Tuesday, September 30, 2014

පරිගණක ජාල

මොනවාද මේ DNS Server කියන්නේ ?...පසුගිය ලිපියෙන් ...


පසුගිය ලිපියෙන් ඔබට DHCP සර්වරයක් පරිගණක ජාලයකදී කරන්නේ මොනවගේ දෙයක් ද කියල දුන්නා.දැන් බලමු ඒ හා සමාන වැදගත් කාර්යයක් ඉටුකරන DNS  සර්වරයක් කියන්නේ මොකක්ද කියල .
DNS කියන්නේ Domain Name System .මම ඔකේ සිංහල තේරුම කියන්න යන්නේ නැහැ .මොකද සිංහලෙන් දැනගත්ත කියල ප්‍රයෝජනයක් නැති නිසා .
               මේ ඩොමේන් නේම් සිස්ටම් තාක්ෂනය(DNS) එහෙම නැත්තම් ක්‍රමය , ඉන්ටෙර්නෙට් වලදීත් පෞද්ගලික(LAN) ජාලවලදීත් භාවිතා වෙනවා.උදාහරණයක් විදිහට අපි ගනිමු www.yoursite.com යන වෙබ්සයිට් එකේ ඇඩ්රස් එක වෙබ් බ්‍රව්සරයේ ටයිප් කරලා එන්ටෙර් කී එක එබුවයි කියල .
ඊට කලින් පොඩි දෙයක් කියල දෙන්න ඕන ඩොමේන් නේම් එකක කොටස් තුනක් තියෙනවනේ , සමහර ඒවගේ තුනහතරක්  උනත් තියෙනන පුළුවන් උදා: www.yoursite.com.xx.yy. හරි දැන් එකත් මතක තියාගෙන පහත සටහන තේරුම් ගන්න උත්සාහ කරමු .



                      
                                                                        ඔතන තියෙන (ඩොට් එක) " . " ට කියන්නේ ඩොමේන් රූට් එක Domain Root , ඊළඟට තියෙන com, කියන කොටසට කියන්නේ ටොප් ලෙවෙල් ඩොමේන් Top Level Domain - TLDඑක කියල ඊටපස්සේ තියෙන කොටසට කියන්නේ සෙකන්ඩ් ලෙවල් ඩොමේන් Second Level Domain - SLD එක කියල .www කොටසට sub domain සබ් ඩොමේන් කියල කියනවා . http:// කියන කොටස සට ප්‍රෝටොකෝල් එක කියල කියනවා .ප්‍රොටෝකොල් එකෙක් කියන්නේ සම්මත නීතිරීති සමුදායක් , ඒවාට අනුකුලවයි එම තාක්ෂනය භාවිතා කරන වැඩසටහන් (උදා : වෙබ් සයිට්ස්) ක්‍රියාත්මක වෙන්නේ .http කියන්නේ Hyper Text Transmission Protocol , FTP කියලත් එකක් තියෙනවා සමහරවිට දැකල ඇති  , එකට කියන්නේ File Transfer  ප්‍රොටෝකෝල් කියල .



හරි දැන් බලමු වෙබ් බ්‍රව්සරයක ඇඩ්රස් එකක් ටයිප් කරලා එන්ටර් කලහම මොකද වෙන්නේ කියල .
මෙහිදී අපි කියමු www.example.com කියල ටයිප් කරලා එන්ටර් කළා කියල .



1. හිදී සිද්ද වෙන්නේ ක්ලයන්ට් www.example.com වෙබ් සයිට් එක ඉල්ලන එක එහමත් නැත්තම් Request.
ඉන්පසුව සිදු  වෙන්නේ පළමුව අන්තර්ජාල සපයන්නාගේ DNS සර්වරයේ හි තිබේදැයි විමසා බැලීමයි .
2.එසේ නොමැති නම් එය රූට් DNS සර්වර යට යොමු කරනු ලබයි ,ඉන්පසුව එයට අදාළ ටොප් ලෙවල් ඩොමේන් එක එනම් com  සොයාගන්නා අතර , එයින් පසුව සෙකන්ඩ් ලෙවල් ඩොමේන් (example) එකත් එයට පසුව අදාළ සබ් ඩොමේන් කොටස සොයාගනී.
3.ඉන්පසුව අදාළ යොමුව /වෙබ් අඩවියට වෙබ් බ්‍රව්සරය  යොමු කරනු ලබයි .එසේ යොමු කරනු ලබන්නේ එම ඩොමේන් නේම් එකට අදාල අයිපී ඇඩ්රස් එක භාවිතා කරමිනි .

දැනට ලෝකයේ ඉන්ටර්නෙට් හා සම්භන්ද ඩොමේන් නේම් සර්වර් 13ක් ලෝකයේ විවිධ ස්ථානවල ස්ථාපිත කරල තියෙනවා .ඉතින් ඒවා ඔක්කොම එකපාර බිඳ වැටුනොත් ඉන්ටෙර්නෙට් වැඩකරන්නේ නැතිව යනවා .

ඇත්තටම සරලව කිව්වොත් DNS Server එක මගින් කරන්නේ අයිපී ඇඩ්රැස්වලින් තියෙන වෙබ් සයිට් සහ අදාළ සේවා මතක තියාගන්න පුළුවන් නම්වලට සම්භන්ද කරල තියන එක .එතකොට අපිට නම මතක තියාගෙන හිටියම ඇති .

දැන් පුංචි ක්‍රියාකාරකමක් කරලා මේක තේරුම් ගනිමු .

දැන් ඔබේ පරිගණකයේ වින්ඩොව්ස් කී එකත් එක්ක ආර් Windoes Key + R එකවිට ඔබන්න .එවිට පහත පරිදි Run වින්ඩෝව ඕපන් වේවි .

දැන් CMD කියල ටයිප් කරලා එන්ටෙර් ඔබන්න .එවිට පහත පරිදි Command Prompt එක දිස්වේවි 



දැන් එහි ටයිප් කරන්න ping google.lk කියල ,
 දැන් එන්ටර් කී එක ඔබන්න .


                                                          දැන් ඔබට ඉහත පරිදි විස්තර පෙන්වාවි . අපි සාමාන්‍යයෙන් ping කොමාන්ඩ් එක පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් යම්කිසි අන්තර්ජාල හෝ ජාල සම්භාන්දතවයක තත්වය පරීක්ෂා කරන්න .ඒවගේම මෙයින් අපට අදාළ ඩොමේන් එකකට අදාළ අයිපී ඇඩ්රස් එකත් හොයාගන්න පුළුවන් .දැන් අයිපී ඇඩ්රස් 173.194.124.127 වෙබ් බ්‍රව්සරේ ටයිප් කරලා එන්ටර් කලහම , google.lk වෙබ් අඩවිය පෙන්වාවි .නැවත google.lk ටයිප් කර එන්ටර් කරවිටත් අදාළ වෙබ් අඩවිය පෙන්වාවි .මෙතැනින් අපට මතක තියාගනීමට පහසු 173.194.124.127 ද නැතිනම් google.lk ද යන්න ඔබට වැටෙහෙනවා ඇති .
දැන් ඔබ දන්නා අනෙක් වෙබ් අඩවිත් සමග මේ ක්‍රියාකාරකම කරලා බලන්න .

තවත් ලිපියකින් හමුවෙමු !,
ජයවේවා !!!.



SATURDAY, SEPTEMBER 28, 2013


මොනවාද මේ DNS Server , DHCP Server කියන්නේ ?... පළමු කොටස ..

කොහොමද යාලුවනේ ගොඩක් කාලෙකින් තමා අලුත්  පොස්ට් එකක් ලියන්නේ .පසුගිය ලිපියට අනුව ලියන්න තිබුනේ පරිගණක ජාල ආරක්ෂාව පිළිබඳව උනත් ඊටකලින් වැදගත් වෙයි කියල හිතන මාතෘකාවක් පිළිබඳව ඔයාලගේ අවධානය යොමු කරවන්න කියල හිතුනා.
                              දැන් අපි මාතෘකාවට කෙලින්ම බහිමු .පරිගණක ජාල කරණයට අදාළ සැකසුම් කරණය ගැන කතාකරද්දී බහුලවම අපිට කතාකරන්න ලැබෙන ප්‍රධානතම සර්වර දෙකක් ගැන තමා මේ ලිපියෙන් මම විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ .තවත් ඒවා ගැන කියල දෙනවා මේකෙන් පස්සේ.

අපි ඉස්සර වෙලාම බලමු මොකක්ද DHCP සර්වරයක් කියන්නේ කියල .DHCP කියන එක ඉංග්‍රීසි දිග යෙදුම නම් Dynamic Host Configuration Protocol  එකත් මතක තියාගන්න .

1.DHCP Server

Fig01

මම කලින් ලිපි වලදී කියල දුන්නා පරිගණක කිහිපයක් එකට එකතු කරලා සරල පරිගණක ජාලයක් සාදා ගන්නා හැටි .අපි එහෙම කරන්න ගියහම හැම පරිගණකයකටම අයිපී ඇඩ්රස් අපිට එකෙන් එකට දාන්න උනා ඔබට මතක ඇති .පරිගණක පහකට හයකට ඔය වැඩේ කරන්න ප්‍රස්නයක් වෙන එකක් නැහැ එත් අපි හිතමු අපේ පරිගණක ජාලයේ පරිහනක 100 විතර තියෙනවා තියෙන්නෙත් වෙනත් වෙනත් තැන්වල .එතකොට අයිපී ඇඩ්රස් වෙන වෙනම දාන්න ගියොත් මොනතරම් කාලයක් නාස්තිවෙනවද ?.කාර්යාලයක නම් එක මුල්‍යමය වශයෙන් අවාසි දායක තත්වයක් .අනික කොතරම් හොඳට සැලසුම් කලත් එකම අයිපී ඇඩ්රස් එකක් පරිගණක දෙකකට දැම්මොත් , එතන අයිපී කන්ෆ්ලික්ට් එකක් ඇතිවෙනවා .එතකොට සමහර සොෆ්ට්වෙයාර් වැඩකරන්න ,ඉන්ටර්නෙට් සම්භන්ද තත්වයන්ට ප්‍රශ්න එනවා .ඉතින් ඔය ප්‍රස්නේ නැති කරන්න තමා මෙන්න මේ DHCP සර්වරය පාවිච්චි කරන්නේ .ඊට අමතරව මේකන් ජාලයේ පරිගණක වලට අනවසර පිවිසුම් අඩු කරන්නත් හේතුවක් වෙනවා .
                                                                                 දැන් බලමු මේක වෙන්නේ කොහොමද කියල .නිවැරදිව සැකසුම් කරපු DHCP සර්වරයක් සහ ඒ සර්වරය හා සම්භන්ද පරිගණක ජාලයක් ඇතියි කියල උපකල්පනය කරලා තමා මම මේක විස්තර කරන්නේ .

ඔබට මතක ඇති අපි අයිපී ඇඩ්රස් දැම්මේ කොහෙටද කොහොමද කියල .මතක නැත්තම් මෙන්න අයෙත් මෙන්න පහත ලින්ක් වලින් බලාගන්න

Windows XP වලදී :- http://www.hotcomm.com/FAQ/FAQ_staticIPXP.asp

Windows 7වලදී :-  http://blog.mclaughlinsoftware.com/2009/11/26/windows-7-static-ip/

Windows 8 වලදී :-  http://windows8themes.org/networking-assign-static-ip-address-in-windows-8.html

මේවා මගේ බ්ලොග් එකේ  ලින්ක් නම් නෙවෙයි .

කමක් නෑ දැන් බලමු මොකක්ද වෙන්න යන්නේ කියල . මේ හැම තැනම තිබ්බ පොදු දෙයක් තමයි නෙට්වර්ක් කනෙක්ෂන් එක රයිට් ක්ලික් කරලා ප්‍රොපටීස් ගියහම ලැබෙන වින්ඩොව් එක මේ හැම මෙහෙයුම් පද්දති වල එක සමානයි එත් එතනට යන පාත් එක තමයි වෙනස් .හරි එහෙම ගියා කියමුකෝ
එතකොටInternet Protocol  (TCP/IP) Properties  වලට ගියහමත් ලැබෙන වින්ඩොව් එක එක සමානයි .
ලැබෙන්නේ පහත තියෙන වින්ඩෝව වගේ එකක් .
Fig02
ඔන්න ඔතනට තමා අපි කොහෙන්වත් ඇවිල්ල අයිපී ඇඩ්රස් දාන්නේ .දැන් එතන හරිනේ .

දැන් බලමු මේකට DHCP සර්වරය මොකක්ද කරන්නේ කියල .ඊට කලින් කියන්න පොඩි දෙයක් තියෙනවා .Static IP address , Dynamic IP address කියන්නේ මොනවාද කියල ඊට කලින් දැනගන්න ඕන .
අපි ඔය අතින් ටයිප් කරලා දැම්මේ Use the following IP address කියන තැනට අයිපී ඇඩ්රස් එකක් ඔන්න ඕකට තමා Static IP address කියල කියන්නේ .මොකද ඕක අපිට වෙනස් කරන්න වෙන්නෙත් ඔතනින්මයි දාලතිබ්බොත් වෙනස් නොකලොත් සහදහටම ඔහොම තමයි .දැන් Dynamic IP address කියන්නේ ඔකේ අනික් පැත්ත .එකියන්නේ වේලාවෙන් වෙලාවට වෙනස්වෙන අයිපී ඇඩ්රස් එකක්.

එක එක පරිගණකයක් බැගින් අපි අයිපී නොදා හැම පරිගණකයකටම අයිපී ඇඩ්රස් දෙන්න තමා මේ DHCP සර්වරය පාවිච්චි කරන්නේ .ඒවගේ අයිපී ඇඩ්රස් DHCP සර්වරය මගින් එසයින් (assign) කරන කොට අපි ඉහතින් ,Static IP address  දානකොට තේරුව Use the following IP address කියන එක වෙනුවට Obtain Ip Adderess Automatically කියන එක තෝරලා OK කරන්න ඕන එතකොට අවශ්‍ය කරන අයිපී ඇඩ්රස් විස්තර ක්ලයන්ට් පරිගණකය DHCP සර්වරයෙන් ලබාගන්නවා .

එක වෙනහැටි තමා ඔය Fig01 එකෙන් පෙන්වල තියෙන්නේ .DHCP සර්වරයක දැනගත යුතුම වැදගත් දෙවල් දෙකක් තියෙනවා එකක් තමයි අයිපී ඇඩ්රස් පූල් ( IP Address Pool) එක අනෙක තමයි ලීස් ටයිම් එක Lease Time .

අයිපී ඇඩ්රස් පූල් ( IP Address Pool) කියල කියන්නේ DHCP සර්වරයක් නිකුත් කරන අයිපී ඇඩ්රස් පරාසය උදාහරණයක් ලෙස ගත්තොත් අපිට මුළු පරිගණක 100ක් තියෙනවනම්  අපි අයිපී ඇඩ්රස් පරාසය
192.168.1.1 සිට 192.168.1.101 දක්වා අයිපී ඇඩ්රස් පූල් එකකට සර්වරය කන්ෆිගර් කරන්න පුළුවන් .එත් සාමාන්‍යයෙන් අයිපී ඇඩ්රස් පරාසය හරියටම අවශ්‍ය ගානට වඩා ටිකක් වැඩියෙන් තමයි තෝරාගන්නේ .එකියන්නේ 192.168.1.1.111 වගේ (අඩුම වශයෙන් 10ක් වැඩියෙන් ).එක තීරණය කරන එක නෙට්වර්ක් එක ඩිසයින් කරන තැන ඉඳන් හරියටම තොරාගතයුතුයි නැත්තම් පස්සේ වෙනස් කරන්න ගියොත් යම් යම් දුෂ්කරතා ඇති වෙන්න පුළුවන් ඉඩ කඩ වැඩියි .
                                                                            ලීස් ටයිම් Lease Time කියන්නේ DHCP විසින් යම් පරිගනයකට එසයින් කරපු අයිපී ඇඩ්රස් එකක් කොතරම් වෙලාවක් තියාගන්නවද කියන එක .
සාමාන්‍යයෙන් අඩුම ලීස් ටයිම් එක කියල තියෙන්නේ පැයක් , එහෙත් නිර්දේශකරන ලද හොඳම කාලය වන්නේ දවස් තුනක් .එකියන්නේ දවස් තුනකින් දැන් එසයින් කරලා තියෙන අයිපී එක වෙනස් වෙනවා .
සාමාන්‍යයෙන් එක කොම්පියුටර් එක ලොග් ඕෆ් වෙද්දී  නැත්තම් ශට්ඩවුන් කරලා අයෙත් ඔන් කරද්දී අලුත් වෙනවා .(අලුත් කරවන්නත් පුළුවන් CMD- DOS Command Prompt එක පාවිච්චි කරලා )

පහත රුපයෙන් පෙන්වල තියෙන්නේ ඔන්න ඔය ක්‍රියාවලිය වෙනහැටි .

පලවෙනි පියවරෙන් වෙන්නේ අයිපී ඇඩ්රස් එකක් ක්ලයන්ට් කම්පියුටර් එක ඉල්ලන එක එකියන්නේ රික්වෙස්ට් එකක් .ඊළඟට එයාට ඔෆර් එකක් එකියන්නේ අවස්ථාවක් දෙනවා , ඊටපස්සේ අයිපී ඇඩ්රස් එකක් තෝරාගන්න රෙක්වෙස්ට් එකක් යවනවා .ඊටපස්සේ dhcp මගින් අනෙක් පරිගණකයකට එසයින් වෙලා නැති අයිපී ඇඩ්රස් එකක් තෝරලා එයාට එසන් කරනවා .ඔන්න ඔය පියවර හතරෙන් තමා ඕක සිද්ද වෙන්නේ .DHCP සේර්වරයක් කන්ෆිගර් කරන එකයි ඉක ඇත්තටම වැඩකරන හැටියි ටිකක් සංකීර්නයි .
ඕක කරන හැටි ඉදිරියේදී කියල දෙන්න හිතාගෙන ඉන්නවා .එත් දැනට මොකක්ද වෙන්නේ කියල දැනගෙන තියාගන්න එක වටිනවා .

දැන් තියෙන ප්‍රශ්නය නම් අයිපී ඇඩ්රස් වෙනස් වෙද්දී කොහොමද අපි ෆයිල් වෙනත් දේවල් ෂෙයාර් කරගන්නේ සහ සමහර අප්ප්ලිකේෂන් වැඩකරවගන්නේ කියන එක .එක වෙන්නේ DNS වලින් , ඒවගේම තවත් ක්‍රමයක් තියෙනවා එක ගැන ඊළඟ ලිපියෙන් කියල දෙන්නම් .

ස්තුතියි.නැවත හමුවෙමු !.ඔබට ජයෙන් ජය !.

SATURDAY, DECEMBER 22, 2012


රැහැන් රහිත පරිගණක ජාල කරණය (පලවන කොටස ) ...Wireless Networking (Part 1)..

                                               මේදක්වා චිස්තර කරනලද පරිගණක ජාලකරණය සහ  රැහැන් රහිත ජාල කරන තාක්ෂනය  අතර ඇති වෙනස ,රැහැන් නොමැතිව විද්‍යුත් චුම්භක තරංග ඔස්සේ දත්ත හුවමාරු කිරීම පමණකි .අයිපී ඇඩ්රස් යෙදීම ,පරිගණක අතර දත්ත හුවමාරුව යන දෑ සිදු කරන අයුරු වෙනස් වන්නේ නැත .වෙනස් වන්නේ භාවිතාකරන තාක්ෂනය අනුව අදාල උපකරණ වින්‍යාස ගත කිරීම , එසේත් නැතිනම් කන්ෆිගර් කිරීම පමණකි .

බහුලව පරිගණක හා එසම්භන්ද උපාංග සමග දත්ත හුවමාරු කිරීමට යොදාගන්නා ක්‍රම කිහිපයක් ඇත ,ලෝකයේ වයර්ලස් නෙට්වර්ක් ස්ටෑන්ඩර්ඩ්ස් Wireless Networking Standards ,සහ එවෑ හිදී වයර්ලස් තාක්ෂනය යොදා ගන්නා ආකාරය පහත රුපයෙන් දක්වා ඇත .
1
මේ ආකෘතිය අනුව පරිගණක ජාල ආකාර Network Type අතර යොදාගන්නා තාක්ෂනය අනුව ප්‍රධාන කොටම වයර්ලස් තාක්ෂනය පහත අයුරින් බෙදා දැක්විය හැකිය .(PAN, LAN,MAN සහ WAN ගැන මීටපෙර සාකච්චා කර ඇති නිසා ඒ පිළිබඳව දැනගැනීමට අවශ්‍ය නම් මුල් ලිපි කියවා බලන්න ).

1.Wi-Fi 

2.Bluetooth 

3.Zigbee 

4.Infrared IRDA

මෙයින් වඩාත් ප්‍රචලිත ක්‍රම වනුයේ Wi-Fi සහ Bluetooth  තාක්ෂණයයි. නමුත් මේ එකක් එකක් ගැන දැන් අප විමසා බලමු .

වයි -ෆයි/ Wi-Fi
                                                         වර්තමානයේ  බහුලවම භාවිතාවන ජනප්‍රියම ක්‍රමයයි .භාවිතාවන සම්මුතීන් සහ අදාළ උපාංග නිෂ්පාදනයේදී අනුගමනය කලයුතු සම්මුතීන් IEEE-Institute of Electrical & Electronics Engineers විසින් ලබා දී තිබේ .වයර්ලස් තාක්ෂනයේදී සන්නිවේදනය සඳහා යොදාගන්නේ විද්‍යුත් චුම්භක තරංග Electro Magnetic Wave බව මා ඉහතින් සඳහන් කරනු ලැබුවා .මෙම තරංග වලටම රේඩියෝ තරංග Radio Waves යයිද කියනු ලබයි .
                                                                                සාමාන්‍යයෙන් රේඩියෝ තරංග භාවිතා කිරීමට අදාළ  සංඛ්‍යාත පරාසය(Frequency Range) හෝ , සංඛ්‍යාතය(Frequency ) අනුව රටේ Telecommunication Regularity Commission  , එහෙමත් නැතිනම් ලංකාවේ නම් විදුලි සංදේශ නියාමන කොමිසම මගින් අවසර පත්‍රයක් Licence ලබාගත යුතුය . 
                                                                                               නමුත් සෑම රටකම වයි ෆයි උපාංග නිපඳවා තිබෙන්නේ එසේ අවසර ලබාගැනීමට අවශ්‍ය නොවන Unlicensed Radio Frequency අගයන් භාවිතා කරමිනි .
සාමාන්‍යයෙන් වයි ෆයි උපකරණ භාවිතා කරන්නේ සංඛ්‍යාත ගිගාහර්ට්ස්  2.4 GHz ~ 5 GHz වූ තරංග කලාපයයි .

IEEE සම්මුතීන් අනුව භාවිතාවන වයර්ලස් නෙට්වර්ක් ස්ටෑන්ඩර්ඩ්ස් පහත පරිදි වෙයි .වයර්ලස් සඳහා ඇති සම්මුතිය IEEE 802.11 නම් වෙයි , ඒවායේ වර්ගී කරණය පහත පරිදි වෙයි .

IEEE 802.11a -specification that added a higher data rate of up to 54 Mbit/s using the 5 GHz band.

IEEE 802.11b- is an amendment to the IEEE 802.11 wireless networking specification that extends throughput up to 11 Mbit/s using the same 2.4 GHz band

IEEE 802.11g-is an amendment to the IEEE 802.11 specification that extended throughput to up to 54 Mbit/s using the same 2.4 GHz band 

IEEE 802.11n- is an amendment to the IEEE 802.11-2007 wireless networking standard to improve network throughput over the two previous standards—802.11a and 802.11g—with a significant increase in the maximum net data rate from 54 Mbit/s to 600 Mbit/s
උපුටා ගැනීම Wikipedia 

වර්තමානයේ ප්‍රයෝගිකව බහුලව භාවිතා කරන්නේ b /g  /n පමණකි .අනෙක් කරණය නම් දැන් භාවිතාවන සියලුම පාහේ උපකරණ b /g  /n සඳහා සහාය දක්වයි .

එනිසා එපිලිබඳව දැඩි අවධානයක් යොමුකළ යුතු නොවේ .එහෙත් මෙම එක එක් සම්මතයන් යටතේ නිෂ්පාදනය කරනුලබන උපකරණවල උපරිම ක්‍රියාකාරී දුර පරාසය ගැන අවබෝධයක් තිබියයුතුය .



   උපුටාගැනීම  http://www.webopedia.com

මීළඟ ලිපියෙන් රැහැන් රහිත ජාලයක ආරක්ෂාව සහ , අනවසර පිවිසුම් වැලක් වීමට අදාළ සැකසුම්  පිළිබඳව
සලකා බලමු .

ඔබට ජයෙන් ජය !.


FRIDAY, DECEMBER 21, 2012


මීළඟ ලිපිවලට ප්‍රථම .....

                                  මේදක්වා ඔබවෙත ඉදිරිපත් කල පාඩම් සියල්ලම ඔබ අධ්‍යනය කළා නම් අද ඔබට  තමන්ගේ  පරිගණක  ජාලයක්  තමන්  විසින් සකසා  ගැනීමේ හැකියාව තිබිය යුතුය  .වැදගත්  වන්නේ එක්පියවරක් පමණක් තබා ,අපහසුතා , අමාරු තැන් වලදී අතහැර නොදමා උත්සාහ කිරීමයි .තමන් දෙයක් හිතන්නට පුරුදු වීමයි .එක ලිපියකින් ,එකමොහොතකින් විෂයකට අදාළ සියලුම කරුණු දැක්වීම අපහසු කටයුත්තකි .එනිසා ඕනෑම දෙයක් හොඳින් ඉගෙනීමට ආශාවක් තිබිය යුතුය ඉවසීම තිබිය යුතුය .
                                                                මා විශ්වාස කරන්නේ ඕනෑම විෂයක් ඉගෙන ගත යුත්තේ මුලික කරුණු වලින් බවයි , කොතරම් ඒවා මගහැර ඉගෙන ගන්නට ගියත් අවසානයේ ඔබ කොතැනක හෝ පටලෙනු ඇති .මුඋලික සංකල්ප බොහෝදෙනකුට ,ඉගෙනගන්නා විට ඉතාමත් කම්මැලි ස්වභාවයක් ඇති වෙයි .එහෙත් ඒවගේ ඇති වැදගත් කම පසුවට තේරුම් යන්නේ , කොතැනක හෝ "ඇනගත් හෝ නාගත් " විටය .
                                                                 මිනිසා විසින් නිර්මාණය කරන ඕනෑම දෙයක් නිර්මාණය වන්නේ  එක් මුලික සංකල්පයක් මතය, ඒ මුලික සංකල්පය එකිනෙකාගේ මත , දැක්ම මත වැඩි දියුණු වීමෙන් ,වඩාත් හොඳ නිර්මාණයක් බිහිවෙයි .නමුත් යම් හෙයකින් මුල් සංකල්පයේ තිබු අඩුපාඩුවක් නිසා යම් දියුණු කිරීම කරගෙන යත්දී  යම් කිසි අවස්ථාවක  එසේ කිරීමේදී ගැටලුවක් ඇති වුයේ නම් , අප යලිත් යොමු වන්නේ මුලික සංකල්පය දෙසට නොවේද ?.මුලික සංකල්ප දැන සිටීම වැදගත් වන්නේ එනිසාය.අනෙක් කරණය නම්  මුලික සංකල්ප දන සිටීමෙන් එ පිලිබඳව මනා අවබෝධයක්  ඇතිවෙයි .
                                                                                 කොතරම් පොත පත කියෙව්වත් ,ප්‍රයෝගිකව ඉගෙන ගත යුතු දේ තමන් විසින් අත්හදා නොබලන්නේ නම් , හෝ විෂයට "බහින්නේ" නැති නම්  ,ඔබ කරන්නේ ගොඩ ඉඳන් පිහිනීමට ඉගෙන ගන්නා දෙයට සමාන දෙයකි . ප්‍රයෝගික ක්‍රියාකාරකම් නොමැතිව පරිගණක ජාලකරණ හෝ අනෙක් තාක්ෂණ විෂයන් කිසිවකින් පල ප්‍රයෝජනයක් ගත නොහැකිය.විභාග පරීක්ෂණ සමත් වූ පමණින් විෂය ඔබට පැහැදිලි වූ බව විශ්වාස කරන්නේ නම් , ඒ ඔබගේ නොදැනුවත් කමය .ප්‍රශ්න අභියෝග එන්නේ තනිවම වැඩ කරන්නට ගිය විටය , මා අත් දැක ඇති සුලභම කාරණය නම් , විභාග හොඳින්  සමත් වූ බොහෝ දෙනෙකුගේ ප්‍රයෝගික දැනුම ඉතාමත් පහල මට්ටමක පැවතුන බවයි .මෙයින් මා විභාග , පරීක්ෂණ පහත හෙලා හෝ , ඔවුන්ව පහත හෙලා හෝ කතා නොකරමි . එයට ද දක්ෂ කම තිබිය යුතුය .
                                                                        පවතින ක්‍රමය අනුව බොහෝ ආයතන රැකියා ලබා දීමේදී තවමත් , සහතික වලට ප්‍රමුඛ තාව ලබාදී , සේවකයන් බඳවා ගන්නා බව මා දන්නා සත්‍යයකි.නමුත් එසේ නොමැති ආයතනද ඇත .මා ලත් ඇත දැකීම වලට අනුව ඔබ විෂයක් ප්‍රගුණ කර ඇත්තම් , එයට අදාලව ලබා ගත යුතු ,අන්තර් ජාතිකව පිළිගන්නා ආයතනයක අමාරුවෙන් හෝ ,විෂය මාලාව හදාරා සහතික පත්‍රයක් ලබා ගන්න .මුදල් දුෂ්කරතා ඇති ගොඩක් දෙනාට සමහර විට මේ දෙය කුණු හරුපයක් විය හැකිය .එහෙත් ඔබේ උත්සාහයට  අනෙක් සියලු දේ පරදා ඔබට අවශ්‍ය තැනට ඒමට පාර තැන දිය හැකි බව මතක තියාගන්න .
                                             ජීවිතයේ තමන් ආසකරන පැත්තකින් තමන්ගේ රැකියාව තෝරාගන්න , එවිට ඔබට කිසිවිටෙකත් රැකියාව එපා නොවෙනු ඇත , තාව කාලිකව එපා උනත් අයෙත් හිත ඒ පැත්තට හැරේවි .
ජීවිතයේ හැකිතාක් කාලයක් , පුංචි දෙයක් හෝ ඉගෙන ගන්න , පොතක් පතක් ගැනීමට කීයක් හෝ වෙන් කරන්න .ඉගෙන ගත් කිසි දෙයක් අපතේ නොයනු ඇත .
                                                                                            ජීවිතය කියන්නේ ඇත්තටම සල්ලි විතරක්ම නොවන බව මතක තියාගන්න , කොතරම් සල්ලි තිබුනත් , ඔබට හිතේ සතුට , සහැල්ලුව කිසිම දාක සල්ලි වලින් මිල දී ගත නොහැක .ඇතැමෙක් මේ ප්‍රකාශයට ," සල්ලි තිබෙනාවානම් , ඕනකරන දේවල් හැම දෙයක්ම ගන්න පුළුවන් එතකොට සතුටින් ඉන්න පුළුවන් "යයි විශ්වාස කරනවානම්, උත්සාහ කර බලන්න , මේලෝකේ සැහැල්ලුවෙන් නිදහසේ  ජීවත් වෙන්නේ සල්ලි යාන වාහන තියෙන මිනිසුන්ද , සීමිත අවශ්‍යතා වලින් ජීවත් වෙන මිනිසුන්ද කියා .තර්කය කෙසේ වෙතත් , ඇත්ත තත්වය ඔබගේ හිත ට දැනෙන දෙයයි .කියන දෙය නොවෙයි .
                                                   විෂයට අදාල නොවූනත් ජීවිතයේ අත් දැකපු , මගේ ජීවිතේට එකතු කරගත්තු දේවල් වලින් කොටසක් මම මේ විදිහට ගෙනාව .ඒ තවත් කෙනෙකට මේකෙන් තමන්ගේ මාර්ගය හදාගන්න පුංචි හරි උදව්වක් වෙවී කියන අරමුනෙන් .
                                                                                    කිසිවෙකුට ඊර්ෂ්‍යා කිරීමෙන් ඈත් වෙන්න ,අනෙක් නැසීමට නැති කිරීමට වියදම් කරන සල්ලි , කාලය ඔබගේ දියුණුවට වැය කරන්න .අනුන් නැති කිරීමෙන් ඔබට කිසිවක් ලැබෙන්නේ නැත , ඔබට වන්නේ පාඩුවක් මිස වෙන කිසිම දෙයක් නොවෙන බව මතක තියාගන්න .අනුන් කරන දේ ගැන නොව තමන් කලයුතු දේ ගැන හිතන්න හොයන්න .උත්සාහ කරබලන්න .

මේ වෙන තාක් මට සියලුම ආකාරයෙන් මෙය කරගෙන යාමට අනුබල දුන් හැමෝටම මගේ ස්තුතිය පලකරමි !

අලුත් මාතෘකාව කින් මීළඟ ලිපියෙන් හමුවෙමු !
                                                 
ඔබට ජයෙන් ජය !

FRIDAY, DECEMBER 14, 2012


පරිගණක ජාලයකදී මුද්‍රණ යන්ත්‍රය හවුලේ භාවිතය ..Printer Sharing ..



ගියවර ලිපියෙන් පරිගණක ජාලයකදී අන්තර්ජාල සම්භන්දතාව හවුලේ භාවිතාකිරීම , නැතහොත් ඉන්ටර්නෙට් කනෙක්ෂන් ෂෙයාරින් ගැන සාකච්චා කළා මතක ඇති .දැන් අප සලකා බැලීමට සුදානම් වන්නේ මුද්‍රණ යන්ත්‍රයක් , එහෙමත් නැත්තම් ප්‍රින්ටරයක් හවුලේ භාවිතා කරන අයුරුයි .

අපට එදිනෙදා හමු වන ප්‍රින්ටර වල පරිගණක වලට සම්භන්ද කිරීම සඳහා උපක්‍රම කීපයක් භාවිතා කරයි .සමහර ඒවා යල්පැන ගියත් තවමත් ඒවා භාවිතා වන තැන් ඇති නිසා ඒවා මතක් කිරීම හොඳ යයි සිතමි .

1.Com Port /Serial Port සම්භන්ද තාව සහිත ප්‍රින්ටර


2. Parallel Port සම්භන්ද තාව සහිත ප්‍රින්ටර

3.USB Portසම්භන්ද තාව සහිත ප්‍රින්ටර

4.Network සම්භන්ද තාව සහිත ප්‍රින්ටර

5.Wireless(Wi-fi)  සම්භන්ද තාව සහිත ප්‍රින්ටර

මෙහිදී Network සම්භන්ද තාව සහිත ප්‍රින්ටර සහ Wireless(Wi-fi)  සම්භන්ද තාව සහිත ප්‍රින්ටර සඳහා ,Share ෂෙයාර් කිරීම සඳහා අමුතුවෙන් සැකසුම් ,එහෙමත් නැතිනම් කන්ෆිගරේෂන් අවශ්‍ය නොවෙයි .නමුත් ජාලයක දී තවත් පරිගණකයකට සම්භන්ද කර ඇති ප්‍රින්ටරයක් ෂෙයාර් කිරීම සඳහා කලයුතු සැකසුම් ඇත .

මෙහිදී මතක තබා ගත යුතු වැදගත් කරුණක් නම් , මෙම පරිගණක ජාලයේ අනෙකුත් පරිගණක වලින් ප්‍රින්ට් කිරීම සඳහා ,මෙම ප්‍රින්ටරය සම්භන්දීත පරිගණකය හැම විටකම පනගන්වා ඇති තත්වයේ , එනම් පවර් ඔන් එකේ තැබිය යුතු වීමයි .එනිසා බලශක්ති නාස්තියක් සිදුවිය හැකිය .

නමුත් තනිව සවිකළ හැකි ප්‍රින්ට් සර්වරයක් Stand alone Print Server භාවිතයෙන් පහසුවෙන් Parallel Port සම්භන්ද තාව සහිත ප්‍රින්ටර හා USB Portසම්භන්ද තාව සහිත ප්‍රින්ටර  නෙට්වර්ක් ප්‍රින්ටරයක් බවට පත් කල හැකිය .



USB Port to Network Print Server
Parallel to Wireless Print Server

Parallel port to network print server


USB to Wireless Print Server
ADSL Router with 2 Port USB Print Server


ඉහත ආකාරයේ  ප්‍රින්ට් සර්වරයක් භාවිතා කිරීමෙන් , ඉඩකඩ , විදුලි බලයද ඉතිරි කරගත හැකි වීම වාසියකි 
 නමුත් කලකට ඉහතදී  තරමක් මිල වැඩි නිසාත් ,කන්ෆිගර් කිරීමට අවශ්‍ය නිසාත් , නොදැනුවත් කම නිසාත් මේ සඳහා යොමුවී නැති බවක් පෙනේ .නමුත් දැන් නවක රවුටර වල , එයත් එක්කම ඇතුලත් කර නිපදවන ලද ප්‍රින්ට් සර්වර  වෙළඳ පොලේ මිලදී ගැනීමට ඇත .

නමුත් මේ සඳහා තවමත් ආයෝජනය කිරීමට හැකියාවක් නැති අය  සඳහා පරිගණකය හරහා ෂෙයාර් කිරීම සිදු කල හැකිය .එය තරමක් පහසු කටයුත්තකි .

1.පළමුව  Start >Control Panel >Printers & other Hardware >Printers & Faxes වෙත යන්න 
2.මී ලඟට ඔබට නෙට්වර්ක් එකෙහි ෂෙයාර් කිරීමට අවශ්‍ය ප්‍රින්ටර අයිකනය මත රයිට් ක්ලික් කර ප්‍රොපටීස් වෙත යන්න . එහි Sharing වෙත යන්න .එවිට පහත පරිදි දිස් වේවි .

Type a share name for the shared printer

එහිදී Share This Printer තෝරා  Share name යටතේ ඔබට කැමති නමක් ඇතුලත් කරන්න .
ඔබ වෙනත් මෙහෙයුම් පද්ධති සහිත පරිගණක සඳහා මෙම ප්‍රින්ටරය පාවිච්චි කරන්නට අදහස් කරන්නේ නම් Additional Drivers වෙත යන්න .එවිට පහත සඳහන් අයුරින් පෙනේවි .

Additional drivers

අවශ්‍ය පරිදි තොරා OK කරන්න .ඉන්පසුව ප්රෝපටිස් වින්ඩෝවේ Apply කර OK කරන්න .
දැන් අපි ප්‍රින්ටරය සම්භන්දිත පරිගණකයේ සැකසුම් කර අවසානයි .මීළඟට අනෙකුත් පරිගණක වලට මෙම ෂෙයාර් කරනලද ප්‍රින්ටරය එකතු කරන අයුරු සලකා බලමු .

දැන් ජාලයේ අනෙකුත් පරිගණකයක් වෙත යන්න .එහිදී 

1.Start >Control Panel >Printers & other Hardware >Printers & Faxes වෙත යන්න 
2.Printer Task යටතේ ඇති Add Printer  හෝ File> Add Printer මගින් Add Printer Wizard වෙත යන්න .

Add Printer Wizard

එයින් A network printer ,or a printer attached to another computer තෝරන්න .

3.දැන් ඔබට ප්‍රින්ටරය එකතු කිරීම සඳහා ක්‍රම තුනක් දක්නට ලැබේවි .නමුත් අප මෙහිදී දෙවන ක්‍රමය තෝරාගමු , අපට වඩාත් සුදුසු ක්‍රමය එයයි .

Find a printer in the directory

Browse

මෙහිදී ඔබ පරිගණකයේ අයිපී ඇඩ්රස් එක දන්නේ නම් \\IP Address\Printer Name , එනම් අයිපී ඇඩ්රස් එක හා අප පෙර පරිගණකයේ ෂෙයාර් නේම් එක සඳහා යෙදු නම ඉහත ආකාරයෙන් ඇතුලත් කර Next කර ලෙහෙසියෙන් එකතු කිරීමට පුළුවන .

නැතහොත් කිසිවක් ඇතුලත් නොකොට ජාලයේ සර්ච් කර එනම් සෙවීම මගින් ද එම කටයුත්ත පහසුවෙන් කල හැක .එසේ Next කිරීමෙන් පසුව පහත අයුරින් දිස් වෙයි 

Connect to a printer


එම ලිස්ට් එකෙහි පරිගණක ජාලයේ ෂෙයාර් කර ඇති සියලුම ප්‍රින්ටර සම්භාන්දීත පරිගණක දක්නට ලැබෙයි .අදාළ පරිගණකය මත ක්ලික් කල විට එය දිග හැරී එයට සම්භාන්දිත ප්‍රින්ටරය පෙන්වයි .එවිට එම ප්‍රින්ටරය මත ක්ලික් කර Next  කරන්න .


ඉන්පසු අදාළ  මාදිලිය අනුව නිවැරදි ප්‍රින්ටර් ඩ්‍රයිවරය තෝරන්න .ඉන්පසු අදාල ඩ්‍රයිවරය ඔබ දැන් සම්භන්ද වී සිටින පරිගණකයේ ස්ථාපනය වෙයි .

ඉන්පසුව  ස්ක්රීනය පහත අයුරින් දිස් වෙයි.

ඔබ මෙම ප්‍රින්ටරය පමණක් භාවිතා කරන්නේ නම් මෙහිදී yes දමා Next කරන්න .


දැන් ඔබ සිටිනා පරිගණකයේ සිට ප්‍රින්ට් කිරීම සිදු කල හැකි දැයි පරීක්ෂා කිරීමට Do you want to print a test page ?  සඳහා Yes දමා Next  කරන්න .මීළඟ ස්ක්රීනයේ Finish බටනය ක්ලික් කර තත්පර ගණනකට පසුව හෝ මිනිත්තුවකට පමණ පසු ප්‍රින්ටරයෙන් Printer Test Page එක ප්‍රින්ට් විය යුතුය .එසේ නොමැති නම්  ජාල සම්භන්ද තාව හොඳින් තිබේ නම් ,ඔබ තෝරන ලද ඩ්‍රයිවරය ප්‍රින්ටරය හා හොඳින් ගැලපේ දැයි පරීක්ෂා කර බලන්න .

වින්ඩොව්ස් 7 හිදී ද සකසුම් මෙහි සඳහන් අයුරින් වෙනස් වන්නේ ඉතා සුළු වශයෙනි .

ඉහත රුපයෙන් ඔබට එක පෙනෙනවා ඇත .

වින්ඩොව්ස් 7 හිදී ප්‍රින්ටරයක් එකතු කිරීමට පහත සඳහන් පියවර අනුගමනය කරන්න .


1.පළමුව Control Panel\Hardware and Sound\Devices and Printers වෙතයන්න .එයින් Add a Printer ක්ලික් කරන්න 

2.එවිට පහත සඳහන් ස්ක්රීනය ලැබේ .

එයින් Add a Network , Wireless or Bluetooth Printer මත ක්ලික් කරන්න 

3.එවිට පහත අයුරින් දිස් වෙයි 
මෙහිදී ඔබට ප්‍රින්ටර නේම් එක සහ එය සම්බහ්දිත පරිගණකයේ ඇඩ්රස් එක පෙන්වුවහොත් එය සිලෙක්ට්
ප්‍රින්ටරය එකතු කරගැනීමට ඉඩ ලැබේ .නැතිනම් The Printer that i want isn't listed වෙත ගොස් අදාල ප්‍රින්ටරය එකතු කරගත හැක .

4.මීළඟ පියවර පහත පරිදි දිස් වෙයි .

මෙම ස්ක්රීනය අප කලින් සාකච්චා කල වින්ඩොව්ස් එක්ස්පී වලදීද තරමක් සමාන බැව් ඔබට පෙනෙනු ඇත .
එම නිසා මෙතනින් ඉදිරියට කලයුතු දේ ඔබට වැටහිය යුතුය .

එසේනම් අද පාඩම මෙතනින් නිමයි .වැරදි අඩුපාඩු ඇතොත් දන්වන්න .

ඔබට ජය වේවා !.




FRIDAY, NOVEMBER 30, 2012


පරිගණක ජාලයකදී අන්තර්ජාල සම්භන්දතාව හවුලේ භාවිතා කිරීම -Internet Connection Sharing (ICS)..

    පසුගිය ලිපි වලින් වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධති වලදී ෆයිල් සහ ෆොල්ඩර ෂෙයාර් කිරීම පිළිබඳව සාකච්චා කරනු ලැබුවා ඔබට මතක ඇති .මීළඟට අප පරිගණක ජාලයක අන්තර්ජාල සම්භාන්දතාව හවුලේ භාවිතා කිරීම සඳහා සකස් කරන අන්දම විමසා බලමු .
                                                                                            බොහෝවිට අපට ෂෙයාර් කිරීමට සිදු වන්නේ ,යූ.එස්.බී  USB හරහා පරිගණකයකට සම්භන්ද කරනු ලබන උපකරණවලින් ලබා ගන්නා සම්භන්දතා වේ .ADSL Router හරහා ලබාගන්නා ජාල සම්භාන්දතාව , ජාලයේ පරිගණක සම්භන්ද කර ඇති ස්විචයකට සම්භන්ද කිරීමෙන් සියලුම පරිගණක වලට ලබාදිය හැක .නමුත් HSDPA - Mobile Broad Band සම්භන්දතා හරහා ලබාගන්නා අන්තර් ජාල සම්භන්දතා පරිගණක ජාලයකදී බෙදා හැරීමට නම් , ඒ සඳහා Internet Connection Sharing -ICS සැකසුම් කල යුතුය .

                                         මෙහිදී අන්තර්  ජාලයට සම්බන්ධ පරිගණකය හොස්ට් HOST  ලෙසත් එය හරහා අන්තර්ජාල පහසු කම ලබන පරිගණක ක්ලයන්ට් CLIENT ලෙසත් හඳුන්වමු .

                      Windows XP හිදී අන්තර් ජාල සම්භන්දතාව හවුලේ භාවිතය , හෙවත් ඉන්ටර්නෙට් ෂෙයාරින් සැකසුම් කිරීමට පහත පියවරයන් අනුගමනය කරන්න .

1. Start -> Control Panel -> Network & Internet Settings ->Network Connection
2.මෙහිදී පරිගණකයේ ඇති සියලුම ආකාරයේ ජාල සම්භන්දතා ඔබට දැක ගත හැකිවේවි .
3.එයින් ඔබ දැනට අන්තර්ජාලය හා සම්බන්ධව සිටින පරිගණක ජාල සම්භාන්දතාව Network Connection
මත Right Click කර  Properties  වෙතයන්න
4.එයින් Advance tab වෙත යන්න .
5.ඉන්පසු Internet Connection Sharing යටතේ ඇති Allow other Network Users to connect through this Computer's Internet Connections, තොරන්න්න .
6.ඉන්පසු Home Connection Connection වෙත ගොස් ඔබ පරිගණක ජාලයට සම්භන්ද වී සිටින සම්භන්දතාව Connection  තෝරන්න ,බොහෝවිට එය Local Area Connection වේවි .
7.මෙහිදී අන්තර්ජාල භාවිතය සීමා කිරීමට අවශ්‍ය නම් , එසේත් නැතිනම් අන්තර්ජාලයට සම්භන්ද මෙම සැකසුම් සිදුකරන පරිගණකය අන්තර්ජාලයට සම්භාන්දනම් පමණක් අනෙක් ඒවාට සම්භාන්දතාව ලැබෙන පරිදි සැකසිය යුතුනම් ,Establish a dial up connection whenever a computer on my network attempts to access internet  යන්න එසේම තිබෙන්න හරින්න .එය තේරුවහොත් අනෙක් පරිගණක වල සිටද අන්තර්ජාල සම්බන්දතාව සම්බන්ද කිරීමට හැකියාව ලැබේ .

Dial Up සම්භාන්දතාවක්  යනු පොදුවේ අප පාවිච්චි කරන Mobile Braodbandමොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් ,හෝ එස් එල් ටී SLT Dial Up ඩයල් අප් කනෙක්ෂන් එකක් හෝ සී ඩී එම් ඒ CDMA සම්භාන්දතාවක් ඔස්සේ අන්තර්ජාල පහසු කම ලබා ගැනීමේදී පාවිච්චි කරන ක්‍රමයයි .මෙහිදී අප විශේෂ අංකයකට ඩයල් කිරීමෙන් එහෙමත් නැතිනම් ඇමතීම මගින් අදාළ සබන්ධතාව ඇති කරගන්නා බැවින් මෙවැනි සම්බන්දතාවකට  Dial Up සම්භාන්දතාවක් යයි කියනු ලැබේ .

8.දැන් OK කරන්න .




9.ඉන්පසුව ඔබට පහත පරිදි මැසේජ් එකක් ලැබේවි

When Internet Connection Sharing is enabled, your LAN adapter will be set to use IP
address 192.168.0.1. Your computer may lose connectivity with other computers on
your network. If these other computers have static IP addresses, it is a good idea to set them
to obtain their IP addresses automatically. Are you sure you want to enable Internet
Connection Sharing?


එහිදී yes යන්න තෝරන්න .

ඉන්පසුව ඉන්ටෙර්නෙට් සම්භාන්දතාව මත ඩබල් ක්ලික් කර පහත පරිදි Any one who use this computer යන්න තෝරා ඩයල් බටනය ක්ලික් කර අන්තර්ජාලයට සම්භන්ද වන්න .




ඉන්පසු ඔබ LAN කනෙක්ෂන් හි Properties පරීක්ෂා කළහොත් එහි අයි.පී   ඇඩ්රස් එක 192.168.0.1 /255.255.255.0 ලෙස වෙනස් වී ඇති බව පෙනෙනු ඇත .දැන් ඔබ හොස්ට් පරිගණකයේ සිදුකලයුතු වෙනස් කම් සිදු කර අවසානයි .දැන් කලයුත්තේ ක්ලයන්ට් පරිගණක වල 

192.168.0.2 සිට 192.168.0.254 දක්වා වූ අයිපී ඇඩ්රස් පරාසය අතරින් කැමති අයුරින් යෙදීමයි .
සබ්නෙට් මාස්ක් Subnet Mask  එක 255.255.255.0 ලෙසද , ගේට්වේ Gateway  සඳහා සෑම පරිගනකයදීම 192.168.0.1 යෙදීමයි .

දැන් ඔබට අනෙකුත් පරිගණකවලින් අන්තර්ජාල පහසු කම ලබා දී අවසන් .

හොස්ට් පරිගණකය අන්තර්ජාලයට සම්භාන්දවී නොමැති අවස්ථාවක
Establish a dial up connection whenever a computer on my network attempts to access internet  යන්න තෝරා ඇත්තම් ,ජාලයේ ඇති අනෙක් පරිගණකයකින් අන්තර්ජාලයට පිවිසීමට උත්සාහ කිරීමේදී  ඔබට දෙවැනි රුපයේ පරිදි කනෙක්ෂන් ඩයලොග් ස්ක්‍රීන් එක පෙන්වාවි එවිට ඔබ සිදු කල යු තු වන්නේ ඩයල් කිරීම පමනයි එවිටද, ජලයේ සම පරිගණකයකින් ම අන්තර්ජාල ය භාවිතා කල හැකිවේ .

වින්ඩොව්ස් සෙවන් හීදීද මෙය මේ ආකාරයෙන් සිදු කල හැකිය .එය බොහෝ දුරට මෙම පියවරයන් හා සමාන වේ .

වින්ඩොව්ස් සෙවන් හිදී  ලැබෙන ඉන්ටනෙට් කනෙක්ෂන් ෂෙයරින් ස්ක්රීනය 

උත්සාහ කර බලන්න ,මෙම ලිපිය බොහෝ දෙනෙකුට වැදගත් වේවි යයි විශ්වාස කරමි .ඉදිරියේදී ලිනක්ස් , සහ ඇපල් පරිගණක වලදීද වැදගත් නෙට්වර්ක් සෙට්ටින්ග්ස් සකසන ආකාරය ඔබ වෙත ගෙන එන්නම් .

ඔබට ජයෙන් ජය !.










SUNDAY, NOVEMBER 11, 2012


වින්ඩෝස් සෙවන් පරිගණක අතර ෆයිල් සහ අනෙකුත් දෑ හුවමාරු කිරීම .(Windows 7 Simple File Sharing..)..

                  අද ලිපියෙන් වින්ඩොව්ස් සෙවන් හිදී ෆයිල් සහ අනෙකුත් දෑ හුවමාරු කර භාවිතය එනම් ෂෙයාර් කරන පිළිවෙල සලකා බලමු .වින්ඩොව්ස්  එක්ස්පී Windows XP  සහ සෙවන් Windows 7 අතරද මේ අයුරින්ම ෆයිල් ෂෙයාරින් සකස් කරගත හැකිය .
මෙහිදී පළමුව වින්ඩොව්ස් සෙවන් පරිගණකයේ File Sharing , Enable කර ඇති දැයි පරීක්ෂා කර බලමු .ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න .

1. Start ->  Control Panel ->Network and Internet -> Network and Sharing Center->Change Adapter Settings ඉන්පසුව ඔබට පහත පරිදි වින්ඩෝවක් දක්නට ලැබේවි .

Windows 7 - network adapter properties

2.ඉන් අනතුරුව ඔබ පරිගණක ජාලයට සම්භන්ද වී ඇති ජාල සම්භන්දතාව Network Connection මත රයිට් ක්ලික් කර ප්‍රොපටීස් වෙත යන්න .

Windows 7 - file and printer sharing

3.එයින් ඉහත  පරිදි File and Printer Sharing for Microsoft Networks හි ටික් කර ඇත්තම් OK  කරන්න .දමා නැත්තම් ටික් එක දමා OK  කරන්න.
4.ඉන්පසු නැවත Start ->  Control Panel ->Network and Internet -> Network and Sharing Center වෙත යන්න .

network location type in Windows 7

මෙහිදී සඳහන් කල යුතු වැදගත් කරුණක් නම් වින්ඩොව්ස් සෙවන් ඇති පරිගණක යන් හිදී Network Location Type එක එකම ආකාරයෙන් තිබීමයි .ඔබ මේ මත ක්ලික් කර බැලුව හොත් පහත අයුරින් පෙනේවි ..
set network location type in Windows 7

තවද ඔබට මෙම ලොකේෂන් ටයිප් එක ලෙහෙසියෙන් මාරු කල හැකිය .එහෙත් Home Network හෝම් නෙට්වර්ක් යන්න සාමාන්‍ය පරිගණක ජාලයකදී ද ,Work Network වරක් නෙට්වර්ක් යන්න කාර්යාලීය පරිසරයේත් ,Public Network පබ්ලික් නෙට්වර්ක් යන්න ,ඉන්ටෙර්නෙට් ,සහ නොදන්නා පරිගණක ජාලයක දීද භාවිතා කිරීම නිර්දේශ කෙරේ.
මෙහිදී අපගේ කටයුත්ත සඳහා හෝම් ගෘප් එක පරිගණක සියල්ලම සඳහා භාවිතා කරමු .

Windows 7 - enable file sharing setting

4.දැන් ඉහත රුපයෙන්ලකුණු කර  පෙන්වා ඇති Change Advanced Sharing  Settings වෙත යන්න ,
ඉන්පසු නිවැරදි නෙට්වර්ක් කනෙක්ෂන් එක තෝරන්න .


 පහත පරිදි එහි සැකසුම් වෙනස් කරන්න .

Turn on file and printer sharing
Turn off password protected sharing



Windows 7 - turn on file and printer sharing

Windows 7 - turn off password protected sharing

දැන් ෆයිල් ෂෙයාරින් සඳහා වන මුලික සැකසුම් සකස් කර අවසානයි .දැන් කලයුතු වන්නේ අවශ්‍ය ෆයිල් සහ ෆොල්ඩර ෂෙයාර් කිරීමයි .

enable file sharing in Windows 7

ඔබට ෂෙයාර් කිරීමට අවශ්‍ය ෆෝල්ඩරය මත රයිට් ක්ලික් කර Share With වෙත ගියහොත් ඔබට විකල්ප  (options) හතරක් දැකගත හැකිය .

Nobody -       මෙය තෝරාගත හොත් එය පරිගණක ජාලයේ අනෙක්  අයට  කිසිවක් නොපෙන්වයි

Homegroup (Read)-  මෙහිදී  ෂෙයාර් කරනලද ෆයිල්ස් පෙන්වන අතර ඒවා කිසිවක් වෙනස් කල          නොහැකිවන අතර කියවීම ,බැලීම සිදු කල හැකිය .

Homegroup (Read/Write)-මෙහිදී කියවීම වෙනස් කිරීම සිදු කල හැකිය

Specific People.. මෙහිදී සියලුම ය සඳහා නොව ජලයේ සිටින විශේෂිත අය අතර පමණක් ,ඉහත ආකාරයටම එනම් ,කියවීමට පමණක් හැකිවන පරිදි හෝ කියවීමට ලිවීමට හැකිවන පරිදි සැකසුම් සිදු කල හැකිය .

Specific People. ආකාරයෙන් දත්ත හුවමාරු කිරීම සඳහා පහත පරිදි සැකසුම් සැකසිය හැකිය .
ෂෙයාර් කිරීමට අවශ්‍ය ෆෝල්ඩරය මත රයිට් ක්ලික් කර Share With -> Specific People වෙත ගිය විට පහත ආකාරයෙන් ගෙස්ට් එකවුන්ට් එක සඳහා රීඩ් ඔන්ලි එනම් කියවිය හැකි පරිදි සකස් කරගන්නා ආකාරය පහතින් දක්වා ඇත .
win7 file sharing - choose people to share with

ඉන්පසු Share ක්ලික් කරන්න .

successful file sharing in Windows 7

අවසාන වශයෙන් Done යන්න ක්ලික් කරන්න .

ඉන්පසුව ෂෙයාර් කරනලද ෆෝල්ඩරය මත රයිට් ක්ලික් කර ප්‍රොපටීස් වෙත ගියහොත් පහත පරිදි ,ෆෝල්ඩරයේ ෆයිල් පාත් එකත් ,කසමග ෂෙයාර් කර ඇත්ද යන්න ෂෙයරින් ටැබ්  එකනුත් දැක බලා ගත හැකිවනු ඇත .

network path for file sharing in Windows 7

දැන් ඔබ අනෙකුත් පරිගණයක කින් නෙට්වර්ක් පාත් එක කොපි කර අනෙකුත් ජාලයේ අනෙකුත් පරිගණකයේදී රන් Run හි ටයිප් කර එන්ටර් එබී මෙන් එහි ඇති දෑ දැක බලා ගත හැක .
අනෙක් පරිගණක යෙදී මෙම ෆෝල්ඩරය තුල ඇති ෆයිල්  මත රයිට් ක්ලික් කර ප්‍රොපටීස් ගිය විට පහත පරිදි පෙනේවි .

file sharing status in Windows 7

නැවත ෂෙයාර් කරනලද ෆෝල්ඩරයේ ප්‍රොපටීස් වෙත ගොස් Security වෙත ගොස් එම ෆෝල්ඩරය හි ඇති අන්තර්ගත ෆයිල් වලට කල හැකි වෙනස් කම් ඒ ඒ භාවිතාකරන්නා අනුව වෙනස් කල හැකිය .

Windows 7 - security setting for shared file folder

තව දුරටත් පැහැදිලි කර ගැනීම සඳහා පහත වීඩියෝව බලන්න ..



වින්ඩොව්ස් එක්ස්පී සහ සෙවන් අතර ෆයිල් ෂෙයාරින්  කරන අන්දම ..

ජාලගත පරිගණක අතර ෆයිල් සහ අනෙකුත් දෑ හුවමාරු කිරීම ..File & Resource Sharing ...පළවෙනි කොටස...

පසුගිය සතියෙන් අප පරිගණක ජාල ගොඩනගන අයුරු සාකච්චා කරනු ලැබුවා ඔබට මතක ඇති.පියවරෙන් පියවර දෙයක් ඉගෙන ගැනීමේ වැදගත් කම වනුයේ එය කරුණු මතක තබා ගැනීමට විශාල උදව්වක් කරන නිසා බව මතක තියාගන්න.විෂයක තැනින් තැන ඉගෙන ගත්තාට ,එය භාවිතා කර අළුතීන් හිතා මතා දෙයක් කිරීමට එම දැනුම බොහෝවිට ප්‍රයෝජනවත් නිවන බව මාගේ විශ්වාසයයි .එය සෑම විෂයකටම පොදු කරුණකි .
                             දැන් අපි අපගේ මූලික අරමුණ වෙත යොමු වෙමු.පරිගණක ජාලකරණයේ මුලික අරමුණ වන්නේ දත්තත සහ සම්පත් හුවමාරු කර භාවිතයට ගැනීමයි .එම නිසා පහත පරිදි ඒවා එකින් ඒක විස්තර කිරීමට මා බලාපොරොත්තු වෙමි .

1.දත්ත හුවමාරු කිරීම නැතහොත් ෆයිල් ෂෙයාරින්- File Sharing
2.දත්ත ගබඩා උපකරණ නැතහොත් ස්ටෝරේජ් ,ඩ්‍රයිව් ෂෙයාරින්- Storage & Drive Sharing
3.මුද්‍රණ යන්ත්‍ර හවුලේ භාවිතය නැතහොත් ප්‍රින්ටර් ෂෙයාරින්-Printer Sharing

මීට අමතරව විශේෂ අමතර දෙයක් හැටියට ස්කෑනර්  Scanner Sharing එකක් හවුලේ භාවිතා කරන අයුරු  පෙන්වා දීමට බලාපොරොත්තු වෙමි .

අප පළමුව ෆයිල් ෂෙයාරින් ගැන විමසා බලමු .මේ සඳහා මම භාවිතා කරනු ලබන්නේ වින්ඩොව්ස් එක්ස්.පී ඔපරෙටින්ග් සිස්ටම් එකයි .මෙය තෝරාගැනීමට හේතුව තවමත් බොහොදෙනක් භාවිතා කරන නිසාවෙනි .අනෙක් කරණය නම් .මුලික කරනා ඉගෙන ගැනීමට එය ප්‍රමාණවත් වීමයි.කෙසේ නමුත් වින්ඩොව්ස් සෙවන හීදී ද මේ සැකසුම් කරන ආකාරය පෙන්වා දීමට බලාපොරොත්තු වෙමි.
Windows XP හිදී සිම්පල් ෆයිල් ෂෙයාරින් සහ ඇඩ්වාන්ස් ෆයිල් ෂෙයාරින් යනුවෙන් ක්‍රම දෙකක් ඇත .පළමුව මෙහිදී සිම්පල් ෆයිල් ෂෙයාරින් සලකා බලමු .

Windows XP හිදී  සිම්පල් ෆයිල් ෂෙයාර් සැකසුම් කිරීම .

1.අප මෙහිදී ෆයිල් ෂෙයාරින් ලෙස කතා කලද ඇත්තටම අප ෂෙයාර් කිරීමට කලයුතු වෙනස් කම සිදු කරන්නේ ෆෝල්ඩරයක් මතයි .ඔබට අවශ්‍ය ෆයිල් ෂෙයාර් කිරීමට පළමුව ඔබට අවශ්‍ය ස්ථානයක ෆෝල්ඩරයක් සාදා එයට අවශ්‍ය ෆයිල්ස් ටි‍ක කොපි කරන්න .නැතහොත් ඔබට අවශ්‍ය ෆෝල්ඩරය තෝරාගන්න .
2.එයමත රයිට් ක්ලික් කර ,ප්‍රොපටීස් වෙත යන්න .

                                           

3.පසුව ෂෙයාරින් ටැබ් ඒක මත ක්ලික් කරන්න .එවිට රුපය පහත පරිදි දිස්වෙයි.


4.ඉන්පසුව Share this folder on the network මත ක්ලික් කර එතනට ටික් ඒක දමන්න .එවිට පහත පරිදි දිස්වෙයි .

                        
5.මෙහිදී ඔබට අදාල ෆෝල්ඩරය වෙනත් නමකින් උවද ෂෙයාර් කල හැකිය.ඒ සඳහා කලයුත්තේ Share Name සඳහා වෙනත් නමක් යෙදීමයි.Allow network Users to change my file එසේම තියෙන්නට හරින්න .එය සක්‍රීය කළහොත් ජාලයේ අනෙකුත් පරිගණක වල සිට මෙම ෆයිල් එඩිට් කිරීමට හැකියාව ලැබේ .දත්තවල ආරක්ෂාව සඳහා මෙය ඩිසේබල් කර තබන්න .

6.ඉන්පසු Apply බටනය මත ක්ලික් කර OK කරන්න .




7.ෆෝල්ඩරය ෂෙයාර් වී ඇති බව ඔබට ඉහත ආකාරයෙන්  එහි අයිකනය වෙනස් වී ඇති ආකාරයෙන් දැක ගත හැකිවනු ඇත .

8.වෙනත් පරිගණකයක දී මෙම ෆයිල් ඕපන් කර ගැනීමට Start -> Run  හිදී \\IP Address ,උදාහරණයක ලෙස ගතහොත් ඔබ ෂෙයාර් කල ෆෝල්ඩරය අඩංගු පරිගණකයේ අයිපී ඒක 192.168.1.2 නම් \\192.168.1.2 
ලෙස ටයිප් කර එන්ටෙර් ප්‍රෙස් කරන්න .


9.එවිට ඔබට පහත පරිදි ඉහත දී ෂෙයාර් කරනලද ෆෝල්ඩරය දැක ගත හැකිවනු ඇත .



යම හෙයකින් ඔබට ෆෝල්ඩර ප්‍රොපටීස් වින්ඩෝව පහත පරිදි දිස් වේනම් .එහි තේරුම ෆයිල් ශේයරින්ග් එනේබල් කර නොමැති බවයි .

එය එනේබල් කිරීමට මා පසුගිය ලිපියකදී සඳහන් කල නෙට්වර්ක් සෙටප් විසාඩ් ඒක රන් කරන්න .
යම හෙයකින් ඔබගේ පරිගණකයේ සිම්පල් ෆයිල් ෂෙයරින් එනේබල් කර නොමැති නම් ඔබට දිස්වන්න්නේ පහත ආකාරයේ වින්ඩෝවකි .


එය ඇඩ්වාන්ස් ෆයිල් ෂෙයරින් ක්‍රමයට අදාල වින්ඩෝවයි .එය පිළිබඳව අප මීළඟ ලිපියෙන් සලකා බලමු .කෙසේ නමුත් මෙම අත්හදා බැලීම් සඳහා  සිම්පල් ෆයිල් ෂෙයරින් එනේබල් කර ගැනීමට ,ඔබ ෂෙයා කිරීමට යන ෆෝල්ඩරය ඕපන් කොට Tools -> Folder Options ->View වෙතට ගොස් Use Simple File Sharing (Recommended) එනේබල් කිරීමයි .

No comments:

Post a Comment