Saturday, October 25, 2014

A/L GIT තොරතුරු පද්ධති


(www.isawwalanka.com)

මේව නම් මොනවට GIT වලට දාල තියෙනවද මන්දා. මොනව කරන්නද ඉතින් ඉගෙන ගන්න එපැයි. මේකට අදාලව තියෙන හෑල්ල දාන්න නම් බ්ලොග් පෝස්ට් 5-6 ක් වත් ලියන්න වෙයි. ඒ නිසා ඕනම ටික කෙටියෙන් මේ විදිහට දානවා.


තොරතුරු පද්ධති ක්‍රම කිහිපයකට වර්ග කරන්න පුළුවන්. මේ තියෙන්නෙ ඒ ක්‍රම.

  • අතින් සකසන්නේද පරිගණක පාදක ද යන්න අනුව
  • කාර්යබද්ධව
  • කලමණාකරණ මට්ටම් අනුව

අතින් සකසන්නේද පරිගණක පාදක ද යන්න අනුව වර්ගීකරණය

MIS - Manual Information System (අතින් සකසන තොරතුරු පද්ධති)


  • අමුද්‍රව්‍ය විදිහට කඩදාසි, ගොනු රාක්ක, පෑන්, පැන්සල් වගේ දේවල් පාවිච්චි කරනවා. 
  • අතින් සකස් කරන නිසා දෝශ සිද්ධ වෙන්න පුළුවන් ඉඩකඩ වැඩියි. 
  • කාලය ගොඩක් වැය වෙනවා. 
  • කාර්යක්ෂමතාව අඩුයි.

CBIS - Computer Based Information System (පරිගණක පාදක තොරතුරු පද්ධති)


  • අමුද්‍රව්‍ය විදිහට වදන් සැකසුම් මෘදුකාංග, පැතුරුම්පත් මෘදුකාංග වගේ ඒව පාවිච්චි කරනවා. 
  • පරිගණකයෙන් සකස් කරන නිසා ආදානය නිවැරදි නම් ප්‍රතිදානය 100% ක් නිවැරදි වෙනවා. 
  • අඩු කාලයක් තමයි වැය වෙන්නෙ. 
  • කාර්යක්ෂමතාව ගොඩක් වැඩියි.

කාර්යබද්ධව වර්ගීකරණය


  • TPS - Transaction Processing Systems (ගනුදෙනු සැකසුම් පද්ධති) - ව්‍යාපාර ගනුදෙනු ගැන දත්ත අරන් සකස් කරනවා.
  • MIS - Management Information Systems (කලමණාකරණ තොරතුරු පද්ධති) - කලමණාකරුවන්ට තීරණ ගන්න පහසු වෙන්න දෛනිකව තොරතුරු ලබා දීල ඵලදායී තීරණ ගන්න දායක වෙනවා.
  • DSS - Decision Support Systems (තීරක ආධාරක පද්ධති) - ගැටළු නිරාකරණය කරල තීරණ ගන්න උදව් වෙනවා.
  • EIS - Executive Information Systems (විධායක තොරතුරු පද්ධති) - තීරණ ගැනීමේදී ඉහළ මට්ටමේ කලමණාකරුවන්ට, විධායකයන්ට උදව් වෙනවා.
  • ES - Expert Systems (විශේෂඥ පද්ධති) - විශේෂඥයන්ගෙ දැනුම පාවිච්චි කරල තීරණ ගන්න උපකාර කරනවා. 

කලමණාකරණ මට්ටම් අනුව වර්ගීකරණය


  • Strategic (ක්‍රමෝපායික) - අධ්‍යක්ෂ මණ්ඩලය, සභාපති වගේ අයගෙන් සමන්විතයි. ක්‍රමෝපායික තීරණ තමයි ගන්නෙ.
  • Tactical (උපාය මාර්ගික) - ඉලක්ක සපුරාගන්න සම්පත් හසුරුවනවා. මධ්‍යම කලමණාකාරිත්වය මේ මට්ටමට අයත් වෙනවා.
  • Operational (මෙහෙයුම්) - මධ්‍යම කලමණාකාරීත්වය ලබාදෙන තීරණ ක්‍රියාත්මක කරනවා. පහළ කලමණාකාරීත්වය මට්ටමට අයත් වෙනවා.

No comments:

Post a Comment