයාලට කියන්න යන්නෙ type කරන්න ඕනෙ command ටික. අපැහැදිලි තැනක් ආවොත් පහලින් දාලා තියන photo එක බලන්න. ඒකෙ තියනවා commands ටික type කලාම දැකගන්න පුලුවන් වෙන විදිහෙ screenshot එකක්.

එහෙනම් මුලින්ම DISKPART එකේ මෙන්න මේ විදිහට type කරන්න. හැම command එකක් අවසානයේම enter press කරන්න අමතක කරන්න එපා! හැම command එකකම අවසානයේ වරහන් ඇතුලෙ press enter කියලා දාලා තියෙන්නෙ ඒක ඔයාට මතක් වෙන්න. Press enter කියලා command line එකේ type කරන්න එපා!

  • list disk (press enter)

දැන් ඔයාලට ඔයාලගෙ පරිගනකයට සම්බන්ධ කරලා තියන disk drives වල list එකක් ලැබෙයි. ඒ list එකේ තියන disk වල size එකෙන් ඔයාගෙ pen drive එක හඳුනාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මගෙ pen එක 8GB නිසා size කියන තැන 7632 MB කියලා වැටිලා තියෙන්නෙ ඒක බව හඳුනාගන්න පුළුවන්.ඔයාලගෙ pen drive එකෙත් capacity එක ආසන්න වශයෙන් දැකගන්න පුළුවන් වෙයි. එතනින් නිවැරදිව හඳුනාගන්න.


  • select disk # (press enter)


මෙතනදි # සලකුණ තියන තැනට කලින් ලැබුනු list එකේ ඔයාගෙ pen drive එකට අදාල disk number එක ලබාදෙන්න ඕනෙ. මගෙ උදාහරණයේ විදිහට නම් අංක 2. දැන් ඔයාට අදාල disk එක select වුනු බවට message එකක් ලැබෙයි.

  • list partition (press enter)


දැන් ඔයාගෙ disk එක partition කරලා නම් තියෙන්නෙ partitions list එකක් ලැබෙයි. මගෙ pen drive එක නම් partition කරලා නැති නිසා එක partition එකයි පෙන්නන්නෙ. ඔයාලගෙත් බොහෝ විට මේ විදිහම වෙයි. Partitions කිහිපයක් තියනවනම් OS එක copy කරගන්න ප්‍රමාණවත් ඉඩක් තියන partition එකක් තෝරගන්න.

  • select partition # (press enter)


නැවතත් # සළකුණ තියන තැනට ඔයා තෝරගත්තු partition එකේ number එක ලබාදෙන්න ඕනෙ. එක partition එකයි නම් තියෙන්නෙ ඒකෙ අංකය (බොහෝවිට 1)

  • active (press enter)


මේ command එක මගින් තමා ඇත්තටම ඔයාගෙ pen drive එක active partition එකක්, එහෙමත් නැත්නම් bootable disk එකක් බවට පත් කරන්නෙ.

  • format fs=ntfs quick (press enter)


මේකෙන් වෙන්නෙ pen එක NTFS කියන file system එකට format වෙන එක. Quick කියලා දාන්න අමතක කරන්න එපා. නැත්නම් format වෙන්න ගොඩක් වෙලා යන්න පුළුවන්. ඒත් ඔයාට full format එකක් ඕනෙ නම් format fs=ntfs විතරක් type කරලා enter කරන්න. හැබැයි එතකොට ටිකක් වෙලා බලන් ඉන්න වෙනවා. කොහොමහරි format වෙන ප්‍රතිශතය පහලින් පෙන්වයි. ඒක 100% වෙනකන් ඉන්න ඕනෙ.

වැඩේ හරියට තේරුනේ නැත්නම් මේ screenshot එක බලන්න. ඔයා commands ටික හරියට type කලා නම් ඔයාටත් මෙන්න මේ වගේ එකක් ලැබෙන්න ඕනෙ.



හ්ම්ම්… දැන් වැඩේ ඉවරයි. අන්තිමට මේ command එක type කරලා DISKPART එකෙන් ඉවත් වෙන්න.

  • exit (press enter)


දැන් ඔයාගෙ Windows (හෝ වෙනත් ඕනෑම මෙහෙයුම් පද්ධතියක්) DVD එකේ තියන files ඔක්කොම අඩු නැතුව pen එකට copy කරගන්න. ඊට පස්සෙ bootable device එක විදිහට pen එක select කරලා boot කරලා බලන්නකො මොකද වෙන්නෙ කියලා.

IP, Proxy සහ DNS හඳුනාගනිමු








පරිගනක සහ අන්තර්ජාලය භාවිතා කරන ඔබට නිතරම අසන්නට ලැබෙන වචන තුනකි IP, Proxy සහ DNS. නමුත් ඔබ මෙම වචන වල අර්ථන නිවැරදිව දන්නවාද?

නැත!

ඔව්. අන්තර්ජාලයට සම්බන්ධ පරිගනකයක් භාවිතා කරන ඔබ සියළුදෙනාම මෙම IP, Proxy සහ DNS යන තාක්ෂණයන් අනිවාර්‍යයෙන්ම භාවිතා කරන නමුත් ඒවා මොනවාද යන්න සහ එම තාක්ෂණයන් ඔස්සේ අපගේ පරිගණක භාවිතය වඩාත් පහසු කරගන්නා ආකාරය පිළිබඳව නොදනී.





Internet Protocol (IP)


IP යනු කුමක්දැයි ඔබ දන්නවාද?

ඔව්! IP එකක් යනු 192.168.1.1 වැනි අංකයකි.

ඔබත් සිතන්නේ එලෙසද? එසේනම් ඔබ IP යනු කුමක්දැයි හරිහැටි නොදනී. නමුත් මෙම ලිපිය අවසානයේ ඔබ IP පිළිබඳව බොහෝ දේ දන්නා පුද්ගලයෙකු බවට පත්වනු නොඅනුමානය.

අන්තර්ජාලය හෝ වෙනත් එවැනි විශාල පරිගනක සංඛ්‍යාවක් එක් කර නිපදවන පරිගනක ජාලයකදී පරිගනක අතර දත්ත සන්නිවේදනය ඉතා පහසුවෙන් සහ කාර්‍යක්ෂමව සිදුකිරීම උදෙසා එම දත්ත සන්නිවේදනය යම්කිසි සම්මත ප්‍රමිතියක් ඔස්සේ සිදුකරනු ලබයි. උදාහරණයක් ලෙස විවිධ රටවල සිටින විවිධ භාෂා කතා කරන මිනිසුන් ලෝකය සමග සම්බන්ධ වීමේදී පොදු සන්නිවේදන මාධ්‍ය ලෙස ඉංග්‍රීසි භාෂාව භාවිතා කරයි. එලෙසම විවිධ වූ මෙහෙයුම් පද්ධති සහිත විවිධ වූ පරිගනක අන්තර්ජාලය තුල දත්ත සන්නිවේදයන කිරීමට භාවිතා කරන සම්මත ප්‍රමිතිකරණය “අන්තර්ජාල නියමාවලිය” හෙවත් Internet Protocol ලෙස හඳුන්වනු ලබයි.

අන්තර්ජාල නියමාවලිය ඔස්සේ දත්ත සන්නිවේදනය සිදුකිරීමේදී එම ක්‍රියාවලිය කොටස් කිහිපයකට බෙදා වෙන්කර පියවරෙන් පියවර සිදුකරනු ලබයි


  1. යෙදුම් ස්ථරය (Application Layer)
  2. ප්‍රවාහන ස්ථරය (Transport Layer)
  3. අන්තර්ජාල ස්ථරය (Internet Layer)
  4. සම්බන්ධක ස්ථරය (Link Layer)
  5. භෞතික ස්ථරය (Physical Layer)

ඔබේ පරිගනකය ඔස්සේ අන්තර්ජාලයට සම්බන්ධ වී ඇති වෙනත් පරිගනකයක් වෙත පණිවිඩයක් යවන අවස්ථාවක් සලකමු. ඔබ යම්කිසි මෘදුකාංගයක් ඔස්සේ විවිධ අක්ෂර වලින් ඔබේ පණිවිඩය සකස් කරනු ලබයි. මෙය සිදුවන්නේ යෙදුම් ස්ථරය තුලයි. මෙහිදී ඔබට වර්ණවත් අතුරුමුහුනතක් සහිත මෘදුකාංගයක් ලැබේ.

නමුත් පරිගනකය ඔබ ලබාදෙන අක්ෂර තේරුම් ගනු ලබන්නේ අක්ෂර ලෙස නොව විද්‍යුත් සංඥා (Electronic signals) ලෙසය. ප්‍රවාහන ස්ථරය තුලදී ඔබ ලබාදුන් දත්ත මෙම විද්‍යුත් සංඥා බවට පත්කර සන්නිවේදනයට සූදානම් කිරීම සිදුකරනු ලබයි. මෙම විද්‍යුත් සංඥා “දත්ත මළු” හෙවත් Data Packets ලෙස හඳුන්වනු ලබයි.

මීලඟ පිවිසෙන්නේ ජාල ස්ථරය තුලටය. මෙම පියවර තුලදී ඉහත සඳහන් කල packets යොමුකලයුතු පරිගනකය හඳුනාගෙන ඒ වෙත යොමු කරනු ලබයි. මේ සඳහා IP address භාවිතා කරනු ලබයි.

Link Layer සහ Physical Layer යනු දත්ත සන්නිවේදයන වන ජාලයේ ඇති විවිධ රැහැන් සහ භෞතික උපකරණයන්ය. මෙම ලිපිය හඳුන්වාදීමේ ලිපියක් බැවින් ඒ පිළිබඳව ඔබේ අවධානය යොමුකිරීමට බලාපොරොත්තු නොවේ.



IP address යනු මොනවාද?


IP යන වචනය ඇසූ පමණින් බොහොදෙනාගේ මනසට නැගෙනුයේ IP address ය. නමුත් IP address එකක් යනු අන්තර්ජාල නියමාවලියේ භාවිතා වන එක් ක්‍රමවේදයක් පමණි. ඉහත සඳහන් කල විවිධ ස්ථරයන් අතරින් Internet Layer තුල භාවිතා වන මෙම IP address යනු අන්තර්ජාලයට සම්බන්ධව ඇති පරිගනක අනන්‍යව හඳුනාගැනීමට භාවිතා කරන ලිපින විශේෂයකි. 192.168.1.1 , 208.106.55.68 , 172.254.93.48 වැනි ලිපින වර්ථමානයේ බහුලව භාවිතා වන Ipv4 සම්මතයේ IP ලිපින සඳහා උදාහරණ ලෙස දැක්ක්වියහැක. IP ලිපිනයක් කොටස් හතරකින් යුක්ත වන අතර නැවතීමේ තිත “.” භාවිතා කර එම කොටස් වෙන්කර දක්වනු ලැබේ.

අන්තර්ජාලයට සම්බන්ධව ඇති සෑම පරිගනකයකටම මෙවන් IP ලිපිනයක් තිබෙන අතර මේවා වරින්වර වෙනස්වන Dynamic IP address හෝ ස්ථාවර Static IP address වියහැක. කෙසේ වෙතත් නිවසක් වෙත ලියුමක් යැවීමට එම නිවසේ තැපැල් ලිපිනය භාවිතා කරන සේම අන්තර්ජාලය තුල පරිගනකයක් හඳුනාගනු ලබන්නේ සහ ඒ වෙත පණිවිඩයක් යොමු කරන්නේ මෙම IP ලිපිනය ඔස්සේය.

ඔබේ IP ලිපිනය කුමක්දැයි පරීක්ෂා කිරීමට මෙම වෙබ් අඩවියට පිවිසෙන්න

තැපැල් ලිපිනයක් හඳුනාගැනීමට නිවසේ අංකය, වීදිය, නගරය, තැපැල් කොට්ඨාශ අංකය, වැනි විවිධ කොටස් භාවිතා කරනු ලබන ආකාරයටම IP ලිපිනයක් තුලද විවිධ උප කොටස් සහ විවිධ IP ලිපින පංති (Classes) ඇති නමුත් මෙම ලිපිය තුල එතරම් ගැඹුරට සාකච්ඡා කිරීමට බලාපොරොත්තු නොවේ. “Internet Protocol” පිළිබඳව ගැඹුරු අධ්‍යනයක් ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වන්න.





Proxy Server හඳුනාගනිමු



අන්තර්ජාලය භාවිතා කරන බොහෝදෙනා වැඩිවශයෙන් කතාබහ කරන තවත් මාතෘකාවකි Proxy. ඔබ ඔබේ IP ලිපිනය hide කිරීම සඳහා  proxy එකක් භාවිතා කරනවා වියහැක. නමුත් proxy එකක් යනු IP address hide කිරීමට භාවිතා කරන උපක්‍රමයක් පමණක්ම නොවේ. මෙය ඔබගේ අනන්‍යතාවය සඟවා තබාගැනීම භාවිතා කලහැකි ආරක්ෂක උපක්‍රමයක් ලෙස ද යොදාගත හැක.

මීට අමතරව විවිධ රටවල් තුල හෝ ආයතන තුල ඇති පරිගනක ජාල ඔස්සේ අන්තර්ජාලයට ප්‍රවේශ වීමේදී යොදා ඇති විවිධ අවහිරකිරීම් මගහැර යාමට Proxy එකක් භාවිතා කලහැක

 
Proxy එකක් හරහා අවහිර කර ඇති වෙබ් අඩවියකට පිවිසීම






තවද යම් පරිගනක ජාලයක් මේ ආකාරයට Proxy Server එකක් හරහා අන්තර්ජාලයට සම්බන්ධ කිරීම මගින් ජාලයේ ඇති පරිගනක විසින් නිතර නිතර ඉල්ලා සිටිනු ලබන වෙබ් පිටු Proxy Server එක තුල තාවකාලිකව ගබඩා කර තබාගන්නා ලබන අතර (caching) නැවත එම පිටුව ඉල්ලාසිටින විට අන්තර්ජාලයට සම්බන්ධ නොවී එම ගබඩා කරගත් පිටුව ලබාදේ. මෙමගින් ජාලයේ වේගය වැඩිකරගතහැකි වන අතර අන්තර්ජාල කළාප පළල (Internet bandwidth / Internet Usage) ද අවම කරගතහැකි වේ.




Proxy එකක් හරහා අන්තර්ජාලයට සම්බන්ධ වීම


               





DNS හඳුනාගනිමු




DNS යන්නෙන් අර්ථනිරූපනය වන්නේ Domain Name Service යන්නයි.

අප අන්තර්ජාලයේ ඇති වෙබ් අඩවියකට පිවිසීමට භාවිතා කරන වෙබ් ලිපින domain එකක් ලෙස හඳුන්වනු ලබයි. උදාහරණයක් ලෙස www.google.lk යනු Google සමාගමේ domain name එකයි. සැබැවින්ම මෙය Google සෙවුම් යන්ත්‍රය අන්තර්ගත Server පරිගනකය හඳුනාගැනීමට භාවිතා කරන නාමයයි.

නමුත් ආරම්භයේදී සඳහන් කල පරිදි පරිගනකයකට මෙවන් අක්ෂර වලින් සැදුම්ලත් නාමයක් තේරුම්ගත නොහැකිය. පරිගනක පරිගනකයක් විසින් තවත් පරිගනකයක් හඳුනාගනු ලබන්නේ IP ලිපිනයක් මගිනි. DNS භාවිතා කරන්නේ මෙම ගැටළුව නිරාකරණය කරගැනීමට ය. DNS යනු පරිගනක ජාලය තුල ස්ථාපනය කර ඇති තවත් සේවාදායක පරිගනකයක් (server) තුල ක්‍රියාත්මක වන පරිගනක වැඩසටහනකි. මෙමගින් අප විසින් ලබාදෙන Domain Name එක IP ලිපිනයක් බවට පරිවර්ථනය කරනු ලබයි.

DNS Server එක තුල විවිධ Domain name වලට අදාල IP ලිපින ඇතුලත් වගුවක් පවත්වාගනු ලබන අතර පරිශීලකයා විසින් ලබාදෙනු ලබන domain name එකට අදාල IP ලිපිනය හඳුනාගෙන ඔහුව අදාල වෙබ් අඩවිය ඇතුලත්වන Server පරිගනකය වෙත යොමු කිරීම DNS හි කාර්‍යභාරය වේ.



DNS හි ක්‍රියාකාරීත්වය



තෝරාගත් පරිගනක ජාලයක් තුල තෝරාගත් වෙබ් අඩවි අවහිර කිරීමට මෙම DNS සේවාව බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. උදාහරණයක් ලෙස කාර්‍යාලීය පරිගනක ජාලය තුල facebook වැනි සමාජ ජාල වෙබ් අඩවි අවහිර කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා පහසුම මග DNS ඔස්සේ අදාල අඩවි අවහිර කිරීමයි.

Open DNS භාවිතා කර මෙවැනි සේවාවන් රැසක් නොමිලයේම ලබාගන්නා ආකාරය පිළිබඳව ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වන්න.




මෙම ලිපිය IP, Proxy සහ DNS පිළිබඳව ඔබට හඳුන්වාදීම අරමුණුකරගෙන ලියවුනු එකක් බැවින් එක් එක් විෂයපථය පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු නොවේ. මෙම එක් එක් මාතෘකාව පිළිබඳව ගැඹුරින් අධ්යනය කරන ලිපි මාලාවකින් ඉදිරි දිනයකදී හමුවෙමු.

෴ස්තුතියි෴
--------------------------