ලංකාවෙ අපිට නම් පරිගණක පාවිච්චි කරන්න ලැබිල වැඩි කාලයක් නෑනෙ. ඒත් පරිගණකය කියන යන්ත්‍රයේ දියුණු වීම මෑත කාලෙදි සිද්ධ වුණත් පරිගණකයේ මූලික සංකල්ප ගැන ඉතිහාසය අවුරුදු දහස් ගාණක් ඈතට කතා කරන්න පුළුවන්. එහෙනම් අපි මුල ඉඳලා කරුණු විදිහට පරිගණකයේ ඉතිහාසය ගැන කතා කරමු. මේක ටිකක් දිග ලිපියක්. හෙමිහිට කියවන්න.
- ක්‍රි.ව. 1614 දි ස්කොට් ජාතික ජෝන් නේපියර් "නේපියර් බෝන්ස්" කියන උපකරණය හැදුවා.
1674 දි පැස්කලයින් යන්ත්‍රය වැඩිදියුණු කරලා ජර්මන් ජාතික වොන්ලිබ්නස් , "රෙකෝනර්" කියන යන්ත්‍රය හැදුවා. ඒක එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම හා බෙදීම කියන ගණිත කර්ම 4ම කරන්න පුළුවන් විදිහට හදපු පළවෙනි යන්ත්‍රය විදිහටත්, දශම සංඛ්‍යා ක්‍රමයේ යාන්ත්‍රික ස්වරූපය දකින්න තිබ්බ පළවෙනි යන්ත්‍රය විදිහටත් ඉතිහාසගත වෙනවා.
- මේ කරුණු හින්දා චාල්ස් බැබේජ් පරිගණකයේ පියා විදිහට හඳුන්වනවා.
- 1944 දි හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ හොවාඩ් එයිට්කන් "මාර්ක් 1" (Mark 1) කියන පරිගණකය හැදුවා. ඒකට IBM ආයතනයෙත් සහයෝගය ලැබුණා. සකසපු දත්ත තොරතුරු පිටතට ගත්තෙ ටයිප්රයිටරයක් පාවිච්චි කරලා. මේ පරිගණකයට එකපාර විද්‍යුත් යාන්ත්‍රික යොමු කිරීම් 3,000 ක් විතර කරන්න හැකියාව තිබුණා. ඒ කොහොම වෙතත් මේකෙ ප්‍රමාණය නම් ගොඩක් විශාලයි. මේක ටොන් ගාණක් බර යන්ත්‍රයක් කියල තමයි කියන්නෙ.
- 1946 දි තමයි ලෝකයෙ පළවෙනි විද්‍යුත් සංඛ්‍යාත පරිගණකය හැදුවෙ. ඒකෙ නම තමයි "ඊනියැක්" (ENIAC - Electronic Numerical Intergrator And Calculator). ඒකට රික්ත නල (Vaccum Tubes) තාක්ෂණය පළවෙනි වතාවට පාවිච්චි කළා. මේක හැදුවෙ පෙනිසල්වේනියා විශ්වවිද්‍යාලයේ J.P. එකර්ට් හා J.W. මවුලි කියන දෙන්නා. මේකට රික්ත නල 14,000 ක් විතර පාවිච්චි කරල තියෙනවා. ඒ හින්දම මේක තියන්න වර්ග අඩි 300 ක විතර කාමරයක් ඕන වෙලා තියෙනවා. ඒ වගේම මේක වැඩ කරද්දි ඒ අවට හැම තැනම විදුලි බලය අක්‍රිය වෙලා තියෙනවා. ඒකෙන්ම හිතාගන්න පුළුවන්නෙ මේකට කොච්චර විදුලි බලයක් ඕන වුණාද කියලා! මේ පරිගණකයට එකපාර විද්‍යුත් යාන්ත්‍රික යොමු කිරීම් 5,000 ක් විතර කරන්න හැකියාව තිබුණා.
- 1947 දි ඊනියැක් පරිගණකය හදපු අය ලෝකයේ පළවෙනි පරිගණක සමාගම වෙන "එකර්ට් මවුලි පරිගණක සමාගම" (Eckert Mauchly Computer Coperation) පිහිටෙව්වා.
- 1948 දි ලංකාවෙ ඉතිහාසයෙ විතරක් නෙවෙයි පරිගණක ඉතිහාසයෙත් ලොකු වෙනසක් සිද්ධ වුණා. ඒ තමයි"ට්‍රාන්සිස්ටරය" ලෝකයට හඳුන්වල දීපු එක. ඒක කළේ ඇමරිකාවෙ බෙල් රසායනාගාරයෙ සේවය කරපුවිලියම් ෂොක්ලි, ජෝන් බාර්ඩීන්, වෝල්ටර් බ්‍රිටේන් කියන තුන් දෙනා. ට්‍රාන්සිස්ටරය පාවිච්චි කරන්න පටන් ගත්තට පස්සෙ ලොකුවට හදපු පරිගණක ටික ටික පුංචි වෙන්න පටන් ගත්තා. ට්‍රාන්සිස්ටරය ලෝකෙට කොච්චර වැදගත් වුණාද කිව්වොත් 1956 දි වසරේ හොඳම භෞතික විද්‍යා උපකරණයට හිමි නොබෙල් සම්මානයත් ඒකට හම්බ වුණා.
- 1950 දි "ACE" කියන පරිගණකය නිර්මාණය වුණා.
- 1951 දි ඊනියැක් පරිගණකය හදපු අයම "යුනිවැක්" (UNIVAC - UNIvarsal Automatic Computer) කියලා පරිගණකයක් හැදුවා. ඒකට එකපාර විද්‍යුත් යාන්ත්‍රික යොමු කිරීම් 10,000 ක් විතර කරන්න හැකියාව තිබුණා. මේකෙ මිල ඇමරිකානු ඩොලර් මිලියනයක් වුණා.
- 1956 දි IBM සමාගම ලෝකයේ පළවෙනි දෘඩ තැටිය (hard disk) හැදුවා. හැබැයි අද තියෙන ඒව වගෙ පොතක් තරම් නම් පොඩි නෑ. ශීතකරණ දෙකක් විතර ලොකුයි. ඒත් මේකෙ ගබඩා කරන්න පුළුවන් වුණේ නම් 4MB ටත් අඩු දත්ත ප්‍රමාණයක් විතරයි.
- 1963 දි ඩග්ලස් එංගල්බර්ට් ලෝකයේ පළවෙනි මවුසය (mouse) හැදුවා.
- 1965 දි PDP 1 හදපු "Digital Equipment Coperation" කියන සමාගමම ලෝකයේ පළවෙනි ක්ෂුද්‍ර පරිගණකය (mini computer) හැදුවා. (පරිගණක වර්ගීකරණයෙදි ක්ෂුද්‍ර පරිගණක ගැන වැඩි විස්තර කතා කරමු.)
- 1971 දි ඉන්ටෙල් (Intel) සමාගමේ ටෙඩ් හොෆ් "Intel 4004" කියන ලෝකයේ පළවෙනි මයික්‍රෝ ප්‍රොසෙසරය හැදුවා.
- 1981 දි මයික්‍රෝසොෆ්ට් සමාගම DOS (Disk Operating System) මෙහෙයුම් පද්ධතිය හඳුන්වලා දුන්නා.
- 1985 දි මයික්‍රෝසොෆ්ට් සමාගම DOS මත ක්‍රියා කරන මෙහෙයුම් පද්ධතියක් විදිහට අද අපි පාවිච්චි කරන වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ පළවෙනි සංස්කරණය හඳුන්වලා දුන්නා.
- 1995 දි මයික්‍රෝසොෆ්ට් සමාගම DOS වලින් මිදිල සවාධීනව වැඩ කරන මෙහෙයුම් පද්ධතියක් විදිහට Windows 95 හඳුන්වලා දුන්නා.
No comments:
Post a Comment