Saturday, October 25, 2014

තොරතුරු ලබාදෙන ආකාරය ආකාරය අනුව පරිගණක වර්ගීකරණය


ගිය අවුරුද්දෙ GIT ගැන ලිපියක් දැම්මට පස්සෙ අද තමයි ආයෙත් ලියන්න ගිතුනෙ. මොකද මේ පාර GIT වි‍භාගෙ අත ළඟටම ඇවිල්ල නිසා. බ්ලොග් එකේ GIT ගැන මහ ගොඩක් ගිය අවුරුද්දෙ දාල නොතිබ්බත් තිබ්බ ටික වැදගත් කියල ගොඩක් අය කිව්වා. ඒ නිසයි මේ පාර ලියන අයටත් මොනවහරි ප්‍රයෝජනයක් ගන්න මේ විදිහට තවත් ලිපි ටිකක් පල කරන්නෙ. 


කලින් අන්තිමට දාපු ලිපියෙ අපි කතා කළේ පරම්පරාව අනුව පරිගණක වර්ගීකරණය ගැන. අද අපි තවත් විදිහකට මේ පරිගණක වර්ග කරන්නයි යන්නෙ. ඒ තොරතුරු ලබාදෙන ආකාරය ආකාරය අනුව. සමහර තැන්වල තාක්ෂණය අනුව පරිගණක වර්ගීකරණය කියලත් මෙහෙයුම්, ක්‍රියාකාරී මූලධර්ම අනුව පරිගණක වර්ගීකරණය කියලත් හඳුන්වන්නෙ මේ පරිගණක වර්ගීකරණය ම තමයි. මේ යටතේ පරිගණක වර්ග 3 කට බෙදන්න පුළුවන්.

  • Analog computers (ප්‍රතිසම පරිගණක)
  • Digital computers (සංඛ්‍යාංක පරිගණක) 
  • Hybrid computers (දෙමුහුන් පරිගණක)

Analog Computers (ප්‍රතිසම පරිගණක)


  • යම්කිසි ප්‍රභවයක අඛණ්ඩ මැනීමක් කරන්න මේ පරිගණක පාවිච්චි කරනවා. ඒ කියන්නෙ වෝල්ටීයතාවය, වේගය, උෂ්ණත්වය වගේ දේවල්.
  • ගොඩක් වෙලාවට ප්‍රතිදානය ලැබෙන්නෙ පාඨාංකයක්, ප්‍රස්තාරයක් වගේ ක්‍රමයකට. 
  • මේවා මිලෙන් ගොඩක් අඩු වගේම ලැබෙන ප්‍රතිදාන වල නිවැරදි බවත් ගොඩක් අඩුයි.
  • වාහනවල තියෙන වේග මාපකය (speedometer), හෘද ස්පන්දනය පරීක්ෂා කරන ECG scanner වගේ දේවල් මේ පරිගණක වර්ගයට උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. 

Digital Computers (සංඛ්‍යාංක පරිගණක) 


  • මේ පරිගණක දත්ත තේරුම් ගන්නෙ 0 හා 1 කියන ඉලක්කම් ආශ්‍රයෙන්. 
  • ඒ කියන්නෙ අපි ආදාන කරන ඕන දත්තයක් YES-NO, HI-LOW වගේ විදිහකට පරිවර්තනය කරල තමයි මේ පරිගණක ඒ දත්ත සැකසීම කරන්නෙ. 
  • මේ පරිගණක මිලෙන් වැඩි වුණත් ප්‍රතිදානය කරන තොරතුරු වල නිවැරදි බව වගේම වේගයත් ගොඩක් වැඩියි. 
  • අපි දෛනික ජීවිතයෙදි පාවිච්චි කරන්නෙත් මේ වර්ගයම තමයි.
  • ඊළඟට ඉදිරිපත් කරන, සිදු කරන කාර්යයන් අනුව පරිගණක වර්ගීකරණයත්, ප්‍රමාණය අනුව පරිගණක වර්ගීකරණයත් සිද්ධ වෙන්නෙ මේ පරිගණක වර්ගය යටතේ කියලත් මතක තියා ගන්න.


Hybrid Computers (දෙමුහුන් පරිගණක)


  • කලින් කියපු පරිගණක වර්ග දෙකේම ලක්ෂණ මේ පරිගණක වර්ගයට අදාළ වෙනවා. 
  • ඩිජිටල් උෂ්ණත්වමාන, පීඩනමාන වගේ දේවල් මේ වර්ගයට උදාහරණ විදිහට දක්වන්න පුළුවන්

No comments:

Post a Comment