Saturday, October 25, 2014

භෞතික ප්‍රමාණය අනුව පරිගණක වර්ගීකරණය


Computer and children

අපි කලින් ලිපි වලින් පරම්පරාව අනුවසිදු කරන කාර්යය අනුවතොරතුරු ලබාදෙන ආකාරය ආකාරය අනුවපරිගණක වර්ගීකරණය කළා. මේ ලිපියෙන් අන්තිම පරිගණක වර්ගීකරණය විදිහට භෞතික ප්‍රමාණය අනුව පරිගණක වර්ගීකරණය ඉදිරිපත් කරනවා.

මේ වර්ගීකරණයෙන් කොටස් වලට බෙදෙන්නෙත් තොරතුරු ලබාදෙන ආකාරය ආකාරය අනුව පරිගණක වර්ගීකරණයෙ තිබුණ Digital computers (සංඛ්‍යාංක පරිගණක) මයි. මේකෙදි ප්‍රධාන කොටස් 4ක් අඳුර ගන්න පුළුවන්.

  • Super computers (සුපිරි පරිගණක)
  • Mainframe computers (මහා පරිගණක)
  • Mini computers (මධ්‍ය පරිගණක)
  • Micro computers (ක්ෂුද්‍ර පරිගණක)

Super Computers (සුපිරි පරිගණක)


Super Computer

  • ලෝකෙ තියෙන විශාලම, වේගවත්ම, මිල අධිකම පරිගණක වර්ගය තමයි මේ.
  • ඒ වගේම මේව පාවිච්චි කරන්නෙ යුධ කටයුතු, ගුවන් යානා නිර්මාණ කටයුතු, කාලගුණ දත්ත විශ්ලේෂණය වගේ බර වැඩ කරන්න විතරයි. 
  • ලෝකෙ පළවෙනි සුපිරි පරිගණකය වුණේ ILLIAC 4. 
  • මේවයෙ වේගය අපි ළඟ තියෙන පරිගණක වල වේගය වගේ පනස් දහස් ගුණයකටත් වඩා වැඩියි.
  • Cray, CGC, Fujitsu, NEC, IBM, Dell, NUDT වගේ සමාගම් ලෝකෙට සුපිරි පරිගණක නිපදවලා තියෙනවා. 
  • මේ පරිගණකයක එකවර 10,000 දෙනෙක්ට විතර වැඩ කරන්න පුළුවන්.
  • ලෝකයේ දැනට තියෙන බලවත්ම සුපිරි පරිගණක 10 මෙතනින් බලා ගන්න පුළුවන්.


Mainframe Computers (මහා පරිගණක)


Mainframe Computer

  • මේ පරිගණක විශාල ප්‍රමාණයේ ඒව වුණත් සුපිරි පරිගණක වලට වඩා විශාලත්වය, වේගය, මිල අඩුයි. 
  • ලෝකෙ ප්‍රධාන පෙලේ වෙළඳ ආයතන, බැංකු, විශ්ව විද්‍යාල වල මේවා පාවිච්චි කරනවා.
  • මේවයේ මතක ධාරිතාව ගොඩක් වැඩියි. 
  • ඒ නිසා ගොඩක් වෙලාවට මහා පරිමාණ පරිගණක ජාල වල මව් පරිගණක (servers) විදිහටත් මේවා පාවිච්චි කරනවා. 
  • මේ පරිගණකයක එක පාර 1,000 දෙනෙක්ට විතර වැඩ කරන්න පුළුවන්. 

Mini Computers (මධ්‍ය පරිගණක)


Mini Computer

  • මේවත් mainframe computers (මහා පරිගණක) වලට සමාන වුණත් ඒවට වඩා විශාලත්වයෙන්, වේගයෙන් හා මිලෙන් අඩුයි.
  • එක පාරකට 100 කට අඩු ගානකට තමයි පාවිච්චි කරන්න පුළුවන්.
  • ‍මේවත් ලෝකෙ ප්‍රධාන පෙලේ වෙළඳ ආයතන, බැංකු, විශ්ව විද්‍යාල වගේ තැන් වල තමයි පාවිච්චි කරන්නෙ. 
 

Micro computers (ක්ෂුද්‍ර පරිගණක)


  • මේ පරිගණක වලින් කුඩාම පරිගණක වර්ගය. 
  • අපි එදිනෙදා පාවිච්චි කරන්නෙත් මේ පරිගණක තමයි. 
  • 1970 න් පස්සෙ තමයි මේව හදන්න පටන් ගත්තෙ. 
  • මේ පරිගණක වර්ගය විශාලත්වය අනුව ආයෙත් කොටස් 3 කට බෙදෙනවා.(මේ GIT වල ගොඩක් වෙලාවට ප්‍රශ්න අහන තැනක්!)

Desktop Computers (Personal Computers -PC)


Desktop Computer

  • මේ අපේ ගෙවල්වල තියෙන පරිගණක වර්ගය. 
  • මේක ඉතින් යන යන තැන උස්සන් යන්න අමාරු බව දන්නවනෙ. 
  • හදල තියෙන්නෙ පෞද්ගලික පරිහරණයට. 
 

Laptop Computers


Laptop Computer

  • නෝට්බුක් කියන්නෙත් මේවටම තමයි. 
  • යන තැනකට ලේසියෙන් ගෙනියන්න පුළුවන්. (portable computer)
  • 12V බැටරියක් තියෙන නිසා හැම තිස්සෙම විදුලියට සම්බන්ධ කරල වැඩ කරන්න ඕන නෑ. 
  • laptop කියන එකේ තේරුම "උකුල මත තබා වැඩ කළ හැකි" කියලා දන්නව ඇතිනෙ!
 

Palmtop Computers


Palmtop Computer

  • PDA (Personal Digital Asistant), Tab කියල කියන්නෙත් මේවටම තමයි. 
  • විශේෂත්වය තමයි මේ පරිගණක වල අනෙක් පරිගණක වල වගේ ඩිස්ක ධාවක (disk drives) පාවිච්චි කරන්නෙ නැති එක. ඒ වෙනුවට මේවයෙ මතක චිප් (memory chips) පාවිච්චි කරනවා. 
  • බලන් ගියහම අපේ ෆෝන් එකත් පරිගණකයක්ම තමා. 
  • palmtop කියන එකේ තේරුම "අත්ල මත තබා වැඩ කළ හැකි" කියලත් දන්නව ඇතිනෙ!

No comments:

Post a Comment