Saturday, October 25, 2014

තාර්කික ද්වාර (Logic Gates for A/L GIT)


Logic Gates Board (www.isawwalanka.com)

මෙන්න GIT විෂයයේ තියෙන ප්‍රසිද්ධම කොටස! ඒ මොකද කියනව නම් සමහරුන්ට GIT කියනකොටම මතක් වෙන්නෙ මේ තාර්කික ද්වාර ගැන. අමාරුයි කියල හිතන් හිටියට තාර්කික ද්වාර ගැන වැඩි දෙයක් නෑ GIT වලදි. O/L ICT වලදි නම් ද්වාර 7 ක් ඉගෙන ගන්න තියෙනවා. ඒත් GIT වල ඉගෙන ගන්න තියෙන්නෙ ද්වාර 3 ක් විතරයි. 


අපි මේ පෝස්ට් එකෙන් ද්වාර 3 ගැනත් ඉගෙනගෙන පරිපථ නිර්මාණයත් ඉගෙනගෙන ඉවර කරනවා. මුලින්ම තාර්කික ද්වාර 3 ගැන ඉගෙනගෙන ඉමු. භෞතික විද්‍යාව කරන අයට නම් මේව ගේමක් නැතුව ඇති!

  • AND Gate
  • OR Gate 
  • NOT Gate

AND Gate


AND Gate (www.isawwalanka.com)

මේ උඩින් තියෙන්නෙ AND තාර්කික ද්වාරයෙ සංකේතය. ආදාන 2 කුත් එක ප්‍රතිදානයකුත් මේ ද්වාරයට තියෙනවා. මේ ද්වාරය ගැන බලන්න කළින් මේ පරිපථය ගැන පොඩ්ඩක් බලලා ඉමු.

AND Gate Circuit (www.isawwalanka.com)

මේ පරිපථයෙ විදිහට බල්බ් එක පත්තු වෙන්න නම් A, B ස්විච් 2 ම ON කරන්න ඕන. AND තාර්කික ද්වාරයත් මෙහෙම මයි. ආදාන සියල්ල 1 නම් AND තාර්කික ද්වාරයේ ප්‍රතිදානය 1 යි. ආදාන එකක් හරි දෙකම හරි 0 නම් ප්‍රතිදානයත් 0 යි.

AND Gate Table (www.isawwalanka.com)

A, B ආදාන දෙකම 1 වුණොත් විතරයි A.B ප්‍රතිදානය 1 වෙන්නෙ.

OR Gate


OR Gate (www.isawwalanka.com)

මේ උඩින් තියෙන්නෙ OR තාර්කික ද්වාරයෙ සංකේතය. ආදාන 2 කුත් එක ප්‍රතිදානයකුත් මේ ද්වාරයටත් තියෙනවා. මේ ද්වාරය ගැන බලන්න කළින් මේ පරිපථය ගැන පොඩ්ඩක් බලලා ඉමු. 

OR Gate Circuit (www.isawwalanka.com)

මේ පරිපථයෙ විදිහට A, B ස්විච් දෙකෙන් එකක් හරි ON කළොත් බල්බ් එක පත්තු වෙනවා. OR තාර්කික ද්වාරයත් හරියට මේ වගේ. ආදාන වලින් එකක් හරි 1 නම් ප්‍රතිදානයත් 1 යි. ආදාන සියල්ලම 0 නම් විතරක් ප්‍රතිදානයත් 0 යි.

OR Gate Table (www.isawwalanka.com)

A, B ආදාන දෙකෙන් එකක් හරි 1 වුණොත් A+B ප්‍රතිදානය 1 වෙනවා. 

NOT Gate







මේ උඩින් තියෙන්නෙ NOT තාර්කික ද්වාරයෙ සංකේතය. මේ තාර්කික ද්වාරයට තියෙන්නෙ එක ආදානයකුත්, එක ප්‍රතිදානයකුත් විතරයි. මේ තාර්කික ද්වාරයෙන් ආදානයේ විරුද්ධ අර්ථය ප්‍රතිදානය කරනවා. ඒ කියන්නෙ ආදානය 1 නම් ප්‍රතිදානය 0 යි. ආදානය 0 නම් ප්‍රතිදානය 1 යි.

NOT Gate Table (www.isawwalanka.com)


A ආදානය 1 නම් A' ප්‍රතිදානය 0 යි. A ආදානය 0 නම් A' ප්‍රතිදානය 1 යි.

ඔන්න තාර්කික ද්වාර 3 ගැනම අපි කතා කළා. දැන් තියෙන්නෙ මේ තාර්කික ද්වාර පාවිච්චි කරල පරිපථ අඳින්න. අපි හිතමු මේ වගේ පරිපථයක් දීල ඒකට සත්‍යතා වගුව සම්පූර්ණ කරන්න දුන්න කියල. 

Gate Example 01 (www.isawwalanka.com)

මුලින්ම කරන්න ඕන එක එක ද්වාර වල ප්‍රතිදාන ඒ ඉස්සරහින් ලියා ගන්න එක. මම ඔය රතු පාටින් දාල තියෙන විදිහට. A හා B ආදාන මුලින්ම AND ද්වාරයක් හරහා යනවා. එතකොට ප්‍රතිදානය වෙන A.B ඒ ද්වාරය ඉස්සරහින් ලියා ගන්නවා. ඒ විදිහට හැම ද්වාරයක්ම පිළිවෙළට සම්පූර්ණ කළාම Y වලට උත්තරේ නිකන්ම එනවා.

දැන් තියෙන්නෙ සත්‍යතා වගුව පුරවන්න. සම්පූර්ණ කරන්න කියල වගුවක් දුන්නොත් අවුලක් නෑ. අපිටම වගුව නිර්මාණය කරගන්න වුණොත් මුලින්ම ආදාන ටික දා ගන්න ඕනා. මේ පරිපථයෙ හැටියට ආදාන 3 ක් තියෙනවා. ඉතින් මුලින්ම ඒ ආදාන 3 දා ගන්නවා. ඊට පස්සෙ එක එක ද්වාරයෙන් ලැබෙන ප්‍රතිදානයට එක තීරුව ගානේ වෙන් කරගන්න ඕනා. ඊට පස්සෙ තියෙන්නෙ වගුව පුරවගෙන යන්න.

Gate Example 01 Table (www.isawwalanka.com)

අපි තව උදාහරණයක් බලමු.

Gate Example 02 (www.isawwalanka.com)


Gate 02 Table (www.isawwalanka.com)

මේ වගේ වගු පුරවන්න එන්නෙ රචනා ප්‍රශ්න වලට. MCQ වලදි එන්නෙ පරිපථයෙ ආදානය දීල ප්‍රතිදානය හොයන්න. අපි දැන් බලමු ඒ වගේ එකක්.


මේකෙදිත් මුලින්ම එක එක ද්වාරය ඉස්සරහින් ආදානයට ගැළපෙන විදිහට ඒකෙ ප්‍රතිදානය ලියාගෙන යනවා. උඩම තියෙන AND ද්වාරයේ ආදාන 0,1 නිසා ප්‍රතිදානය 0 යි. ඊට පහළින් තියෙන NOT ද්වාරයෙ ආදානය 1 නිසා ප්‍රතිදානය 0 යි. ඒ ද්වාර දෙකේම ප්‍රතිදාන ඉස්සරහ OR ද්වාරයට ආදාන වෙනවා. 0, 0 ආදාන වුණාම ඒ ද්වාරයේ ප්‍රතිදානයත් 0 යි. ඔන්න ඔය විදිහට පිළිවෙළට පුරවගෙන ගියාම අන්තිමට ලේසියෙන්ම උත්තරේ එනවා 1 යි කියලා.

අපි තව ටිකක් සංකීර්ණ උදාහරණයක් බලමු. 

Gate Example 04 (www.isawwalanka.com)

මේ වගේ එකක් ආවොත් ආදාන හොයා ගන්නත් අමාරුයි. ඒ නිසා මුලින්ම ආදාන ටික එක එක ද්වාරය පිටිපස්සෙන් ලියා ගන්න ඕන. මම රතු පාටින් දාල තියෙනවා එහෙම ලියා ගන්න විදිහ. ඊට පස්සෙ කලින් උදාහරණයෙ විදිහටම එකින් එක සම්පූර්ණ කරන් ගිහිල්ලා ලේසියෙන්ම උත්තරේ ගන්න පුළුවන්.

ආදාන, ප්‍රතිදාන විදිහට 0, 1 ම නොදී YES, NO හරි TRUE, FLASE හරි ඒ වගේ වෙන ආදාන 2 ක් වුණත් දෙන්න පුළුවන්. එතකොට ඒ ආදානයට ගැළපෙන විදිහට ප්‍රතිදානය ගන්න ඕන. 

No comments:

Post a Comment