Saturday, October 25, 2014

පරම්පරාව අනුව පරිගණක වර්ගීකරණය


                                   අන්තිම ලිපිය දැම්මට පස්සෙ ආයෙත් ලිපියක් දාන්න ටිකක් පරක්කු වුණා. අන්තිමට දාපු ලිපියෙන් අපි පරිගණකයේ ඉතිහාසය ගැන කෙටියෙන් කතා කළා. ඒ වගේම ඒකෙන් පොරොන්දු වුණානෙ පරිගණක වර්ගීකරණය දානව කියල. ඉතින් ඒ පොරොන්දුව ඉෂ්ට කරන ගමන් මේ දාන්න යන්නෙ පරිගණක වර්ගීකරණයෙ පළවෙනි ලිපිය. පරිගණක එක එක විදිහට වර්ග කරන්න පුළුවන්. එයින් ප්‍රධානම ක්‍රමය තමයි පරම්පරාව අනුව පරිගණක වර්ගීකරණය. පරිගණක වර්ගීකරණයේ විභාගෙදි වැඩියෙන්ම ප්‍රශ්න අහන්නෙ මේ පරම්පරාව අනුව පරිගණක වර්ගීකරණයෙන්.

                                   මේ පරම්පරාව අනුව වර්ගීකරණය දාන්න හැදුවට මේක මහ අවුල් ජාලයක්. අපේ රටේ අධ්‍යාපනේ ගැන ඉතින් අමුතුවෙන් කතා කරන්න ඕන නෑනෙ. සාමාන්‍ය පෙළට උගන්නන පරම්පරාව අනුව පරිගණක වර්ගීකරණයෙ පරම්පරා අතර තියෙන කාල පරාසය නෙවෙයි උසස් පෙළ විෂය නිර්දේශයෙ තියෙන්නෙ. බලාගෙන ගියහම මේ විෂය නිර්දේශ හදන ආචාරියොන්ට වඩා අපි මේව ගැන දන්නව. හ්ම්... මොනව කරන්නද? මට බෑ බොරු කරන්න. මම සාමාන්‍ය පෙළ, උසස් පෙළ විෂය නිර්දේශ දෙකේම තියෙන විදිහට දාන්නම්. වරහන් ඇතුලෙ දාන්නෙ උසස් පෙළ විෂය නිර්දේශයෙ තියෙන විදිහ.

                                   ලෝකයේ පරිගණක පරම්පරා පහක් යටතේ වර්ග කරන්න පුළුවන්. විෂය නිර්දේශයෙ නම් තියෙන්නෙ හතරයි. එකක් මං ගානෙ කියල හිතා ගන්නකො! :)

පළමු පරම්පරාව | 1939 - 1954 (1950 ට පෙර)
  • භාවිතා කළ තාක්ෂණය / උපකරණය: රික්ත නල (vaccum tubes)
  • මතකයේ ප්‍රමාණය (RAM): 1KB - 8KB
  • දත්ත ගබඩා කළ ක්‍රමය: සිදුරු කාඩ්පත්
  • එකවර පාවිච්චි කළ හැකි වූ පුද්ගලයින් ගණන: එක් අයෙක් පමණි.
  • වාසි: නොයෙකුත් ගණනය කිරීම් සඳහා උපයෝගී කරගත්තා. එවකට ගණනය කිරීම් සිදුකරන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික් උපකරණයක් තිබ්බෙ නෑ.
  • අවාසි: ප්‍රමාණයෙන් ඉතා විශාල වීම, මිල ඉතා අධික වීම, ක්‍රියාත්මක කිරීමට විශාල විදුලි බලයක් අවශ්‍ය වීම, ගණනය කිරීම් වල නිවැරදි බව අඩු වීම.
  • උදාහරණ: ENIAC, UNIVAC
  • වෙනත්: මේ පරම්පරාවෙ පරිගණක දුවවන්න පාවිච්චි කළේ යන්ත්‍ර භාෂාව (machine language). ඒ ගැන අපි ඉස්සරහට කතා කරමු. මේවට අද කාලෙ වගෙ මෙහෙයුම් පද්ධතියක් තිබුණෙත් නෑ.
දෙවෙනි පරම්පරාව | 1954 - 1959 (1950 - 1960)
  • භාවිතා කළ තාක්ෂණය / උපකරණය: ට්‍රාන්සිස්ටර් (transistors)
  • මතකයේ ප්‍රමාණය (RAM): 4KB - 64KB
  • දත්ත ගබඩා කළ ක්‍රමය: කැසට් පටි, චිත්‍රපට සඳහා යොදාගන්නා පටි (magnetic tapes)
  • එකවර පාවිච්චි කළ හැකි වූ පුද්ගලයින් ගණන: එක් අයෙක් පමණි.
  • වාසි: ප්‍රමාණය, මිල, වේගය, මතකය, නිවැරදි බව පළමු පරම්පරාවට වඩා අඩු වීම, අවශ්‍ය විදුලි බලය අඩු වීම.
  • අවාසි: තැන්පත් කිරීමට වායු සමනය කළ (A/C) කාමර අවශ්‍ය වීම, මෙහෙයුම් පද්ධතියක් නොමැති වීම.
  • උදාහරණ: SEAC, IBM Model 604, Bendix G-15A
  • වෙනත්: මේ පරම්පරාවෙ පරිගණක දුවවන්න පාවිච්චි කළේ සැකසුම් භාෂාව (assembly language).
තෙවෙනි පරම්පරාව | 1959 - 1971 (1960 - 1970)
  • භාවිතා කළ තාක්ෂණය / උපකරණය: කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ IC (Intergrated Circuits)
  • මතකයේ ප්‍රමාණය (RAM): 32KB - 4MB
  • දත්ත ගබඩා කළ ක්‍රමය: චුම්බක තැටි හා බෙර (magnetic disks and drums)
  • එකවර පාවිච්චි කළ හැකි වූ පුද්ගලයින් ගණන: එකවර කිහිප දෙනෙකුට පාවිච්චි කළ හැකි විය.
  • වාසි: ප්‍රමාණය, මිල, වේගය, මතකය, ගණනය කිරීම්වල අවිනිශ්චිත බව පළමු පරම්පරා දෙකටම වඩා අඩු වීම, මෙහෙයුම් පද්ධතියක් භාවිතා වීම, පාලනය සඳහා උසස් මට්ටමේ භාෂාවන් භාවිතා වීම. (high level languages)
  • අවාසි: නිෂ්පාදනයේදී ඇතිවූ වැරදි හා දුර්වලතා ඇරුණම මේවයෙ කියන්න තරම් අවාසියක් තිබ්බෙ නෑ.
  • උදාහරණ: PDP - 1
  • වෙනත්: IC භාවිතයට පැමිණීමත් එක්ක පරිගණක ප්‍රමාණයෙන් නොහිතපු විදිහට කුඩා වෙන්න පටන් ගත්තා.
සිව්වෙනි පරම්පරාව | 1971 සිට අද දක්වා (1970 සිට අද දක්වා)
  • භාවිතා කළ තාක්ෂණය / උපකරණය: ක්ෂුද්‍ර පිරිසකසන / LSI / VLSI (microprocessors)
  • මතකයේ ප්‍රමාණය (RAM): 32MB - 8GB++
  • දත්ත ගබඩා කළ ක්‍රමය: දෘඩ තැටි (hard disks), ෆ්ලෑෂ් ඩ්‍රයිව්, CD, DVD, Blu-Ray
  • එකවර පාවිච්චි කළ හැකි වූ පුද්ගලයින් ගණන: එකවර කිහිප දෙනෙකුට පාවිච්චි කළ හැකි විය.
  • වාසි: ඉතා කුඩා ප්‍රමාණය, ඉතා අඩු මිල, සුපිරි වේගය හා අති විශාල මතකය, නිවැරදි බව පළමු පරම්පරා දෙකටම වඩා අඩු වීම, මෙහෙයුම් පද්ධතියක් භාවිතා වීම, පාලනය සඳහා උසස් මට්ටමේ භාෂාවන් භාවිතා වීම. (high level languages)
  • අවාසි: නිෂ්පාදනයේදී ඇතිවූ වැරදි හා දුර්වලතා ඇරුණම මේවයෙත් කියන්න තරම් අවාසියක් තිබ්බෙ නෑ.
  • උදාහරණ: පෙන්ටියම් පවුලේ පරිගණක
  • වෙනත්: LSI (Large Scale Intergrators) චිප් ඇතුළෙ උපකරණ 100ක් 200ක් වගේ අන්තර්ගත කරල තිබ්බත් VLSI (Very Large Scale) Intergrators) චිප් ඇතුළෙ 4000 ඉඳලා මිලියන ගණනක් වෙනකම් උපකරණ අන්තර්ගත කරල තියෙනවා. ඔය උපකරණ කියල කිව්වෙ ට්‍රාන්සිස්ටර් වගේ ඉලෙක්ට්‍රොනික් ගැජට් වලට.
පස්වෙනි පරම්පරාව | අද සිට ඉදිරියට

                                   මේ ගැන නම් GIT විෂය නිර්දේශයෙ නෑ. ඒත් O/L ICT වල තියෙනවා. අද වෙනකොට අත්හදා බලනවා මිනිසුන්ගේ මෙහෙයවීමක් නැතුව ඉබේ පාලනය වෙන පරිගණක හදන්න. ඔය චිත්‍රපටි වල තිබ්බට ඒව ඇත්තටම හදල නෑනෙ. මේ පරිගණක හදන්නෙ අපි කතා කරන භාෂා වලට ප්‍රතිචාර දක්වන්න පුළුවන් විදිහට. ඉස්සරහට අපි කතා කරල කිව්වම පරිගණක අපිට ඕන දේවල් කරල දේවි. දැනටමත් සාර්ථක වෙලා තියෙන රොබෝ තාක්ෂණය මේකට උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. 

No comments:

Post a Comment