Monday, September 22, 2014


අප අද කතා කිරීමට බලාපොරොත්තු වන්නේ පරිගණක ඉතිහාසය පිළිබදවයි.. අපටද වසර දහස් ගණනකට එහා විහිදී ගිය ප්‍රෞඩ ඉතිහාසයක් ඇත.අතීතයේ ජීවත් වූ විවිධ වු පුද්ගලයන්ගේ කැපකිරීම් මත වර්තමානය පෝෂණය වී පවතී..ඒ වු විශිෂ්ඨ පුද්ගලයන් අතින් නිමවු පරිගණකය අද වන විට ඉතා දියුණු තත්වයක පවතී.

පරිගණකය වනාහි වර්තමානයේ අත්‍යවශ්‍ය මෙවලමක් වී ඇත. වර්තමානය විශ්ව ගම්මානයක් ලෙස හදුන්වන්නේද මේ පරිගණකයත් සමග බැදුණු තාක්ෂණික දියුණුව නිසාය.ලෝකයේ කොතනක වුවදු සිදුවන සිදුවීමක් තත්පර කිපයකින් ලෝකයේ අනෙක් පස සිටින පුද්ගලයකුට සියසින්ම දැක ගැනීමට හැකියාව ලැබී ඇත්තේද, ඕනෑම දෙයක් ගෙදරටම ගෙන්වා ගැනීමද.,වෙනත් රටක සිටින විශේෂඥ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගැනීම දක්වා වූ එකී මෙකී නොකී හැම අවශ්‍යතාවයක්ම සපුරා ගැනීමට මෙම තාක්ෂණය මහත් පිටිවහලක් වී තිබේ.වර්තමාණයෙහි පරිගණකය භාවිතා නොවන ක්ෂේත්‍රයක් සොයා ගැනීමට අපහසුය. එය එතරම්ම දියුණුවට හේතු කාරණා රාශියකි.අපි එය ඉදිරි ලිපි ඔස්සේ සොයා බලමු. අද මේ ලිපිය පෙළි ඔස්සේ සාකච්ඡාවට බදුන් කරෙනුයේ පරිගණකයේ ඉතිහාසය පිළිබදවයි.. 

මිනිසා වනාහි අළුත් අළුත් දෑ නිතර නිතර සොයා යන සත්ත්ව කොට්ඨාසයකි. ඒ හේතුව නිසාම මිනිසා අනෙකුත් සතුන් මෙන් නොව සීඝ්‍ර පරිණාමයක  පත්වී ඇත. ඒ වූ මිනිසුන් විශාල පිරිසක් තම ශ්‍රමය කැප කරමින් මේ වන විටත් අළුත් සොයා ගැනීම් බොහෝමයක් ලෝවට ඉදිරිපත් කරමින් පවති. අතීතයේ පටන් මිනිසාට පැවතී අමාරු කාර්යයන් පහසු කර ගැනීම සදහා විවිධ වූ නිපැයුම් තනන ලදී. ඒ අමාරු කාර්යයන් අතර ගණිත ගැටළු විසදීම වනාහි මිනිසාට බරපතල ගැටළුවක් විය.අංක ක්‍රමයත් සමග මිනිසා විශාල පරිමාණයේ ගණිත කර්ම(Mathematical Operations) කිරීම ආරම්භ කරණලදි. එය ජය ගැනීම සදහා විවිධ වු උපකරණ බිහිවිය.මේ උපකරණ මගින් විවිධ වූ සංකීර්ණ වු ගණිත ගැටළු ඉතා ඉක්මනින් විසදා ගැනීමට හැකිවිය.මේ ගණිත කර්මයේ දියුණු විමත් සමගම ක්‍රමක්‍රමයෙන් යන්ත්‍රද දියණු විය.ඒහි ප්‍රතිඵලයක් වන්නේ පරිගණකය බිහි වීමයි. 

ඇබකසය (ABACUS)


 මෙහි ප්‍රතිඵලයක් වන්නේ  අවුරුදු 5000පමණ ඈත අතීතයේ දී එනම් ක්‍රි.පූ. 3000 දී පමණ චිනයේ ඇබකසය (ABACUS) නම් උපකරණය නිපදවිමයි. මෙහි Beads නමින්හදුන්වන කුඩා බෝල සිරස් කූරු මත සවිකර ඇති අතර යම් ක්‍රමවේදයක් අනුගමණය කරමින් ඉතා ඉක්මනින් ගණනය කිරීම් කරගත හැකියා‍ව සැළසේ . මෙම උපකරණය භාවිතය මගින් වර්තමානයේ පවතින ගණක යන්ත්‍රයන්ට වඩා වේගයෙන් ගණිත ගැටළු විසදීමට හැකිය.මෙහි සමකාලිනව ඇබකස් වර්ග 3ක් පවති.ඒවා නම්,
 
  1. ජපන ඇබකසය
  2. රුසියන් ඇබකසය
  3. චීන ඇබකසය

ඇබකසය නිපදවූයේ කවුරුන්ද  යන වග සොයා ගැනීමට අපහසුය....
වැඩි දුර විස්තර අවශ්‍ය නම් පහල වීඩියෝ  බලන්නකෝ.




නැපියර් බෝන්ස් 

ක්‍රි.ව 1617 දී ස්කොට්ලන්ත ජාතික ජෝන් නේපියර් නම් ගණිතඥයා විසින් ලඝුගණකයක් නිපදවිය.මෙහි තනා ඇත්තේ කුඩා ඇත්දළ තීරු 22කිනි. මෙම තීරු තිරස් අතට සම්බන්ධ කොට සාදා ඇත.මෙමගින් අංක එකිනෙකට පහසුවෙන් වැඩි කර ගැනීමට හැකියාව පවතී.මෙය නම් කර ඇත්තේ නැපියර්ගේ ඇත් දළ තීරු නමිනි.Napier Bonesකියාය.තවද මේය සමහර ග්‍රන්ථ වල නැපියර රොඩ්ස් කියාද හදුන්වා දී මෙම තාක්ෂණය උපයොගි කරගෙන පසුව 1632 දී පමණ එංගලන්තයේ දී සර්පණ රූල (Slide Rule) නිර්මාණය කරන ලදී.


වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහල වීඩියෝව බලන්න..


තවදුරටත් කොහොමද මෙය භාවිතයෙන් ගණන්  හදන්නේ කියලා දැන් ගන්න ඕනේ නම් මෙතන ක්ලික් කරන්න
 
පැස්කලායින්.

 
ක්‍රි. ව. 1642 දී බ්ලේස් පැස්කල් නම් ප්‍රංශ ජාතික ගණිතඥයා විසින් සොයා ගන්නා ලද ගණක යන්ත්‍රය පැස්කලායින් ලෙස හදුන්වයි.මෙය ලොව මුල්ම ගණක යන්ත්‍රයයි.අංක අනුව පිළිවෙලකට සකස් කරනු ලබා ඇති මෙම යන්ත්‍රය දැති හා දම්වැල් භාවිතය තුලින්  ක්‍රියාත්මක වේ.මෙය හරහා පහසුවෙන් සංඛ්‍යා එකතු කිරීම හා අඩුකිරීම සිදුකර ගත හැකිවිය.

පසුව 1673 දි මෙම යන්ත්‍රය ජර්මන් ජාතික ගණිතඥයකු වූ ගොට්‍ෆරඩ් විල්හෙම් (Gottfried Wilhelm Von Leibniz) විසින් වැඩිදියුණු කරන ලදී...එය හේතුකොටගෙන මෙම යන්ත්‍රය මගින් සංඛ්‍යා බෙදීම සහ ගුණ කිරීම සදහාද පහසුකම් සැලසිණ.මෙම වැඩිදියුණු කිරීමෙන් පසුව මෙයටStep Reckoner ලෙස නම් පටබැදිණ.

 
Difference Engine & Analytical Engine


1801 දී ප්‍රංශ ජාතික රෙදි වියන්නෙකු වූ ජෝශප් ජැකුවාඩ් (Joseph Jacquard) විසින් යන්ත්‍රයක් නිර්මාණය කරන ලදී.මෙහි විශේෂත්වය වූයේ මෙහි සිදුරු සහිත කාඩ්පත් භාවිතා කරමින් රෙදිවල විවිධාකාරයේ රටා මැවීමට හැකිවීමයි. මෙම නිර්මාණය ගුරුකොට ගත් චාර්ල්ස් බාබේජ් නම් ඉංග්‍රිසි ජාතික ගණිතඥයා විසින් 1833දී ඇනලිටිකල් යන්ත්‍රයක් නිපදවිය.කෙසේ නමුදු මෙය සාර්ථක කරගන්නට නොහැකිවිය. එයට හේතුව වූයේ එකල තිබූ දැනුම ප්‍රමාණවත් ඔහුගේ නිර්මාණය සදහා ප්‍රමාණවත් නොවීමයි.

මෙම යන්ත්‍රයෙහි විශේෂත්වය වන්නේ මෙහි දත්ත ආදානය (Input) , තැන්පත් කිරීම (Storage), සකස් කිරීම (Processing), සහ ප්‍රතිදානය (Output)යන කාර්යයන් සිදු කිරීමට හැකිවනසේ උපාංග සමග නිපදීවයි.මෙම සොයා ගැනීම වර්තමානයේ පවතින පරිගණකය බිහිවීමට බොහෝසේ උපකාරී විය.මේ හේතුව නිසාම පරිගණකයේ පියා ලෙස විරුධාවලිය ලබන්නට තරම් මොහුට හැකිවිය...
මොහුගේ හිතවතියකු වූ ඇඩා ඔගස්තා ලොව්ලොස් (Ada Augusta Lovelace)විසින් මෙම යන්ත්‍රයට අවශ්‍ය කරන වැඩසටහන් සකස් කර දී ඇත.මෙමනිසා මෙතුමිය ප්‍රථම පරිගනක ක්‍රමලේඛිකාව ලෙස විරුධාවලිය ලබන්නට විය.
අමතර විස්තර දැන ගැනීමට පහත දැක්වෙන වීඩියෝ නරඹන්න....
ටැබියුලේටින් යන්ත්‍රය


1980 දී ඇමරිකානු ජන සංගණන නිළධාරියකු වූ හර්මන් හොලේරිත් නැමති ජන සංගණන නිළධාරියා විසින් නිපදවන්නට යෙදුන යන්ත්‍රය ටැබියුලේටින් යන්ත්‍රය මගින් විසින් එකළ අවුරුදු අටක කාලයක් වැයවෙන ජන සංගණන කටයුතු ඉතා ඉක්මනින් සිදු කර ගැනීමට හැකිවිය...මෙහි පැවතුනේ ජෝෂප් ජැකුවාඩ්ගේ සිදුරු පත් සංකල්පයයි..


මොහු විසින් අද වන විට ජනප්‍රිය පරිගණක නිෂ්පාදන ආයතනයක් වන IBM (International Business Machines) ආයතනය ආරම්භ වන්නේ මොහුගේ මූලිකත්වයෙනි.. මෙම යන්ත්‍රය දියුණු කර වාණිජ මට්ටමෙන් විකිණිම සදහා වෙනත් ආයතනයක් සමග එකතුවී මෙම සමාගම ආරම්භ කළේය......
පළමු පරිගණකය.......

චාර්ල්ස් බාබේජ්ගේ මරනින් අවුරුදු 70 වකට පසු ඔහුගේ සිහිනය මල්පළගන්නට විය..මොවුන් චාර්ල්ස් බාබේජ්ගේ සංකල්පය අනුව ඇමරිකාවේ හාර්වඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ව හොවාඩ් අයිකන් (Howard Aiken) විසින් තම ශිෂ්‍යන්ගේ සහය ඇතිව තවත් වැඩිදියුණු යන්ත්‍රයක් නිපදවිය..මෙම යන්තුය සතුව තත්පරයකදී සංඛ්‍යා එකතු කිරීමට අඩු කිරීමට ගුණ කිරීමට  හැකියාව පැවතුනි.මෙය ලොව ප්‍රථම පරිගණකය වූ අතර එය හැදින් වූයේ ASCC (Automatic Sequence Controlled Calculator) නම් විය...පසුව මෙය මාර්ක් I (Mark I)  නමින් හැදින්විය.


මෙම යන්ත්‍රයට දත්ත ඇතුළු කිරීමට යතුරු ලියනයක් සම්බන්ධ කර තිබූ අතර දත්ත ප්‍රතිදානය සදහා සිදුරුපත්  භාවිතා කරනු ලැබිය.බරින් ටොන් 5 පමණ වූ මෙම යන්ත්‍රයෙහි තුන්දහසකට අධික වු විද්‍යුත් යාන්ත්‍රික කොටස් (Electromechanical relays) අඩංගු විය.මෙය ලොව  ප්‍රථම පරිගණකයයි..

ලොව ප්‍රථම විද්‍යුත් සංඛ්‍යාංක පරිගණකය

1937 සහ 1942 අතර කාලය තුළදි  බල්ගේරියානු ජාතිකයෙකු වූ මහාචාර්ය ජෝන් වින්සන්ට් අටානාසොව් ( John Vincent Atanasoff
විසින් ක්ලිෆර්ඩ් බෙරි (Clifford  Berry ) ගේ ද සහය ඇතිව පරිගණකයක් අර්ධ වශයෙන් නිර්මාණය කළේය. නමුත් මොවුන්ට පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට නොහැකි වීම නිසා ENIAC (Electronic Numerical Integrator And Computer) යන්ත්‍රය ලොව පුථම විද්‍යුත් සංඛ්‍යාංක පරිගණකය ලෙසින් සලකනු ලැබේ.

1942 ජෝන් න්‍යුමාන් විසින් නව සංකල්පයක් හදුන්වා දෙනු ලැබීය.. එනම් පරිගණක යන්ත්‍රයේ භෞතික  වෙනස්කම් සිදු නොකර එහි තැන්පත් කරනු ලබන වැඩසටහන් (Stored-program) ආශ්‍රයෙන් එක් පරිගණකයක් මගින් විවිධාකාරයේ වු වැඩ කටයුතු කර ගැනීමට හැකි වීම යන්නයි...මෙම අදහස අද පවතින පරිගණකවල භාවිතාවට ගන්නා සංකල්පයයි.. 1946 දි පමණ පෙනිසිල්වේනියා විශ්ව විද්‍යාලයේ විදයුත් ඉංජිනේරු අංශය වු මුර් පාසලේ දී ENIAC (Electronic Numerical Integrator And Computer) යන්ත්‍රය නිපදවිය.. 


මෙහි ඇත්තේ රික්තක නළ(Vacuum Tubes) 18 000 ක් පමණ යොදා ගෙන තිබුණි. මෙම යන්ත්‍රය මගින් තත්පරයකදී ගණිත කර්ම 5000 ක් පමණ ඉටුකර ගැනීමේ හැකියාව තිබිනි.මෙම යන්ත්‍රය සතුව තිබු දුර්වල කමක තිබිනි.එනම් නිතර නිතර රික්තක නළ අධික උෂ්ණත්වය නිසා දැවී යෑමයි.මේවා නිතර නිතර  මාරු කිරීමට සිදුවීමත්.අධික විදුලි පරිභෝජනය විමත්ය.
 

ඉන් වසර කීහිපයකට පසු එනම් වසර 1950 දී රෙමිංග්ටන් රැන්ඩ් (Remington Rand) ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලැබු UNIVAC – I (Universal Automatic Calculator - I) මගින් තත්පරයක කාලයක් තුළදි ගණනය කිරීම් 10 000 ක් පමණ කිරීමේ හැකියාව පැවතිණ.....


No comments:

Post a Comment