Saturday, October 25, 2014

සිදු කරන කාර්යය අනුව පරිගණක වර්ගීකරණය


මේ කියන්න යන්නෙ තවත් පරිගණක වර්ගීකරණයක් ගැන. මේ ගැන කතා කළාම තවත් ඉතුරු වෙන්නෙ එක පරිගණක වර්ගීකරණයක් විතරයි. ඊට කළින් සිදු කරන කාර්යය (purpose) අනුව පරිගණක වර්ගීකරණය තමයි මේ ලිපියෙන් කතා කරන්නෙ. කලින් ලිපියෙදි කතා කරපු තොරතුරු ලබාදෙන ආකාරය ආකාරය අනුව පරිගණක වර්ගීකරණයෙ තිබුණ Digital computers (සංඛ්‍යාංක පරිගණක) තමයි මේ වර්ගීකරණයෙන් කොටස් දෙකකට බෙදෙන්නෙ. 


  • General purpose computers (පොදු කාර්ය පරිගණක)
  • Special purpose computers (විශේෂ කාර්ය පරිගණක)

General Purpose Computers (පොදු කාර්ය පරිගණක)


  • කාර්යයන් රාශියකට පාවිච්චි කරන්න පුළුවන් පරිගණක මේ විදිහට හඳුන්වනවා. 
  • සිංදු අහන්න, ෆිල්ම් බලන්න, ගේම් ගහන්න අපි පාවිච්චි කරන්නෙත් මේවම තමයි. 
 

Special Purpose Computers (විශේෂ කාර්ය පරිගණක)


  • මේවට නම් වැඩ ගොඩක් කරන්න බෑ. කරන්න පුළුවන් ඒ පරිගණකයට විශේෂ වෙච්ච නිශ්චිත එක දෙයක් විතරයි. 
  • air traffic control system, මුදලට සරිලන පරිදි පාරිභෝගිකයන්ට ඉන්ධන ලබා දෙන්න හදපු නවීන ඉන්ධන පිරවුම් යන්ත්‍ර වගේ දේවල් මේ වර්ගයට උදාහරණ විදිහට ගන්න පුළුවන්.

No comments:

Post a Comment