Saturday, October 25, 2014

A/L GIT පරිගණක ජාලකරණය


Computer Network (www.isawwalanka.com)

මේ පෝස්ට් කරන්නෙ කෙටි පාඩමක්. ඒ වුණාට හැමදාම මෙතනින් ප්‍රශ්න අහනවා. වැඩි කතා ඕන නෑ. එහෙනම් අපි පාඩමට යමු. 


පොදු ජාලකරණ මාධ්‍යයක් හරහා එකිනෙකත් එකක සන්නිවේදනය කරන සවාධීන පරිගණක සමූහයකට පරිගණක ජාලයක් කියන්න පුළුවන්. පරිගණක ජාල වර්ග ප්‍රධාන වශයෙන් 3 ක් තියෙනවා.

  • LAN - Local Area Network (ස්ථානීය පෙදෙස් ජාලය)
  • MAN- Metropolitan Area Network (පුරවර පෙදෙස් ජාලය)
  • WAN - Wide Area Network (පුළුල් පෙදෙස් ජාලය)

LAN - Local Area Network (ස්ථානීය පෙදෙස් ජාලය)


LAN (www.isawwalanka.com)

මේක කුඩා ජාලකරණයක්. නිවසක, පාසලක, කාර්යාල ගොඩනැගිල්ලක වගේ තැන්වල පරිගණක හා උපාංග සම්බන්ධ කරන්න මේ ජාලකරණය පාවිච්චි කරනවා. මුද්‍රණ යන්ත්‍ර, ස්කෑන් යන්ත්‍ර වගේ උපාංග හවුලේ පාවිච්චි කරන්න මේ ක්‍රමයෙන් ඉඩ ලැබෙනවා.

MAN - Metropolitan Area Network (පුරවර පෙදෙස් ජාලය)


MAN (www.isawwalanka.com)


නගරයක වගේ සීමාවක තියෙන පරිගණක සම්බන්ධ කරන්න මේ ජාලකරණය පාවිච්චි කරනවා. ගොඩක් වෙලාවට එක ආයතනයක් හරි සංස්ථාවක් හරි තමයි මේ වගේ ජාලකරණයක් පාලනය කරන්නෙ.

WAN - Wide Area Network (පුළුල් පෙදෙස් ජාලය)


WAN (www.isawwalanka.com)

මේ ජාලකරණය රටවල් කිහිපයක් අතර වුණත් තියෙන පරිගණක සම්බන්ධ කරන්න පාවිච්චි කරන්න පුළුවන්. සංවිධාන කිහිපයක් හවුලේ තමයි මේ වගේ ජාලකරණයක් පාවිච්චි කරන්නෙ. අන්තර්ජාලය උදාහරණයක් විදිහට දක්වන්න පුළුවන්. හැබැයි අන්තර්ජාලයට නම් අයිතිකරුවෙක් නෑ කියලත් මතක තියා ගන්න ඕන.

පරිගණක ජාලකරණයක මේ දේවලුත් පාවිච්චි කරනව කියල මතක තියා ගන්න.

  • Modem (මොඩම)
  • Switch (ස්විච්)
  • Hubs (නාභිය)
  • Routers (මාර්ගකාරක)
  • Network Interface Cards (ජාල අතුරුමුහුණත් කාඩ්පත්)

ජාලයකට සම්බන්ධ පරිගණකයකට client කියල කියනවා. 

Network Devices (www.isawwalanka.com)

1 comment: