Saturday, October 25, 2014

මෙහෙයුම් පද්ධති විවරණය


  



 එදිනෙදා ජීවිතයේදී විවිධ කාර්යයන් සඳහා පරිගණකයක් භාවිතා කරන ඕනෑම පුද්ගලයෙක් දැනුවත්ව හෝනොදැනුවත්ව අනිවාර්යයෙන්ම පරිගනක මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරයිමෙවන් විවිධ කටයුතු සඳහාපරිගනකයක් භාවිතා කරන පිරිස අතරින් ඉතා විශාල ප්‍රමාණයක් තමන් භාවිතා කරන මෙහෙයුම් පද්ධතිය කුමක්දකියා වත් හරි හැටි නොදන්නා බව ඉතාමත් කණගාටුදායක තත්වයකිමෙම නොදැනුවත් බව දුරු කිරීම උදෙසාපරිගනක මෙහෙයුම් පද්ධතියක් යනු කුමක්ද යන්න සහ එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව ඉතාමත් සරළ අයුරින්පැහැදිලි කරදීම මෙම ලිපියේ අරමුණයි.



පරිගනක මෙහෙයුම් පද්ධතියක් යනු ඉතාමත් සංකීර්ණ පද්ධතියක් බැවින් එක් ලිපියකින් එහිසම්පූර්ණ ක්‍රියාකාරීත්වක පැහැදිලි කිරීම කිසිසේත්  සිදු කල නොහැකසාමාන්‍ය පරිගණක පරිශීලකයෙකුවශයෙන් ඔබේ පරිගනකයේ ස්ථාපනය කර ඇති මෙහෙයුම් පද්ධතිය පිළිබඳව ඔබ අනිවාර්යයෙන්ම දැනගෙනසිටිය යුතුම කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සලකා බලමු


පරිගනක මෙහෙයුම් පද්ධතියක් යනු කුමක්ද?


එදිනෙදා ජීවිතයේදී ඔබට විවිධ වර්ගයේ හැඩයන් සහ ප්‍රමාණයන්ගෙන් යුත් පරිගනක හමු වී ඇතමේ එක් එක්පරිගනක විවිධ සුවිශේෂී ක්‍රියාවන් උදෙසා මෙලෙස විවිධ  ප්‍රමාණයන්ගෙන් නිපදවා තිබේ.

උදා:         Desktop පරිගනක
                Laptop පරිගනක
                Tablet පරිගනක (iPad , Galaxy Tab)
                Smartphone (iPhone, Android සහිත දුරකතන)


ඔබගේ පරිගනකය Desktop පරිගනකයක්, Laptop පරිගනකයක්, Smartphone එකක් හෝ වෙනත් ඕනෑමආකාරයේ පරිගනකයක් වුවත් එය නිර්මාණය වී ඇති  ප්‍රධාන සාධක 2ක් ඇතඑනම් දෘඩාංග සහ මෘදුකාංග වේ(Hardware and Software).

ඔබේ පරිගනකය නිර්මාණය වී ඇති මධ්‍ය සකසන ඒකකය (CPU),  මවු පුවරුව (Mother board), මතක චිප(Memory chip), දෘඩ තැටිය (Hard disk), CD ධාවකයතිරය (Display), යතුරු පුවරුව (Keyboard) වැනිසියලුම ඉලෙක්ට්‍රොනික උපාංග දෘඩාංග හෙවත් Hardware යන වර්ගයට අයත් වේ.

ඔබ පරිගනකය ක්‍රියාත්මක කර  තුල භාවිතා කරන Microsoft Office Word, Excel,  Adobe Photoshop, Media Player, Firefox, Google chrome, Angry Birds, Temple Run, Calculator වැනි වැඩසටහන්සියල්ල මෘදුකාංග හෙවත් Software ලෙස හඳුන්වනු ලැබේ.

දෘඩාංග වලින් සැදුම්ලත් පරිගනකයක් තුල ඔබ මෘදුකාංගයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වේමෙහෙයුම්පද්ධතියක අවශ්‍යතාවය ඇතිවන්නේ මෙවිටයඅප මෙතෙක් සාකච්ඡා කරනු ලැබූ දෘඩාංග සහ මෘදුකාංග අතරඅන්තර් සබඳතාවයක් ඇති කර සමස්ථ පද්ධතිය පාලනයකින් යුතුව ක්‍රියාත්මක කරනු ලබන්නේ මෙහෙයුම්පද්ධතිය (Operating System) මගිනි.  






ඉහත සඳහන් කල Word, Excel, Photoshop, Firefox, Angry Birds, Temple Run වැනි යම්කිසිවිශේෂ  අවශ්‍යතාවයක් උදෙසා අප භාවිතා කරනු ලබන මෘදුකාංග “යෙදුම් මෘදුකාංග” (Application Softwareහෙවත් Apps) ලෙස හඳුන්වනු ලබයිමෙහෙයුම් පද්ධතියක්  එක්තරා ආකාරයක මෘදුකාංගයක්  වන අතර එයApp එකකට වඩා ඉතා සංකීර්ණ වූ ක්‍රමලේඛනයකිමෙහෙයුම් පද්ධතිය නිර්මාණය කර ඇත්තේ සමස්ථපරිගනක පද්ධතියේම ක්‍රියාකාරීත්වය නිසි ලෙස පවත්වාගැනීමට  නිසා මෙහෙයුම් පද්ධතිය “පද්ධතිමෘදුකාංගයක්” (System Software) ලෙස හඳුන්වයි.



විවිධ මෙහෙයුම් පද්ධති වර්ග හඳුනාගනිමු



පුද්ගල පරිගනකයක් (personal computer) භාවිතා කරන ඔබට බෙහෙවින්ම හුරුපුරුදු මෙහෙයුම් පද්ධතියMicrosoft Windows විය හැකිය. Windows XP , Windows 7 , Windows 8 වැනි විවිධ සංස්කරණ ගැන ඔබඅසා ඇතිනමුත් Windows යනු තවත් එක් සමාගමක් මගින් නිපදවන මෙහෙයුම් පද්ධතියක් පමණිපරිගනකලෝකය තුල මෙවන් විවිධ වූ මෙහෙයුම් පද්ධති විශාල ප්‍රමාණයක් විවිධ අරමුණු උදෙසා භාවිතා කරයිමේවාඅතරින් ජනප්‍රි මෙහෙයුම් පද්ධතීන් කිහිපයක් පිළිබඳව තොරතුරු විමසා බලමු.

  • Windows
  • Ubuntu
  • Mac OS
  • iOS
  • Android





Windows මෙහෙයුම් පද්ධතිය



ලොව පුරා විශාල ලෙස ව්‍යාප්ත වී ඇති පුද්ගල පරිගනක (Personal Computer) මෙහෙයුම් පද්ධතියකි. Microsoft සමාගමේ නිෂ්පාදනයක් වනමෙය මුදල් ගෙවා ලබාගතහැකි ප්‍රකාශන හිමිකම් සහිත මෙහෙයුම් පද්ධතියකි. Windows තුල ඇති ඉතා ආකර්ෂනීයභාවිතයට පහසු පරිශීලක අතුරු මුහුනත්(user interface) මෙය ලොව පුරා බෙහෙවින් ජනප්‍රි වීමට එක් හේතුවක් වීඇත.

1985 වසරේදී MS-DOS මෙහෙයුම් පද්ධතියෙන් ආරම්භව අද වනවිට ලොව පුරා අති විශාල පරිගනකසංඛ්‍යාවක් තුල ස්ථාපිතව ඇති ජනප්‍රියම මෙහෙයුම් පද්ධතියක් බවට Windows මෙහෙයුම් පද්ධතිය පත්වී ඇත. Window 7 මේ වනවිට නිකුත් වී ඇති ජනප්‍රියම සහ වඩා ස්ථාවට සංස්කරණයක් ලෙස හැඳින්වියහැකි අතරWindow 8 යනු දැනට නිකුත් වී ඇති නවතම සංස්කරනයයිබොහොමයක් Desktop හා Laptop පරිගනක තුලභාවිතා වේ

මීට අමතරව ජංගම දුරකතන, Tablet පරිගනක වැනි ජංගම උපාංග සඳහා Windows mobile නමින් සංස්කරණනිපදවන අතර Server පරිගනක සඳහා Microsoft Windows Server නමින් සංකරණයන් නිෂ්පාදනය කරයි.



 
Windows 7 Desktop










Windows 8 Start Screen




















Ubuntu මෙහෙයුම් පද්ධතිය



Ubuntu යනු linux පාදක මෙහෙයුම් පද්ධතියකි. ( Linux පිළිබඳව මෙම ලිපියතුල දීර්ඝ  සාකච්ඡා කිරීම තරමක් අපහසු බැවින්  පිළිබඳව වෙනත් ලිපියකින්සලකා බලමු.)

මෙය සම්පූර්ණයෙන්  නොමිලයේ ලබා දෙන විවෘත කේත මෙහෙයුම් පද්ධතියක් (Free and Open source operating system) වන අතර Windows මෙහෙයුම් පද්ධතියත් සමග ඉතා හොඳ තරඟයක් ඇති කරගනිමින්ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වන ප්‍රභල linux පාදක මෙහෙයුම් පද්ධතියක් ලෙස හැඳින්වියහැක. 2012 වසරේසමීක්ෂන වාර්තා අනුව Ubuntu යනු desktop හා laptop පරිගනක සඳහා ලොව ජනප්‍රියතම linux පාදකමෙහෙයුම් පද්ධතිය බවට හඳුනාගෙන තිබේ.

Ubuntu මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කරනු ලබන්නේ දකුණු අප්‍රිකානු ව්‍යවසායකයෙකු වන Mark Shuttleworth විසින් ආරම්භ කරනලද Canonical සමාගම විසිනිඔවුන් මෙම මෙහෙයුම් පද්ධතියපරිශීලකයින් වෙත සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබාදෙන අතර එහි කේතයද අවශ්‍ය නම් ලබාදේඕනෑමපරිගනක ක්‍රමලේඛකයෙකුට එම කේතය ලබාගෙන අවශ්‍ය පරිදි වෙනස්කම් සිදු කිරීමට අවස්ථාව සලසා දී තිබීමසහ පිටපත් කිරීමේ සහ බෙදාහැරීමේ නිදහස මෙම මෙහෙයුම් පද්ධතිය Windows මෙහෙයුම් පද්ධතියටසාපේක්ෂව දක්වන සුවිශේෂී ගුනාංගයකි.

මේ වනවිට Android සහිත ජංගම දුරකතන සඳහා Ubuntu mobile සංස්කරණයක්  ඇත

මෙසේ නොමිලයේ ලබාදීම මගින Canonical ආයතනය පවත්වාගෙන යාමට අවශ්‍ය මුදල් උපයාගන්නේකෙසේදැයි දැන් ඔබට ගැටළුවක් මතු වනු ඇතඔවුන් මුදල් උපයන්නේ එම පරිශීලකයින් වෙත පද්ධතියස්ථාපනයෙන් පසු අවශ්‍ය වන විවිධ තාක්ෂණික සේවා සැපයීමෙනි.

http://www.ubuntu.com/download වෙබ් අඩවියෙන් ඔබට Ubuntu මෙහෙයුම් පද්ධතිය නොමිලයේ භාගතකරගතහැකි අතර

http://www.ubuntu.com/tour/ මගින් ඔබට ඔබගේ web browser මෘදුකාංගය හරහාම Ubuntu මෙහෙයුම්පද්ධතියේ හැඩරුව පිළිබඳ යම් අවබෝධයක් ලබාගතහැක.


Ubuntu Desktop






Mac OS මෙහෙයුම් පද්ධතිය



Mac OS යනු තවත් ඉතා ආකර්ෂනීය සහ කාර්යක්ෂම මෙහෙයුම් පද්ධතියකි.එහි ඇති ඉතා අලංකාර පරිශීලක අතුරු මුහුනත් (user interface) මෙමරිශීලක ආකර්ෂණය තවතවත් ඉහල යාමට හේතු වී ඇත. Mac OS මෙහෙයුම්පද්ධතිය Apple සමාගමේ නිශ්පාදනයක් වන අතර Apple Macintosh පරිගනකතුල භාවිතා කරයි. Mac OS හි ආරම්භයටත් 1980 දශකය තෙක්  දිව යන අතීතයක් ඇත.

මෙම මෙහෙයුම් පද්ධතිය ලබාදෙන්නේ Apple පරිගනක සමග පමනක් බැවින් Mac OS මෙහෙයුම් පද්ධතියභාවිතා කිරීමට නම් ඔබට අනිවාර්යයෙන්ම Apple පරිගනකයක් මිලදී ගැනීමට සිදු වනු ඇතනවතමසංස්කරනය OS X ලෙස නම් කර ඇත.


Mac OS Desktop







 

Android මෙහෙයුම් පද්ධතිය



Android යනු වර්ථමානයේ ඔබ අප බහුලවම භාවිතා කරන වචනයක් වී ඇත.නමුත් Android යන වචනය භාවිතා කරන බොහෝදෙනා එය භාවිතා කරන්නේඑහි නියම අරුත පිළිබඳ නිසි අවබෝධයකින් තොරව . Android යනු ජංගමදුරකතන මෙහෙයුම් පද්ධතියක් ලෙස සරළවම හඳුන්වාදිය හැක.

Android මෙහෙයුම් පද්ධතිය නිපදවීම හා සංවර්ධනය කිරීම අප කවුරුත් හොඳින් හඳුනන Google සමාගමමගින් සිදු කරන අතර Android මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වූ මුල්ම ජංගම දුරකතනය වෙලඳපොලටපැමිණියේ 2008 වසරේදී එතැන් පටන් විවිධ කඩයිම් පසු කරමින් ක්‍රමයෙන් වැඩිදියුනු වූ Android අද වනවිටලොව ජනප්‍රියතම ජංගම දුරකතන මෙහෙයුම් පද්ධතිය වී හමාර .

Linux පාදක නිදහස් හා විවෘත කේත (Free and Open Source) මෙහෙයුම් පද්ධතියක් වන Android අදවනවිට ලොව පුරා ජංගම දුරකතන වෙළඳපොලෙන් 50% වැඩි ප්‍රතිශතයක් ආක්‍රමණය කරමින් ඉතාසාර්ථකව ව්‍යාප් වෙමින් පවතීජංගම දුරකතන පමණක් නොව tablet පරිගනග වැනි වෙනත් ජංගම උපාංග(Mobile devices) සඳහාද අද වනවිට මෙම මෙහෙයුම් පද්ධතිය ඉතා සාර්ථකව භාවිතා කරයි.

Android මෙහෙයුම් පද්ධතියේ විවිධ සංස්කරණ සඳහා භාවිතා කරන නාමකරණය  තුල දක්නට ලැබෙන තවත්සිත් ඇදගන්නා ලක්ෂණයකිඑහි විවිධ සංස්කරණයන් පහත පරිදි නම් කර ඇත.

  • 1.5 Cupcake
  • 1.6 Donut
  • 2.0/ 2.1 Éclair
  • 2.2 / 2.2.3 Froyo
  • 2.3 / 2.3.7 Gingerbread
  • 3.0 / 3.2.6 Honeycomb
  • 4.0 / 4.0.4 Ice Cream Sandwich
  • 4.1 / 4.3 Jelly Bean



ඉහත ආකාරයට රසවත් ආහාර වල නම් වලින් මෙම මෙහෙයුම් පද්ධතියේ විවිධ සංස්කරණ නම් කර ඇති අතරඉදිරියේදී (2013 October)   නිකුත් කිරීමට බලාපොරොත්තු වන නවතම 4.4 සංස්කරණය අප කවුරුත් ඉතා ප්‍රිකරන Kit-Kat නමින් නම් කර ඇත.

අද වනවිට Samsung, Sony, Huawei, LG වැනි බොහොමයක් ජංගම දුරකතන නිශ්පාදන සමාගම් Androidමෙහෙයුම් පද්ධතිය සමග අත්වැල් බැඳගෙන සිටින අතර Android යනු සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබාදෙනමෙහෙයුම් පද්ධතියක් වීමද එය මෙතරම් ජනප්‍රියත්වයට පත්වීමට හේතු වී ඇත.




 
Android 4.0.4 ICS Homescreen










iOS මෙහෙයුම් පද්ධතිය



මෙය Apple සමාගමේ නිශ්පාදනයක් වන අතර iPhone, iPod, iPad, Apple TV වැනි Apple නිශ්පාදන සමග ලබාදෙන මෙහෙයුම් පද්ධතියකි. Android, Windows mobile මෙන් නොව මෙම මෙහෙයුම් පද්ධතිය ලබාගතහැක්කේApple නිශ්පාදනයක් සමග පමණි.

Apple නිශ්පාදන සමග පමණක් ලබාදෙන නිසා මෙම මෙහෙයුම් පද්ධතිය Android තරම් වේගයෙන් ව්‍යාප්තනොවුනත් ලොව පුරා ජංගම දුරකතන මෙහෙයුම් පද්ධති අතුරින් 40% පමන කොටසක් අයත් කරගෙන සිටී.සරළ අතුරුමුහුනත් නිසා භාවිතයට ඇති පහසුවත්ඉතා ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාවත් නිසා iOSයනු ප්‍රභල ජංගම දුරකතන මෙහෙයුම් පද්ධතියක් ලෙස හැඳින්විය හැකිය.

කෙසේ වෙතත් මෙය Android මෙන් නොමිලයේ ලබා දෙන මෙහෙයුම් පද්ධතියක් නොවන අතර ප්‍රකාශණහිමිකම් සහිත වානිජ මෙහෙයුම් පද්ධතියකි.

iOS 6 Homescreen




මෙහෙයුම් පද්ධතියක් සතු කාර්‍‍යභාරය


ඉහත සඳහන් කල ආකාරයේ Windows, Ubuntu, Mac OS වැනි පුද්ගල පරිගනක මෙහෙයුම් පද්ධතියකින්වුවත් Android, iOS වැනි ජංගම දුරකතන මෙහෙයුම් පද්ධතියකින් වුවත් අපේක්ෂා කරන ප්‍රධානතම අරමුණුකිහිපයක් සලකා බලමු.

මෙහෙයුම් පද්ධතියේ ප්‍රධානතම කාර්යයභාරය වනුයේ පරිගනකය ක්‍රියාත්මක කල අවස්ථාවේ සිට එය  ක්‍රියාවිරහිත කරන තෙක්  පරිශීලකයාගේ අවශ්‍යතාවය අනුව විවිධ යෙදුම් මෘදුකාංග (Apps) සහ දෘඩාංග උපකරණ(Hardware devices) උපරිම කාර්යක්ෂමතාවයකින්  ක්‍රියාත්මක කරවීම මගින් පරිශීලක අවශ්‍යතා මනාව ඉටුකර දීමයි.

මීට අමතරව භාවිතයට පහසු වන ආකාරයේ අතුරු මුහුනත් (interface) ලබාදීමපරිශීලක දත්ත ආරක්ෂා කිරීම,දෘඩාංග කලමණාකරනය කිරීමදෘඩ තැටිය තුල දත්ත ගබඩා කිරීම හා අවශ්‍ය අවස්ථාවන් වලදී එම දත්ත ආපසුලබාගැනීමපරිගනගයේ ඇති මතකය කලමණාකරනය (memory management), වැනි කාර්යයන්ද මෙහෙයුම්පද්ධතිය  පැවරේ.

ක්‍රියාකාරීත්වය අනුව මෙහෙයුම් පද්ධතියක් කොටස් කිහිපයකට වර්ගීකරණය කර දැක්වියහැක.

ඒක පරිශීලක - ඒක කාර් (Single user – Single tasking)
ඒක පරිශීලක - බහු කාර් (Single user –Single tasking)
බහු පරිශීලක - ඒක කාර් (Multi user – Single tasking)
බහු පරිශීලක - බහු කාර් (Multi user – Multi tasking)


මේවා අතුරින් “ඒක පරිශීලක - ඒක කාර්” මෙහෙයුම් පද්ධති යනු ඉතා පැරනි මෙහෙයුම් පද්ධතීන් වේමේවාමගින් එක් වරකට එක් පරිශීලකයෙකුට එක් කාර්යක් පමනක් සිදු කලහැකි වේ.


වර්ථමාන පුද්ගල පරිගනක හා ජංගම දුරකතන වල බෙහෙවින් භාවිතා වන්නේ “ඒක පරිශීලක - බහු කාර්මෙහෙයුම් පද්ධතීන් වේඑක් පරිශීලකයෙකුට එක් වරකට විවිධ ක්‍රියාවලීන් කිහිපයක් සිදු කල හැක.උදාහරණයක් ලෙස media player එකක් මගින් සංගීතයට සවන් දෙමින් web browser එකක් භාවිතා කරඅන්තර්ජාලයට පිවිසීම දැක්වියහැකමෙය Multi-tasking ලෙස හැඳින්වේ.

මෙම ආකාරයේ පද්ධති තුල තිබියයුතු ප්‍රධානතම ගුනාංගය වනුයේ ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රියාවලි සියල්ලපාලනය කිරීම සහ මධ්‍ය සකසනයේ (processor) උපරිම ඵලදායීතාවයක් ලැබෙන පරිදි එම ක්‍රියාවලීන්පෙලගැස්වීමයි (Process scheduling). 

බහු පරිශීලක - ඒක කාර්” සහ “බහු පරිශීලක - බහු කාර්” මෙහෙයුම් පද්ධති ක්‍රියාත්මක වන්නේ තරමක්විශාල පරිගනක පද්ධති තුලය.විශාල පරිශීලකයින් පිරිසකට එකවර පද්ධතියට සම්බන්ධ  වීමට ඇති  හැකියාවමෙම පද්ධති වල ඇති විශේෂ ලක්ෂණයකිවිවිධ ආයතන තුල ඇති සේවා දායක පරිගනක (server), ලොව පුරාවිසිරී ඇති වෙබ් සේවාදායක පරිගනක (web server) උදාහරන ලෙස දැක්වියහැක.


(විවිධ නිර්නායකයන් මත මෙහෙයුම් පද්ධතියක් තවදුරටත් වර්ගීකරණය කලහැකි නමුත්  සියල්ල මෙම ලිපියතුලින් ආවරනය කිරිම අපහසු බැවින් ඒවා මෙම ලිපිය තුලින් සාකච්ඡා නොකොරේ)




32 bit සහ 64 bit අතර වෙනස හඳුනාගනිමු


පරිගනකයක් භාවිතා කරන බෝහෝ දෙනෙකුට ඇති තවත් විශාල ගැටළුවකි 32bit සහ 64bit  මෙහෙයුම්පද්ධති අතර වෙනස!

ඉහත සඳහන් කල සියළු පුද්ගල පරිගනක(PC) මෙහෙයුම් පද්ධති 32bit සහ 64bit යන සංස්කරණ දෙකෙන්මලබාගතහැකි අතර ඔබේ  පරිගනකයකට ස්ථාපනය කලයුතු මෙහෙයුම් පද්ධතිය 64bit එකක්ද  32bit එකක්දයන්න තීරණය කරනු ලබන්නේ එම පරිගනකයේ ඇති මධ්‍ය සකසන ඒකකය (CPU) එසේත් නැතිනම් අප හොඳින් දන්නා processor එක සහ අනෙකුත් දෘඩාංග මගිනිඑනම් ඔබේ පරිගනකයේ processor එක32bit processor එකක් නම් ඔබ පරිගනකයට ස්ථාපනය කලයුත්තේ 32bit මෙහෙයුම් පද්ධතියකිඔබ සතුවඇත්තේ 64bit processor එකක් නම් ඔබට 32bit හෝ 64bit යන මෙහෙයුම් පද්ධති වර්ග දෙකෙන් ඕනෑමඑකක් ස්ථාපනය කලහැකි අතර වඩාත් සුදුසු වන්නේ 64bit මෙහෙයුම් පද්ධතියයි.

32bit processor එකක් සහිත පද්ධතියකට ඔබට කිසි විටෙකත් 64bit මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කලනොහැකි අතර ස්ථාපනය කලහැක්කේ 32bit මෙහෙයුම් පද්ධතියක් පමණි.

64 bit  processor එකක් සහිත පද්ධතියකට නම් ඔබට 32bit සහ 64bit යන මෙහෙයුම් පද්ධති දෙකෙන්ඕනෑම වර්ගයක් ස්ථාපනය කලහැකි නමුත් 64bit පද්ධතියකට 32bit මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කිරීමෙන්පද්ධතියේ උපරිම කාර්යක්ෂමතාවය ලබාගත නොහැක.

32bit සහ 64bit යන සංස්කරණ දෙකෙහි ඇති  සාමාන් පරිශීලකයෙකු වෙත දැනෙන ප්‍රධානතම වෙනසක්වන්නේ 32bit මෙහෙයුම් පද්ධතියක් තුල භාවිතා කලහැකි උපරිම භෞතික මතක ප්‍රමාණය (RAM) 4GB සීමා වීමයිනමුත් වර්ථමානයේ භාවිතා වන බොහොමයක් යෙදුම්  මෘදුකාංග සඳහා 4GB RAMධාරිතාවය ප්‍රමාණවත් නොමැත. 64bit පද්ධතියක් වෙත මාරු වීම මගින් මෙම ගැටළුව නිරාකරණය කරගතහැකිඅතර එවිට එම සීමාව ඉතා ඉහල මට්ටමකට ඉහල නංවාගතහැක.

මීට අමතරව ඔබ 32bit පද්ධතියකට 64bit පද්ධතියක් මගින් සිදු කරන සැකසුම්  ප්‍රමාණය වැඩි බැවින් ඔබට64bit පද්ධතියක වේගය තරමක් වැඩියනමුත් 64bit දෘඩාංග සහිත පද්ධතියකට 32bit මෙහෙයුම් පද්ධතියක්ස්ථාපනය කිරීම මගින් පද්ධතියේ උපරිම ක්‍රියාකාරීත්වය ලබාගත නොහැකි වේ.

වර්ථමාන වෙළඳපොලේ ඇති සියළු multi-core processor සහිත පරිගනක 64bit දෘඩාංග පද්ධතියක් ඇති ඒවාබැවින් එම පරිගනක තුලට 64bit මෙහෙයුම් පද්ධතියක්  ස්ථාපනය කරගැනීමට සැලකිලිමත් වන්න.

No comments:

Post a Comment